ආර්ථික වටිනාකම හැඳින කොස් වවන්න | සිළුමිණ

ආර්ථික වටිනාකම හැඳින කොස් වවන්න

 ශ්‍රී ලංකාවේ ආදායම් උපදවන ප්‍රධාන තම වැවිලි ලෙස පොල් - තේ - රබර් හැඳින්වෙන අතර දුප්පතාගේ කුස නිවන කොස් ගස ද අද ප්‍රධාන වැවිල්ලක් ලෙස හැඳින්විය හැකි ය. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැඩෙන කොස් ගසෙන් එදා වගේ ගස මුල වැටී කුණුවී, යන තත්ත්වයක අද නොමැත. වෙළඳපොළේ අද කොස් ගෙඩියට ඇත්තේ ආර්ථික වටිනාකමකි. කොස් - නොහොත් හෙරලි දිව’ගට රස ගුණ ගෙන දෙන කාටත් කෑමට රුචිය වඩවන ආහාරයකි. කොස් ගෙඩිය පැහෙන්න ඉස්සර පැහි නමින් හැඳින්වෙන කාලයේදී රසගුණ මාළුවකි. කොස් ගෙඩිය - පොලොස් නමින් හැඳින්වෙන කාලයේදී පොලොස් ලෙසින් හැඳින්වෙන මැල්ලුමකි. කොස් ගෙඩිය හොඳට පැහුනම කහ අත්ත වගේ පාටට තිබියදී කියා නිම කළ නොහැකි රස ගුණ පිරි ආහාරයකි. පොල් ගසින් ලැබෙන ප්‍රයෝජනය වගේ ම කප් රුක නම් ලත් කොස් ගස ද මිනිසාට හැම අයුරකින් ම ප්‍රයෝජනය ගෙන දෙයි. කොස් ගස මනා ලෙස මෝරා වැඩුණු පසු ගේ දොර ගොඩ නැගීමට පළවන පංතියේ දැව වර්ගයක් ලෙස මිනිසාගේ එදිනෙදා ගෘහ නිර්මාණයන්වලට ප්‍රයෝජනවත් වන අතර, කොස් දලු තම්බා ගත් කළ දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. කොස් කොළ එළුවන් ගේ - හා හරකුන්ගේ ආහාරයකි.

වැල - වරකා නම් කොස් ඉඳුණු පසු ඉතාමත් මිහිරි පලතුරක් ද වේ. හොඳට ඉදුණු වැල වරකා අද නව තාක්ෂණයත් සමඟ ටින්වල අසුරා පිටරට යවන ආර්ථිකය ගෙන දෙන ව්‍යාපාරයකි. ඒ වගේ ම ඇට තම්බා පොල් සමඟ රස කර කර තලු මැරිය හැකි ව්‍යාංජනයකි.

ශරීර සෞඛ්‍යය වඩවන කොස්වල ඇති අධික තන්තුමය බව ශරීරයට ඉතා හිතකරය. එලෙසම කට දිව පිනවන රසයෙනුත් - සුවඳත් නිසා කෑම රුචිය වඩවයි. වැල වරකා හොඳට ඉදුණු විට මිහිරි පලතුරකි. කොස් නොහොත් හෙරලි වැල වරකා අපට ලංකාවේ බහුල ලෙස දැකිය හැකි ය. එමෙන් ම ඉන්දියාව, බංගලිදේශය වැනි අසල්වාසී රටවල බහුලව දැකිය හැක.

කොස්වල පිෂ්ඨ හා තන්තුමය ස්වාභාවය බහුලව ඇත. එමෙන් ම අධික ලෙස විටමින් A සහ විටමින් C, තයමින්, පොටෑසියම්, කැල්සියම්, රිබෝෆලෙවින්, යකඩ, නියැසින් හා සින්ක් යන විටමින් හා ඛණිජ ලවණ ද අඩංගු ය. තවද කැලරි ප්‍රමාණයෙන් අඩු බැවින් හෘද රෝගීන් සඳහා බෙහෙවින් හිතකරය.

(ප්‍රධාන කොට කොස් පලයේ ඇති සංඝටක නිසා සෞඛ්‍යයට හිතකර කරුණු 10 ක් නම් කළ හැකිය.)

1. හෘද රෝග සෑදීමේ ප්‍රවණතාව අවම කිරීම සඳහා බෙහෙවින් උපකාර වන්නේ මෙහි ඇති පොටෑසියම් අයන හේතුවෙන් රුධිර පීඩනය අඩු වීම.

2. ශරීරයේ රුධිර සංසරණය මනා අයුරින් සිදු කිරීමටත් රක්තහීනතාවය අඩු කිරීමට මෙහි අඩංගු යකඩ අයන බෙහෙවින් බලපෑම.

3. පපුව මහන්සිය/ හතිය රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා, කොස් මුල දිව්‍යමය ඖෂධයකි. කොස් මුල තම්බා ගත් වතුරත් කොස් ගෙඩි මිරිකා ලබාගන්නා ශ්‍රාවයත් පානය කිරීමට දීමෙන් ඇඳුම රෝගය පාලනය වෙයි.

4. අපගේ තයිරොයිඩ් ග්‍රන්ථයේ නිරෝගිතාවය නිසා කොස් ගෙඩියේ සංඝටක උපකාරිවේ. තයිරොයිඩ් ග්‍රන්ථයේ මනා ක්‍රියාකාරිත්වය සඳහා මෙහි ඇති ඛණිජ ද්‍රව්‍යන් විශේෂයන් තඹ සාන්ද්‍රණයන් ඉතා බලපායි. එමෙන් ම හෝමෝන නිෂ්පාදනයට ද අවශෝෂණයටත් මෙය අත්‍යාවශ්‍යය.

5. අස්ථි පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වය සඳහා ද කොස්වල ඇති සංඝටක අතිශය ප්‍රයෝජනවත් ය. බෙහෙවින් කුඩා දරුවන් වැඩෙන අවදියේ නිරෝගිමත් අස්ථි පද්ධතියක් සඳහා බෙහෙවින් උපකාර වේ. මෙහි අන්තර්ගත මැග්නේසියම් ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග සෑදීම වළකී. මේ අතර කොස් දලු තේ වතුර වගේ තම්බා පානය කිරීම දියවැඩියා රෝගය සුව කරයි.

6. කොස් අනුභවයෙන් විටමින් අධික කරයි. විශේෂයෙන්ම විටමින් C හා විටමින් A අඩංගු ය. මේ හේතුවෙන් අප ශරීරයට ප්‍රතිශක්තිකරණය වඩවයි. වෛරස් රෝග අවම කරවයි.

7. එමෙන් ම විටමින් C අඩංගුව ‘ෆයිබෝ රසායනය’ සංඝටක නිසා සිරුරේ ඇති පිළිකාජනක ව්‍යුහයන් ඉන් බැහැර කරයි. සෛල බිඳ හෙළීමේ ක්‍රියාවලිය අවම කරයි. කොස් ආහාරයෙන් ශරීරයේ පිළිකා මර්දනය වී, තාරුණ්‍ය පෙනුමක් ලබයි.

8. මෙහි බහුලව ඇති ප්‍රක්ටොස් හා සුක්රෝස් සීනි නිසා ශක්තිජනක ආහාරයකි. මෙය සත්‍ය වශයෙන් ම මේදය නොමැති කොලෙස්ටරෝල් නැති ආහාරයකි.

9. විශේෂ සිද්ධිය නම් ආහාර ජීර්ණ පද්ධතියේ වැළඳෙන රෝග සඳහා අනර්ඝ ඔසුවකි. අමිල පිත්ත ප්‍රදාහය මීට නිදසුනකි. මනා ලෙස මළ පිටවීම සිදු කරයි.

10. කොස් අනුභවයෙන් අපගේ ඇස් සහ සම සඳහා ද යහපත් බලපෑමක් සිදු කරයි. ඇසේ මාංශපේෂී දුර්වලතා මග හැරේ.

ඈත අතීතයේ සිටම අපේ ගැමි ජනතාව කොස් නොහොත් හෙරළි පරිභෝජනය කළේය. ඇතැම්හු බත් වෙනුවට කොස් අනුභව කළහ. ශ්‍රී ලංකාව වගේ ම ආසියාවේ බොහෝ රටවල කොස් ප්‍රධාන ආහාරයක් කරගති. කේරළය ප්‍රදේශය, වියට්නාමය, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල් කොස් නොයෙක් ආකාරයට කොස් අපනයනය කිරීමෙන් විශේෂ විදේශීය විනිමය උපයයි. වසරකට පොලොස් මෙට්‍රික් ටොන් පනස් දහසක් අපනයනය කරනු ලැබේ. අද වියට්නාමයේ හෙක්ටයාර් දස දහසක කොස් වගා කර තිබේ. එමෙන් ම විජලනය කරන නොයෙක් ආකාර කොස් අද වෙළෙඳපොළේ ඉහළ මට්ටමක පවතී. අද යුරෝපා රටවලට පවා හොඳ ඉල්ලුමක් ඇති කොස් අද ශ්‍රී ලංකාවේ 70% ක් පමණ නාස්තිවේ.

අවාසනාවක මෙන් අද අපේ රටේ කොස් පරිභෝජනය අඩුවෙමින් පවතී. මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ විවෘත ආර්ථිකයත් සමඟ අපේ රටේ තරුණ තරුණියන් රැකී රක්ෂාවල ඉහළ තලයේ රැකියාවල නියැළීමත් මෙන් ම රස මුසු විදේශීය ආහාරවලට ඇබ්බැහිවීමත් ය.

කොස් පිසූ ආහාරයක් මෙන් ම පමණ නොව, විවිධ කෑම වර්ග මෙන් ම ප්‍රණීත සිරප් සහ වයින් වර්ග ද කොස්වලින් සාදා ගත හැකිය‍.

අපගේ එදිනෙදා සම්ප්‍රදායික ආහාරයන්ගෙන් ඈත්වී පාන් පිටිවලින් නිෂ්පාදනය කරන ලද ආහාර හා කුකුළු මස් - බිත්තර සහ අනෙකුත් මස් වර්ගවලින් නිපදවන ආහාර අද පරිභෝජනයට හුරුවීම නිසා අද සමාජයේ බහුතරයක් විවිධ නොයෙක් ඇතැම් විට මරණාසන්න රෝගයනට පවා ලක්වී ඇති බැව් අප රෝහල්වල දස දහස් ගණන් බෙහෙත් ගැනීමට එන රෝගීන්ගෙන් මනාව ඔප්පු වෙයි.‍

ලෙස්ලි පෙරේරා
ජා - ඇල මධ්‍යම

රුහුණ , ජේරා‍ෙදණිය, සබරගමුව, රජරට, වයඹ කෘෂි පීඨවලට ඇරැයුම්
රන්බිම, සිළුමිණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ 10. ([email protected])

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.