චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ රිනවුන් පෙරමුණේ | සිළුමිණ

චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ රිනවුන් පෙරමුණේ

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ දහ වැනි සති අන්තය නිමාවන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රිනවුන් කණ්ඩායම සමත්ව සිටින්නේ කොළඹ කණ්ඩායමට එරෙහිව එක් ලකුණක පරතරයකින්ය. දෙපිල මේ වන විට තරග දහය බැගින් ක්‍රීඩාකර තිබෙන අතර තරග හත බැගින් ජය ගැනීමට සමත්ව තිබේ.

රිනවුන් කණ්ඩායම මේ තරග දහය තුළ ජයග්‍රහණ හතක් වාර්තාකරගෙන ඉතිරි තරග තුන ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත්ව තිබේ. කොළඹ කණ්ඩායම එක් තරගයක් පරාජය වී තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.

ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ගුවන් හමුදා කණ්ඩායමට හිමිව ඇති අතර ඔවුන් ප්‍රසාද ලකුණු 20 ක් හිමිකර ගෙන තිබේ. නිව් යංග්ස් සහ සොලිඩ් කණ්ඩායම් සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගෙන තිබේ.

මෙවර තරගාවලියට කණ්ඩායම් 16 ක් තරග කරයි. පසුගිය වසරේ සහ ඊට එපිට වසරේ පිට පිට ශූරතාව හිමිකර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය. මෙකී තරග ඉතිහාසයේ වැඩිම වාර ගණනක් චැම්පියන්ස් ලීග් ශූරතාව දිනා ගැනීමට සොන්ඩර්ස් කණ්ඩායම සමත්ව තිබේ. ඒ දොළොස්වතාවකි. ඊට අමතරව රත්නම් පස් වතාවක් සහ රිනවුන් සිවුවතාව බැගින් චැම්පියන්ස් ලීග් ශූරතාවට හිමිකම් කියයි.

 

Comments