19 පහළ ආසියානු ක්‍රිකට් කිරුළ මෙවර කාටද? | සිළුමිණ

19 පහළ ආසියානු ක්‍රිකට් කිරුළ මෙවර කාටද?

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද මලයාසියාවේ දී පැවැත්වෙයි.

අවසන් පූර්ව තරග සඳහා බංග්ලාදේශය සහ පාකිස්තානය සමඟත්, ඇෆ්ගනිස්ථානය - නේපාලය සමඟත් තරග කළේය. මෙම තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් අද අවසන් මහා තරගයට ක්‍රීඩා කරයි.

පසුගිය වසරේ පැවැති තරගාවලියේදී ශූරයන් හා අනුශූරයන් වූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ තීරණාත්මක තරගවලදි පරාජය විය.

ආසියානු වයස අවුරුදු 19 පහළ තරගාවලියට මෙවර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, මලයාසියාව, නේපාලය, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්විය.

ඒ කාණ්ඩයෙන් තරග කළ බංග්ලාදේශය අපරාජිතවම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර නේපාලය තරග දෙකක් ජය ගනිමින් අනෙක් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේය. පසුගිය වසරේ ශූරයන් වූ ඉන්දියාවට මූලික වටයේ ජය ගැනීමට හැකි වූයේ මලයාසියාව සමඟ තරගය පමණි.

බී කාණ්ඩයෙන් තරග කළ ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය තරග දෙක බැගින් ජය ගත් නමුත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සමත්වීම නිසා ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදු විය. ශ්‍රී ලංකාව කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ මෙවර තරග කළේය.

Comments