මානව හිමිකම් ආරක්ෂාව ගැන ප්‍රසාදය | සිළුමිණ

මානව හිමිකම් ආරක්ෂාව ගැන ප්‍රසාදය

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී විදේශ රටවල් අනූවක් සිය ප්‍රසාදය පළ කළ බවත් මෙහිදී ජගත් මානව හිමිකම් සංවිධානයේද ප්‍රසාදය ශ්‍රී ලංකාවට හිමි වූ බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ.

ඒ පිළිබඳව ජගත් මානව හිමිකම් මණ්ඩලයේ කරුණු දක්වමින් ඒ මහතා, “අපි මෙම සැසියට සහභාගි වී සිටින්නේ එක්ව වැඩ කිරීමට. උද්යෝගයෙන් යුතුව අප රටේ මෙන්ම මුළු මහත් ලෝකයේම මානව හිමිකම් ආරක්ෂා කිරීමට. අපි සෑම පාර්ශ්වයකම අදහස්වලට සවන් දෙන්න සූදානමින් සිටිනවා. දෝෂාරෝපණවලටත් සවන්දෙන්න අපි සූදානම්. එමඟින් අපිට අපේ ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට වඩාත් පහසු වෙනවා. අපේ රටේ සංහිඳියාව සුරැකීම අතින් ඉතාම සෞභාග්‍යවත් රටක් ලෙස සෑම පුද්ගලයකුගේම අයිතිය ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා. ලෝකයේ සෑම රටක්ම පාහේ විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. එසේ අභියෝග නොමැති රටවල් ලෝකයේ නැහැ. මානව හිමිකම් වර්ධනය කිරීම හා ඒවා ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය අපි නොනවත්වාම ඉදිරියටත් කරගෙන යනවා. ඒ වගේම ජනතාව තුළ මානව හිමිකම් පිළිබඳ ධනාත්මක සිතුවිලි ඇති කිරීමට ඊට අවශ්‍ය දැනුම ලබාදෙන්නට අපි පියවර අරන් තියෙනවා. එලෙස ධනාත්මක සිතුවිලි ඇති කිරීම මගින් රටේ සෑම පුරවැසියකුටම වාසි රැසක් අත් වනවා‘‘ යැයි පැවසීය.

Comments

පිටු