'ඉඳු­වර නූ පුර'නර්ථන ප්‍රසං­ගය කරා­පි­ටිය වෛද්‍ය පීඨ ශ්‍රව­නා­ගා­ර­යේදි | සිළුමිණ

'ඉඳු­වර නූ පුර'නර්ථන ප්‍රසං­ගය කරා­පි­ටිය වෛද්‍ය පීඨ ශ්‍රව­නා­ගා­ර­යේදි

 ශ්‍රි ලංකා පිළිකා සංගමයේ ගාල්ල ශාඛාවේ නව ව්‍යාපෘතියක් වන අලුතෙන් ඉදිවන කරාපිටිය පිළිකා රෝහලට ආධාර පිණිස 'ඉඳුවර නූ පුර' නර්ථන ප්‍රසංගය මේ මස 25සවස 6.00ට කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදි පැවැත්වේ. ගාල්ල දිස්ත්‍රික් සිංහ සමාජය සංවිධානය කරන මෙම ප්‍රසංගයේ නර්ථනය ශාස්ත්‍රිය,භාරත,නර්තන විශාරද වෛද්‍ය උදුම්බරා සෙවුවන්දි කුමාරි විසින් ඉදිරිපත් කරනු ලබයි.

ප්‍රවේශපත්‍ර එදින දොරටුවෙන් සහ සිංහ සමාජය හරහා ලබාගත හැකියි.


දු දරුවන්ගේ මානසික සංවර්ධනයට වැඩසටහන් මාලාවක් නොමිලේ

වත්මන් සමාජය තුළ පැන නැගී ඇති ගැටලුවක් වන ආවේග හා හැඟීම් පාලනය තුළ දක්වන දුර්වලතා පාලනය කර ගැනීම සඳහා ළදරු හෝ ළමා අවධියේදි ලබාදිය යුතු මානසික සංවර්ධනය ඉතා වැදගත්වන බැවින් අවුරුදු 3-5, 6-10, 11-14යන වයස් කාණ්ඩ අනුව විනෝදාත්මක වැඩමුළු මාලාවක් නොමිලේ පැවැත්වීමට ළමා කුසලතා සංවර්ධන වැඩසටහන කටයුතු යොදාගෙන යයි. මේ සඳහා සහභාගිවීමට කැමතිඅය 0112672718/ 0714113457/ 0770661744 දුරකථන අංකවලට අමතා හෝ [email protected]  ඊමේලයට හෝ ළමා කුසලතා සංවර්ධන වැඩසටහන අංක 70/b/14/sp,y. m. b.a දහම් පාසල් ගොඩනැගිල්ල, බොරැල්ල, කොළඹ 08 ලිපිනයට දැනුම් දීමෙන් සම්බන්ධවිය හැක.


පියවර 2017 චිත්‍ර ප්‍රදර්ශනය ලබන 24 සිට 26 දක්වා ලයනල් වෙන්ඩ්ට් හිදී

 ‘පියවර‘ කියන්නේ උපතින්ම චිත්‍ර ඇඳීමේ හැකියාව උරුම, වෘත්තීය ලෙස විවිධ ක්ෂේත්‍ර තෝරාගත් සෞන්දර්යාත්මක පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. ඔවුන්ගේ මේ හැකියාවන් ඔප මට්ටම් කරගන්නට මඟ පෙන්වන ගුරුවරයා වන්නේ රුවන් ප්‍රසංග. උපාධිධාරී ගුරුවරයෙක් වන රුවන්ගේ නිවැරැදි මඟ පෙන්වීම තුළින් ඔවුහු සිය කාර්ය බහුල වෘත්තීය ජීවිතය තුළ හිඳිමින් විවේකී අවස්ථාවල ඇඳි සිතුවම් එකතුකොට ලබන 24 වැනිදා සවස 6.00ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී ‘පියවර‘ නමින් ප්‍රදර්ශනය ආරම්භ කරනවා. පියවර කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් විවිධ තේමා යටතේ අඳින ලද චිත්‍ර 50 ක් පමණ මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර 25 සහ 26 යන දෙදින පුරා පෙරවරු 9.00 සිට රාත්‍රී 8.00 දක්වා නොමිලයේ නැරඹිය හැකියි.


rhythm of stars ප්‍රසංගය අද සවස හැව්ලොක් පිටියේදී

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංගීත සහ නර්තන අංශය විසින් පවත්වනු ලබන දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් rhythm of stars සංගීතමය නර්තන ප්‍රසංගය අද (19) පස්වරු 6.30ට හැව්ලොක් ක්‍රිඩාංගණයේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඈත එපිට දුෂ්කර ගම්මානයන්හි ඉපිද සෞන්දර්ය භූමියට පිවිස ඉතා දුෂ්කරතා මැද තම හැකියාවන් ඉදිරිපත් කරමින් ගායනය, වාදනය මෙන්ම නර්තන අංශවලින් උපරිම දක්ෂතා පෙන්වමින් සෞන්දර්ය අංශයේ කීර්තිමත් තලයකට ගෙන ඒමට සමත්ව ඇත.

අති දැවැන්ත වේදිකාවක් මත දිවයිනේ ප්‍රවීණ සිනමා ශිල්පීන් වන ගයේෂා පෙරේරා, අනුෂා දමයන්ති, මේනකා පීරිස්, උපේක්ෂා ස්වර්ණමාලි, උදාරි වර්ණකුලසූරිය, නිපුණී විල්සන්, අනුජ් පෙරේරා, චිලී තිවංක,සහ රොෂාන් රණවක නර්තනයෙන් දායකවන අතර මේ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නර්තන සහ සංගීත කණ්ඩායමේ ශිල්පීන් 300ක් පමණ සහභාගි වේ. 

Comments