කවරය සරසන අසංක රොෂාන් | සිළුමිණ

කවරය සරසන අසංක රොෂාන්

 තාරුණ­්‍යයට ඇත්තේ සිහින ගොන්නකි. ඒ සිහිනයන් යථාර්තයක් බවට පත් කරගනිමින් ස්ථාවර ගමනක් යාමට හැකි වන්නේ ඉතා අතළොස්සකට පමණි. අසංක රොෂාන්ද එවන් සිහින සැබෑවක් කර ගනිමින් කලා ක්ෂේත්‍රය තුළ ස්ථාවර ගමනක යෙදෙන්නට සමත්වුණු වාසනාවන්තයෙකි.අද රසඳුන කවරය හැඩවෙන්නේ අසංක ගේ සහ නවපරපුරේ නිරූපිකාවක් වන පියුමාලි ප්‍රසාදිනී ගේ රුවිනි.

ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතර හදාරා කලා ක්ෂේත්‍රයට අත්පොත් තබන්නේ නිරූපණ ශිල්පියෙකු ලෙසිනි. දැනට හිරු රූපවාහිනි නාලිකාවේ සහකාර අලෙවි කළමනාකාරවරයෙකු වශයෙන් සේවය කරන අසංක විවිධ වූ ක්ෂේත්‍ර ඔස්සේ තම දක්ෂතා පෙන්වා දී තිබේ.

සෙනේශ් බණ්ඩාර අධ්‍යක්ෂණය කළ ‘‘ HEART FM‘‘ සිනමා පටයෙහි ‘‘DJ‘‘ කෙනෙකුගේ චරිතයට පණ පෙවූයේ ඔහුය. ඊට අමතරව ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු ‘‘තිමිර‘‘ ටෙලි නාට්‍ය මාලාවේ නීතිඥවරයෙකුගේ චරිතයට පණ පොවමින් වඩාත් ජනප්‍රියත්වයට පත් විය.

ගීත ගායනයටද දස්කම් දක්වන ඔහුගේ ප්‍රථම ගීතය ‘‘පිනි වැටුණු රැයේ‘‘ නම් වෙයි. ජීවන්ත හේවාබන්ධුගේ සංගීතයෙන් තරිඳු පෙරේරාගේ පද රචනයෙන් හැඩවුණු මේ ගිතය YOU TUBE සහ MUSIC.LK ඔස්සේ දැන් ඔබටද රස විඳිය හැකිය.

සමන්ති වනිගසේකර

ඡායාරූපය - ශාන් රූපස්සර


රොඩ්නි විදානපතිරණගේ 'හිම තාරකා' ඉතාලි‍යේ තිරගත වූ දා

රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කරන ලද දෙවැනි චිත්‍රපටය වන 'හිම තාරකා' පසුගිය ඉරිදා ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ වියා බොන්සිනෙල්ලි ශාලා‍වේදී සුවිශේෂී ප්‍රදර්ශනයක් ලෙස තිරගත විණ. හිම තාරකා දර්ශනය ආරම්භ කිරීමට පෙර ආරාධිත අමුත්තන් විසින් චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වූ ආකාරයයයි මේ. ඡායාරූප‍යේ ව‍මේ සිට ෆ්ලොරන්ස් සමාධි විහාර‍යේ විහාරාධිපති දොඩන්දෙණි‍යේ නන්දසිරි හිමි,‍ප්‍රේමා පනා‍‍ගොඩ, මාලි ගොඩිගමුව, තිස්ස ගොඩිගමුව,අධ්‍යක්ෂ රොඩ්නි විදානපතිරණ සහ හිම තාරකා ෆ්ලොරන්ස් නගර‍යේ සංවිධානය කළ ලලිත් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු වෙති. අධ්‍යක්ෂ රොඩ්නි හිම තාරකා පිළිබඳ අදහස් දක්වයි.. ‍‍මෙම දර්ශනයට ෆ්ලොරන්ස් නගර‍යේ වෙ‍සෙන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් රැසක් සහභාගී වීම වි‍ශේෂත්වයකි. ජගත් චමිල, අමරසිරි කලංසූරිය, නදී චන්ද්‍රසේකර, විමල් අලහකෝන්, වසන්ති ගුණරත්න, මියුරි සමරසිංහ,මානෙල් වානගුරු,ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න ආදී ජනප්‍රිය නළු නිළියන් රැසක් හිම තාරකා චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති.


කුවෙට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත්වෙයි

තිස් තුන් වසරක් පැරණි කුවෙට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ නව නිලධාරී මණ්ඩලය පසුගිය දා තේරී පත් වූ අතර නව සභාපතිවරයා ලෙස දේශමාන්‍ය අජිත් කවි කුමාර මහතාද ,ලේකම් ලෙස ලයනල් පත්බේරිය මහතා ද භාණ්ඩාගාරික ලෙස නිමල් ගුණවර්ධන මහතා තේරී පත් වුහ. නව නිලධාරි මණ්ඩලය පත් කරගැනීමේ නිලවරණය ඉකුත් දා කුවෙට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණි. තානාපතිවරයා නියෝජනය කරමින් මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ චරිත වීරතුංග මහතා සහභාගි විය.


හින්දි ගීත සිංහල පරිවර්තනය හින්දි ගීත් නදී වෙළෙඳ පොළට

භාරතයේ තිරගත වු ජනප්‍රිය හින්දි සිනමාපට අතුරින් තෝරාගත් ජනප්‍රිය ගීත 130ක් සිංහල පරිවර්තනය ඇතුළත්කොට පළකිරීමට දෙහිවල වෛද්‍ය පාරේ පදිංචි මාලනී ලියනගේ මෙනවිය කටයුතුකර ඇත.

'හින්දි ගීත් නදී 'නම් මෙම ග්‍රන්ථයට වර්ෂ 1939සිට 2015 දක්වා වු වසර 76ක කාලය ඇතුළත ප්‍රදර්ශිත චිත්‍රපට රැසක ගීත ඇතුළත්කර තිබේ. මෙම අගනා හින්දි ගීත පොත ඇස්. ගොඩගේ සමාගමේ ප්‍රකාශනයකි.


කුර්ආන් චින්තාව එළි දැක්වීමේ උලෙළ 30 වැනිදා

අල් කුර්ආන් අධ්‍යයන විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ හා ජාමියා නලීමියා අධ්‍යයන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ‘උස්තාද් මන්සූර් ‘රචනා කළ‘ කුර්ආන් චින්තාව ‘ එළි දැක්වීමේ උලෙළ ලබන 30 දින සවස 6.30 සිට රාත්‍රී 8.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්ත,සාහිත්‍යෙව්දී චූලානන්ද සමරනායක, ජනාධිපති නීතීඥ එම්.යූ.එම් අලි සබීර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උලෙළ සංවිධානය කරන්නේ මිෂ්කාත් පර්යේෂණ ආයතනයයි.

සමන්ති


'ඩාන්සින් සුපර් ස්ටාර්' මංගල දර්ශනය ලුම්බිණි රඟහලේදී

ලංකාවේ ප්‍රථම වරට වේදිකා නාට්‍යයක් තුළ රියැලිටි වැඩසටහනක් සමගින් අසේක සෙනරත් මුදලිගේ නිෂ්පාදනය කරන 'ඩාන්සින් ස්ටාර් මිස් නාගීනා' නව නිර්මාණයේ මංගල දර්ශනය දෙසැම්බර් පළමුවැනි දින හැව්ලොක් ටවුන් ලුම්බිණි රඟහලේදි සවස 6.30ට පවත්වනු ලබයි. ජනප්‍රිය නර්තන, චිත්‍රපට, ටෙලිනාට්‍ය නිලි අනූෂා දමයන්ති ප්‍රථම වතාවට මෙවන් නිර්මාණයක් තුළින් ප්‍රධාන චරිතයක් රඟපාමින් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසීම විශේෂත්වයකි.

මෙහි සරත් පීරිස්, සුරංගි නිලූෂනී, මුණිදාස කණ්ඩම්බි, ඇන්ටන් බටේපොල, සමන්තා ආටිගල, ඉමේෂ් අයේන්ද්‍ර, එච්. ජී චන්ද්‍රවතී, කාංචනා නන්දනී, තුෂානි සිල්වා, උදිත ප්‍රනාන්දු, රවින්ද්‍ර ප්‍රදීප්, අතුල රම්‍යසිරි රඟපාති. සංගීතය රමේෂ් ජයසිංහ, වේෂ නිරූපණය සංඛ රණසිංහ, වේදිකා පරිපාලනය, නිෂ්පාදන කළමනාකරණය ඉමේෂ් අයේන්ද්‍ර, නාට්‍ය රචනය/ අධ්‍යක්ෂණය/ නිෂ්පාදනය අසේක සෙනරත් මුදලිගේ ගෙනි.


නිළි රැජන රුක්මණී දේවිය සිහිකර දිව්‍ය පූජාවක්

හෙළ සිනමා නිළි අග රැජිණිය හා ගීත කෝකලාවිය රුක්මණීදේවි මිය ගොස් 39 වසරක් පිරීම නිමිත්තෙන් ඇගේ ආත්මයට මොක්සුව පතා පසුගියදා දිව්‍යපූජාවක් පවත්වන ලදි. අනුස්මරණ සංගමය සංවිධානයකළ මෙම දිව්‍ය පූජාව පැවැත්වූයේ මීසම්පත් ආන්ජලෝ විජේවික්‍රම පියතුමා විසිනි.

එඩ්නා සුගතපාල, කැලැරිස්ද සිල්වා සහ ප්‍රියන්නා ද සිල්වා සමගින් සංගමයේ කෘත්‍යාධිකාරී සිරිමා ඇනස්ටා මර්සලින්, බාන්ඩාගාරික ඊ. ජී. ඒ.චිත්‍රා කාන්ති යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගී වුහ. 

Comments