දැන් ඇසෙන ටෙලි නාට්‍ය ගීත­යක් | සිළුමිණ

දැන් ඇසෙන ටෙලි නාට්‍ය ගීත­යක්

 පවන රළු වී - සවන ගොළුවී

දෙනයනද අඳවී

යාතිකාවකි යෞවනේ

ඔය ගායනාවක ඇසෙන්නේ

මේ ම්ම් වසත් නිද්‍රාවේ//

සසළ විය නිසසළව තිබු ලොව

එළිය නැත ඝණ දුරට සමවැද තාරකාවෝ නිදති රෑ ආ..ආ

සඳද තනියෙන් හිරුද නැත පෙනෙනා ඉමේ

සැළෙන හද මන්දිරයි මේ

කියනු කෙලෙසද හද හැඟුම්

මේ ම්ම් වසත් නිද්‍රාවේ

වසත් නිද්‍රාවේ//

පිනි වැටෙති තුරුපත් අගට නටමින්

මේරු රඟති කළුවරම සොයමින්

ඝණ වලාවෝ සැඟව අහසේ

තාරකාවෝ සරති බමමින්

සැලෙන හද මන්දිර ඉමේ හිඳ

කියනු කෙලෙසද හද හැඟුම්

මේ ම්ම් වසත් නිද්‍රාවේ

වසත් නිද්‍රාවේ//

දැන් ඇසෙන ටෙලි නාට්‍ය ගීතයක් විශේෂාංගය තුළින් අප මෙවර ගෙන එන්නේ ස්වාධීන රූපවාහිනී සේවයෙන් සතියේ දිනවල විකාශනය වන ‘මිල්ලෑව වලව්ව‘ ටෙලි නාට්‍ය තේමා ගීතයයි.

ප්‍රභාත් පතිරණ අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයේ නිෂ්පාදන දායකත්වය නිමන්ති පෝරගේගෙනි.අමරසිරි පීරිස් හා තුෂාරි අබේසේකරගේ හැඟුම්බර හඬින් ගායනා කරන ‘පවර රළුවී ගීතයේ‘ තේමා ගීත රචනය සහ තනු නිර්මාණයේද හිමිකාරිය වන්නේ තුෂාරි අබේසේකරයි.

ටෙලි නාට්‍යයයේ තේමා ගීතය ගැන දැන ගන්නට අප ඇයව සම්බන්ධ කර ගත්තා.ඒ පිළිබඳ ඇය කීවේ මෙවන් අදහසක්..

‘‘සමස්ථ ටෙලි නාට්‍ය මාලාව ගැන බලන විට අපට පේන දෙයක් තමයි මෙය වලව්වක් පාදක කොට ගෙන දිවෙන අපූරු නිර්මාණයක් බව

ඉතින් එහි එන ප්‍රධාන චරිත දෙක මූලික කොට ගෙන තමයි මෙහි තේමා ගීතයෙහි ගේය පද වැල් මා අතින් රචනා වුණේ.

වසන්ත කාලය උදා වන්නේ, එය සොඳ්‍රරු වන්නේ සොඳ්‍රරු තාරුණයටය..ජීවිතයේ සැබෑවටම වසන්තය රැගෙන එන්නේ තාරුණ්‍ය තුළදීය.

එහෙත් එකී වටිනා යෞවන කාලයේ වසන්තය උදා නොවී අකාලයේ තම වලව්ව තුළටම ගෙවී යනආකාරයත්, යෞවනයේ සිතුම් පැතුම් සියල්ල වලව්වට හිරවී, මැළවී, වියැකී යන ආකාරයත් ප්‍රේක්ෂකයාට පෙන්වීම තමයි තේමා ගීත­‍ෙයහි මුලික අදහස බවට පත්වී තිබෙන්නෙ. ’’

මිල්ලෑව වලව්වේ ‘පවන රළුවී‘ගීතය MILLAWA WALAWA DRAMA THEME SONG ඔස්සේ YOU TUBE හරහා රසවිඳිය හැකිය. 

 

Comments