දෙස බස රැකි සාහිත්‍යධරයා | සිළුමිණ

දෙස බස රැකි සාහිත්‍යධරයා

මාතර දික්වැල්ලේ උපත ලද මුනිදාස කුමාරතුංග මහතා “හෙළ හවුලෙන් දෙස බස රැක ගත් සාහිත්‍යධරයා” ලෙස හඳුන්වනු ලැබේ.

ඔහු ඉගෙනුම ලැබුවේ දික්වැල්ල බෞද්ධ පාසලෙන් හා මාතර ශන්ත තෝමස් විදුහලෙනි. ඔහු වැවුරුකන්නල පිරිවනේ පාලි හා සංස්කෘත භාෂා ඉගැනීමට ආරම්භ කළේ බෞද්ධ ශාසනයේ භික්ෂුවක වශයෙන් ඇතුළු වීමේ අදහස ඇතිවයි. එහෙත් පවුලේ අනෙකුත් අයගේ විරෝධතාවෙන් ඔහු සිවු වසරක් පාඨශාලා පරික්ෂකවරයකු වශයෙන් සේවය කළේය. මුනිදාස කුමාරතුංග මහතා මෙරට විසු ප්‍රකට වාග් විශේෂඥයෙකි, ග්‍රන්ථ කතුවරයෙකි. ඒ ව‍ාගේම කවියෙකි.

ඔහු සිංහල භාෂාවට ඇතුළු වී තිබු සංස්කෘත ලක්ෂණ ඉවත් කිරීමට මහත් ප්‍රයත්නයක් දැරූ ශ්‍රේෂ්ඨ පඬිවරයෙකි. මෙතුමා සිංහල පාලි සංස්කෘත මෙන්ම දමිළ, ලතින් හා ග්‍රීක් භාෂාවන්ද හොඳින් දැන සි‍ටියේය. ඔහුගේ මෙම අසාමාන්‍ය භාෂා ඥානයත්, නිර්මාණශීලී සිතුවිලි තුළින් ඉතා දක්ෂ ලෙස සිංහල භාෂාව හැසිරවීමෙන් සාහිත්‍යකරුවන් අතර විශේෂ තැනක් හිමි කර ගත්තේ ය. මෙහි සඳහන්ව ඇත්තේ කුරුලු පැටියෙකුගේ දොරට වැඩුම පිළිබඳ අදහස් දැක්වෙන කවියකි.

කුසුමෙනි ඇයි සෙන්නෙ සිනා
නැත්නම් මඟුලට නොමනා
පැටවුන් එළියට වඩනා
සැටි බලමුව අපිදු පිනා

උදයන පසිඳු දිසානායක
6 ශ්‍රේණිය ‘ඩී’ කානේෂන්,
වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය,
අනුරාධපුරය

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.