රන් කුසලාන වොලිබෝල් ජාතික තරගාවලිය ඇඹිලිපිටියේදී | සිළුමිණ

රන් කුසලාන වොලිබෝල් ජාතික තරගාවලිය ඇඹිලිපිටියේදී

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික තරගාවලිය අද ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වෙයි. ජාතික තරගාවලියේ තරග ඊයේ ආරම්භ විය.
මෙම ජාතික තරගාවලිය සඳහා දිවයිනේ සියලු ම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ශූරතා දිනූ වයස අවුරුදු 22 පහළ සහ විවෘත කාන්තා පිරිමි කණ්ඩායම් 100 ක් තරග කරයි.

එක්දින නායකත්වය තිසරට

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරග තුන සහ විස්සයි 20 තරග තුන සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම තිසර පෙරේරාට පවරා තිබේ. 10 – 13 – 17 යන දිනයන්හි එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, 20 – 22 සහ 24 යන දිනයන්හි විස්සයි 20 තරගාවලිය පැවැත්වෙයි.
තිසර පාකිස්තානය සමඟ පැවැති විස්සයි 20 තරගාවලියේ නායකයා ලෙස කටයුතු කළ අතර එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. උපුල් තරංග මීට පෙර එක්දින නායකයා ලෙස කටයුතු කළේය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.