සැඟ­වුණු නිබිරු ග්‍රහයා නිසා ලොවට අවැ­ඩක් වෙයි ද? | Page 2 | සිළුමිණ

සැඟ­වුණු නිබිරු ග්‍රහයා නිසා ලොවට අවැ­ඩක් වෙයි ද?

බැබිලෝනියානු ශිෂ්ටාචාරය ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නොමැත. සුමේරියන් ජාතිකයන් වාසය කළේ මේ ශිෂ්ටාචාරය පැවැති මෙසපොතේමියාවෙහිය. සුමේරියන් වරුන්ගේ භාෂාව වුයේ සුමරි ය. එය දැන් මළ භාෂාවකි. සුමරි භාෂාව තනිවම හදෑරු සෙචරායා සිචින් නම් වු රුසියානු පර්යේෂකයා සුමේරියන්වරුන් මීට වසර 6000 කට පමණ පෙර ගල්කුලුනු, ශිලා ලේඛන හා මැටි පු‍වරුවල සටහන් කළ දේ කියවා එහි අරුත් පහදා ගත්තේ ය. එහි දී ඔහුට අති විශේෂ කරුණක් සොයා ගන්නට හැකි වුයේ ය. ඒ අප සෞරග්‍රහ මණ්ඩලය තුළ ‘නිබිරු’ නම් වු ග්‍රහ ලෝකයක් පවතින බවය.

මේ අද්භූත ග්‍රහ ලෝකය එදා සුමේරියන්වරුන් හෙළි කළද, එය තවමත් රහසක්ව පවතී. එය යළි ලොවට හෙළි ක‍ළ් සෙචරයා සිචින්ය. ඔහුගේ මේ පර්යේෂණයන් සහ ‍තවත් තොරතුරු විශ්ලේෂණය කළ ශ්‍රී ලාංකික පර්යේෂකයෙක් වෙයි. ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ ගත් කතුවරයකු වු තලංගම ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වන උදය තලංගම වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. මේ විශ්වයේ අනන්ත වු රහස් අතරින් බිඳක් හෝ අප වෙත ගෙන එන්නට ඔහු ගත්තේ නොමඳ උත්සාහයකි. ඒ නිසාම ඔහු මෑතකදී ‘ද ලාස්ට් ඩේස් ඔෆ් ප්ලැනට් අර්ත්’ නම් වු කෘතිය පළ කළේ එදා සුමේරියන්වරුන් හෙළි කළ ‘අබිරහස’ යළි ලොවට හෙළි කරන්නටය. මේ, ඒ පිළිබඳව ඔහු සමඟ කළ කතා බහකි....

• ඔබ මෙවැනි කෘතියක් ලියා පළ ක‍ෙළ් ඇයි ?

“වසර 10 ක පමණ කාලයක් තිස්සේ ‘නිබිරු’ ග්‍රහලෝකය පිළිබඳව ලියැවුණු පොත්පත්, වාර්තා, ලිපි යනාදිය ඉතා උනන්දුවෙන් මා කියෙවුවා. විශේෂයෙන්ම, රුසියානු ජාතික සෙචරායා සිචින් විසින් ලියන ලද පර්යේෂණ සටහන් ගැන අධ්‍යයනය කළා. මේ තොරතුරු වත්මන් ලෝකයේ වසන් වු බවක් දකින්න‍ට ලැබුණා. ඒ නිසයි ඒ තොරතුරු‍ හෙළි කිරීමේ අදහසින් මේ ග්‍රන්ථය ලියා පළ කරන්න අදහස් කළේ‍ෙ

• ඇත්තටම, මොකක්ද මේ නිබිරු ග්‍රහයා

“මුලින් ම සඳහන් කළ යුතුයි, සෙචරායා සිචින් නම් වු පර්යේෂකයා ගැන. ඔහු පුරාවිද්‍යාව ගැන පර්යේෂණ පැවැත් වු කෙනෙක්. ඔහු සුමේරියන් ශිෂ්ටාචාරය ගැන හදාරන්න පටන් ගත්තා. එහිදී ඔහුට හමුවුණා මැටි පුවරු දහස් ගණනක්. මේ ශිෂ්ටාචාරය තිබුණු ප්‍රදේශය තමයි, මෙසපොතේමියාව හෙවත් බැබිලෝනියාව ලෙස හඳුන්වන්නේ. මේ තමයි, වත්මන් ඉරාකය. සුමරි භාෂාව දැන් කවුරුත් දන්නේ නැහැ සෙචරායා සිචින් මේ භාෂාව තනිවම ඉගෙන ගෙන මේ ශිලා ලේඛන සහ මැටි පුවරුවල ඇතුළත් වන දේ තමන්ගේ භාෂාවට පරිවර්තනය කළා. සුමේරියන් ශිෂ්ටාචාරය අවුරුදු 6000 ක් පමණ පැරැණියි. සිචින්ට වැටහුණා, සුමේරියන්වරු පුදුම දැනුමක් සහිත ජන කොටසක් බව. හමු වු මැටි පුවරු වල තාරකා විද්‍යාවට අදාළ රූප සටහන්, දෙවිවරු වැනි අයගේ රූප සටහන් තිබෙන බව ඔහු දැක්කා. ඔහු වසර 50 ක් පමණ පර්යේෂණ කරළා ග්‍රන්ථ කිහිපයක් පළ කළා ‘Eearth Cronicals’, Twelth Planet’වැනි ග්‍රන්ථ කිහිපයක්. මොහු පමණක් නොවෙයි. තවත් 220 දෙනෙකු පමණ සුමේරියන් ශිෂ්ටාචාරය ගැන පර්යේෂණ කළා. එහෙත් සෙචරායා සිචින් තමයි, සුමේරියන්වරු මැටි පුවරු වල සටහන් කර තිබු අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැන තොරතුරු සවිස්තරාත්මකව ඉදිරිපත් කළේ.

“ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ සුමේරියන්වරුන් ආකාශ වස්තු ගැන මත ප්‍රකාශ කළ බවකි. ඔවුන් සෞරග්‍රහ මණ්ඩලය ගණන් කරන්නේ ග්‍රහයන් 10 ක් ඇතුළත් වන ලෙසයි. සුර්යයාට ඇතින්ම සිටින ග්‍රහයා නිබිරු. ඒ තමයි, 10 වැන්නා 9 වැන්නා ප්ලුටෝ, 8 වැන්නා නෙප්චුන්, යුරේනස් ඔබ ලියු ග්‍රන්ථයේ සුමේරියන්වරුන් පැවසු පෘථිවියේ උපත පිළිබඳ තොරතුරු ඇතුළත් වෙනවා. ඒ ගැනත් කතා කරමු.

“සුමේරියන්වරුන් පවසා ඇති අන්දමට සෙචරායා සිචින් පවසන්නේ දැනට අවුරුදු මිලියන 4 1/2 ට පමණ පෙර අප සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවිය තිබුණේ නැහැ කියලයි ‘ටයිමැට්’ නම් වු විශාල ග්‍රහ ලෝකයක් අඟහරු සහ බ්‍රහස්පතී ග්‍රහ ලෝක අතර පැවැතිලා තිබෙනවා. මුලිකව සෞරග්‍රහ මණ්ඩලය ඇතිවීමේදී ‘නිබිරු’ ට සම්බන්ධ චන්ද්‍රයා ‘ටයිමැට්’ හා ගැටී තිබෙනවා. එයින් ඇති වු ග්‍රහලෝක කැබැල්ලක් පසුව පෘථිවිය හැටියට නිර්මාණය වු බවත් අප චන්ද්‍රයාත් මේ සිද්ධියේදී බිහි වු බවත් ඉතිරි වු කැබලිවලින් අඟහරු සහ බ්‍රහස්පතී අතර දැනටත් පවතින ‘ඇස්ට්‍රොයිඩ් බෙල්ට්’ හෙවත්, ආකාශ වස්තු වළල්ල නිර්මාණය වී ඇති බවත් සඳහන් වෙනවා.

• මිනිසාගේ සම්භවය ගැන සුමේරියන්වරුන් පවසා ඇත්තේ කුමක්ද?

“මිනිසාගේ සම්භවය ගැන මෙතෙක් පළ වී ඇති මතවාද අතරින් සුමේරියන් ශිෂ්ටාචාරයට අනුව මිනිසාගේ හැඩ තලවලට සමාන වෙනත් ජීවීන් කොට්ඨාසයක් මේ නිබිරු ග්‍රහලොව සි‍ට අවුරුදු 3600 කට වතාවක් පෘථිවියට ගොඩ බසින බව දැක්වෙනවා. ඔවුන් පැමිණෙන්නේ මොනොටොනික් නම් වු රත්රන් රැගෙන යෑමටයි. රත්රන් රැගෙන යන්නේ කුමකටදැයි මා පසුව පවසන්නම්. ඉතින් මේ රත්රන් හෑරිමට සේවකයෙක් නිර්මාණය කිරිමට ඔවුන්ට අවශ්‍ය වුණා. මේ නිබිරු ග්‍රහයා තුළ වෙසෙන ‘අනුනාකි’ නම් වු සත්ත්ව කොට්ඨාසය මීට අවුරුදු 4,50,000 කට පමණ පෙර පෘථිවියට ගොඩ බැස තිබෙනවා. ඒ වන වි‍ට පෘථිවියේ ජීවත් වුණේ වානර විශේෂයක්. ඉතින්, අනුනාකිවරුන් ඔවුන්ගේ ජාන මේ වානරයන්ට මුහුන් කොට ප්‍රථම මිනිසා නිර්මාණය වු බවයි සුමේරියන්වරු පවසා ඇත්තේ. එලෙස මුලිකව තැනුණු මිනිසා අද දකින මිනිසා දක්වා වර්ධනය වී තිබෙනවා. එදා මිනිසා ලවා රත්රන් නිධි හාරා රත්රන් ලබාගෙන ඒ වෙනුවට මිනිසාට අවශ්‍ය දැනුම ලබාදීමට මේ අනුනාකි ජීවීන් කටයුතු කළ බව වර්තා වෙනවා. සුමේරියන්වරුන් පවසන්නේ එදා මේ ජීවීන් දෙවියන් ලෙස සලකා ඇති බවයි. එහෙත්, දැනට කර තිබෙන පර්යේෂණ අනුව පෙනී යන්නේ ඔවුන් විශ්වයේ වෙසෙන තාක්ෂණය අතින් ඉතා උසස් ඉහළ පෙළේ තවත් ජීවීන් විශේෂයක් බවයි.”

• නිබිරු ග්‍රහයා තුළ වෙසෙන ජීවීන්ට රත්රන් කුමකටද ?

“නිබිරු ග්‍රහයා තුළ අපේ පෘථිවියේ මෙන් උණුසුම දිගටම රැ‍ඳෙන්නේ නැහැ. ඒ උණුසුම ඔවුන් පවත්වාගෙන යන්නේ නිබිරු වටා රත්රන් වළල්ලක් වැනි ආවර්ණයක් නිර්මාණය කරගෙනයි. පෘථිවිය මෙන් දස ගුණයක් විශාල නිබිරු වටා එවැනි ආවරණයක් නිර්මාණය කර ගැනීමට තරම් ඔවුන් තාක්ෂණිකව දියුණුයි. ඉතින් මේ රත්රන් ආවරණයට උණුසුම ලබා ගන්නේ අවුරුදු 3600 කට වතාවක් නිබිරු ග්‍රහයා සුර්යයාට ළඟාවීමේදීයි. එලෙස ලබාගන්නා උණුසුම තමයි නිබිරු ග්‍රහයා තුළ වසර ගණනක් රැඳෙන්නේ.”

• අමෙරිකාවේ ‘නාසා’ ආයතනය මේ ගැන කිසිවක් ප්‍රකාශ කර තිබෙනවාද?

“නාසා ආයතනය 1983 දී ‘අයිරාස්’ නම් වු විශේෂ දුරේක්ෂයක් නිර්මාණය කර මෙවැනි ග්‍රහ ලෝකයක් තිබෙනවාදැයි හොයන්න පටන් ගත්තා. එතනදී ඔවුන් දුටුවා විශාල පුදුමාකාර වස්තුවක් තිබෙන බව. ‘නාසා’ ආයතනයේ ආචාර්ය හැරින්ටන් කියන විද්‍යඥයා දක්ෂිණ ධ්‍රැවයේ ප්‍රදේශයකට ගොස් විශේෂ දුරේක්ෂයකින් පරික්ෂා කළා. එහිදී ඔහු ප්‍රකාශ කළා, මෙම ග්‍රහලොව පෘථිවිය වෙතට ගමන් කරමින් තිබෙන බව. මේ පිළිබඳව 1983 දී පුවත්පත්වල ලිපි පවා පළවී තිබුණා. මේ ගැන ඔහු සෙචරායා සිචින් ටත් කියලා මාධ්‍ය හමුවක් පවත්වා ලොවටම ප්‍රකාශයක් කළා. එහෙත් එවක ඇමරිකානු ජනාධිපතිවරයා මේ තොරතුරු ප්‍රකාශ කිරීම තහනම් කළා. ආචාර්ය හැරින්ටන් ද අබිරහස් ලෙස මිය ගියා.”

• නිබිරු පෘථිවිය සමඟ ගැටෙන්නට ඉඩ තිබෙනවද ?

“නැහැ. නමුත්, නිබිරු පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන විට පෘථිවියට විශාල බලපෑම් ඒල්ල වෙනවා. භූමිකම්පා, සුනාමි, ජල ගැලීම්, ගිනි කඳු පිපිරිම් වැනි දේ සිදුවන බව පැවසෙනවා. විශේෂයෙන් ම, අධාර්මිකව ජීවත්වන මිනිසුන් විනාශ වන බව පැවැසෙනවා. ලංකාව වැනි දියුණු සංස්කෘතියක් පවතින රටවලට මෙයින් සිදුවන බලපෑම් අවම විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.”

• ඔබ පවසන්නේ සුමේරියන්වරුන් එදා පැවැසු පරිදි අවුරුදු 3600 කට වතාවක් නිබිරු පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බවයි. මෙය යළි සිදුවිය හැක්කේ කොයි කාලයේද ?

“සෙචරායා සිචින්ට අනුව මේ සිදුවීම අපේ ජීවිත කාලයේ දී අපට මුහුණ දෙන්න වෙන සිදුවීමක් වෙන්න පුළුවන්. එය එසේ නම්, බොහෝ විද්‍යඥයින් සහ පර්යේෂකයන් පවසන අන්දමට එම සිදුවීම මේ ගත වන අවුරුදු කිහිපය තුළ පවා සිදුවිය හැකියි.” 

 

Comments