විද්‍යාත්මක විශ්ලේෂණ උපකරණ අලෙවියේ පුරෝගාමියෝ | සිළුමිණ

විද්‍යාත්මක විශ්ලේෂණ උපකරණ අලෙවියේ පුරෝගාමියෝ

TECHNO INSTRUMENTS (Pvt) Limited

විද්‍යාත්මක ක්ෂේත්‍ර යේ ඉහළම මට්ටමේ පවතින විශ්ලේෂණ උපකරණ මෙරටට ගෙන්වා බෙදාහරින TECHNO INSTRUMENTS (Pvt) Limited ආයතනය අංක 19A, පන්සලපාර, කළුබෝවිල ලිපිනයේ ස්ථාපිත ව තිබේ.

ඇමරිකාවේ Agilent Technologies හි අනුබද්ධ සමාගමක් ලෙස ක්‍රියාත්මක වන මෙහි අධ්‍යක්ෂක ලෙස ක්ෂේත්‍රයේ කටයුතු කරන ප්‍රවීණයෙකු ලෙස පිළිගැනෙන සුජීව ලියනරත්න මහතා කටයුතු කරයි.

සිළුමිණ කළ විමසුමකට පිළිතුරු දුන් සුජීව ලියනරත්න මහතා අවධාරණය කර සිටියේ වෛද්‍ය හා ඖෂධ ක්ෂේත්‍රය, ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය, කෘෂි රසායන ක්ෂේත්‍රය,හා රූපලාවන්‍ය යන ක්ෂේත්‍ර රැසකට අත්‍යවශ්‍ය විද්‍යාත්මක විශ්ලේෂණ උපකරණ ඉතා සුවිශේෂී මිල ගණන් යටතේ වගකීමක්ද සහිතව තම ආයතනය මඟින් ශ්‍රී ලංකාව තුළ අලෙවිකරණ බවයි.

තම ආයතනය මඟින් හදුන්වාදී ඇති විද්‍යාත්මක විශ්ලේෂණ උපකරණ පරිහරණය පිළිබඳ ප්‍රා යෝගික හා න්‍යායාත්මක පුහුණුව මෙරට තුළදීම ලබා දීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමටද මෙම ආයතනය තුළ කටයුතු කරන බව ලියනරත්න මහතා පැවසීය. ඒ සඳහා ආයතනය තුළ පිහිටුවා ඇති custermer educition center හි ප්‍රයෝජන ලබා ගත හැකි බවද ඒ මහතා කීය. මෙවැනි සේවාවක් ලබා දෙන මෙරට පිහිටි පළමු ආයතනය තමන්වීම පිළිබඳව දැඩි ආඩම්බරයක් ඇති බවද සඳහන් කළේය.

අනෙකුත් ආයතන මඟින් විද්‍යාත්මක විශ්ලේෂණ උපකරණ අලෙවිකිරීමේදී එම උපකරණ මිලදී ගන්නා ආයතනවලට එම උපකරණ භාවිතා කරන සේවකයින්හට ඒවා පරිහරණය කරන ආකාරය පිළිබඳව විශේෂ දැනුමක් ලබා දීමට සිදු වේ. ඒ සදහා විධිමත් පුහුණුවක් ලබා දීමට සේවකයින් විදේශ ගත කිරීමට සිදු වේ. මේ නිසා අධික මුදලක් වැය කිරීමට සිදු වන අතර ලංකාවේ එවැනි පුහුණුවීම් සිදු කරන ආයතනයක් පැවතීම මෙම තත්ත්වයට කදිම විසදුමක් වන අතර එම ආයතන වලටද සහනයක් වනු ඇත. මෙම ආයතනය සතු උපකරණ මඟින් ජනතාවට සේවයක් සැපයීම ආයතනයේ අරමුණ බවද මෙහිදී අධ්‍යක්ෂ ලියනරත්න මහතා පැවසීය.

එමෙන්ම අළුත උපන් බිළිදුන්ගේ රුධිර හා මුත්‍රා සාම්පල පරීක්ෂා කිරීම මගින් එම දරුවන් අනාගතයේ දී යම් කිසි විශේෂතා සහිත දරුවන් බවට පත්වීමට හැකියාව සොයා බැගීමේ උපකරණද මෙම ආයතනය සතු බව ඒ මහතා සදහන් කළේය. එවැනි තත්ත්ව සදහා ප්‍රතිකාර ලබා දීම තුළින් දරුවන් මුදවා ගැනීමට මේ අනුව වෛද්‍ය වරුන්ට හැකියාව පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

TECHNO INSTRUMENTS (Pvt) Limited ආයතනය මගින් සපයන සේවාව පිළිබඳව අදහස් දැක්වු සබරගමුව විශ්ව විද්‍යාලයේ විශ්ලේෂණ රසායන විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා පේරාදෙණිය විශ්ව විද්‍යායාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යන මණ්ඩල සාමාජික ආචාර්ය එස් මලෙවිපතිරණ මහතා සඳහන් කළේ විවිධාකාර විද්‍යාත්මක විශ්ලේෂණ කටයුතු සදහා විද්‍යාත්මක පර්යේෂණ සංවර්ධන හා සේවා ක්ෂේත්‍ර යේ පර්යේෂකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන ප්‍රධානතම ආයතනය මෙය බවයි.විද්‍යාත්මක ක්ෂේත්‍රයන් සදහා අවශ්‍ය විවිධාකාර උපකරණ මෙහිදී ඕනෑම ආයතනයකට මිලදී ගැනීමට පහසුකම් සලසා ඇති අතරම භාවිතය පිළිබදවද පුහුණුව ලබා දීම ද වැදගත් බවද සදහන් කළේය. මෙවැනි ආයතනයක් රටතුළ ස්ථාපිත කිරීම නිසා විදේශයන්ට ගලා යන මුදල් අපරට තුලම රඳවා ගැනීමට හැකියාව පවතින බවද කීය.

TECHNO INSTRUMENTS (Pvt) Limited ආයතනය මෙරටට ගෙන්වා බෙදාහරින විද්‍යාත්මක විශ්ලේෂණ උපකරණ කිහිපයක් මෙසේය.

Gas Chromatograph, Liquid Chromatograph, UV/VisSpectrophotometer, MassSpectrophotometer, Inductive Couple Plasma Mass Spectrophotometer, Fourier Transform Infrared Spectrophotometer

චන්දිමා එදිරිමාන්න

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.