අඳ දෙනෙතින් අකුරු කියා සිවිල් සේවා විභාගයෙන් මුල් තැනකට | සිළුමිණ

අඳ දෙනෙතින් අකුරු කියා සිවිල් සේවා විභාගයෙන් මුල් තැනකට

උගත්කමින් ජීවිතය දිනන්නට ආබාධිත තත්ත්වය ගැටලුවක් කර නොගෙන ජීවිතය දෙස ධනාත්මකව බලා මුළු මහත් සමාජයටම ආදර්ශයක් දිය හැකි නම් කොතරම් වටින්නේ ද? එහෙත් වර්තමාන සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙකු තම නොහැකියාවන් දෙස පමණක් බලා ජීවිතය දිනීමේ මඟ අවහිර කර ගන්නේ නෙසිතතූ ආකාරයෙනි.

ඉන්දියාවේ චෙන්නායී ප්‍රාන්තයේ ජීවත්වන ‍විසි හත් හැවිරිදි බෙනෝ ස්ටෙෆින් උපතින්ම දෘශ්‍යාබාධිත යුවතියකි. ඇගේ පියා වන ලූස් ඇන්තනී දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් වන අතර මව ගෘහනියකි. බෙනෝගේ එකම සහෝදරයා කැනඩාවේ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන්නේ ය.බෙනෝ පමණක් අන්ධභාවයෙන් යුක්ත වුවද ඇගේ පවුලේ සමාජිකයින් ඇයට ඇගේ ආබාධිත තත්ත්වය පිළිබඳව දුක් වන්නට නිසි දිනක ඉඩ ලබා නොදුන්නා ය.

"මම පාසැල් ගියේ කන්‍යාරාමයකට.මගේ ගුරුවරු මගේ ආබාධිත තත්ත්වය දැකලා කිසි දිනක මාව අවතක්සේරු කළේ නැහැ. ඔවුන් සෑම දිනකම මාව දිරිමත් කළා.එක්තරා අවස්ථාවක මම පාසලේ දී ජවහල්ලාර්නේරුතුමා පිළිබඳව කථාවක් කළා. ඒ ගැන මට හැමෝම ප්‍රසංශා කළා. ඊට පස්සේ මම අවස්ථා කිහිපයකදීම කථික තරඟවලට සහභාගී වෙලා ප්‍රථම ස්ථානය දිනා ගත්තා.මම ඊට පස්සේ හිතුවා කිව යුතු දේවල් ලිව්‍වොත් වඩාත් හොඳයි කියලා . මම හිතුවා මම අන්ධ වෙලා ඉපදුනාට ගොඩාක් වාසනාවන්තයි කියලා. මම පාසලේ දී දිගින් දිගටම තරඟ වලින් ජයග්‍රහණය කළා.

මම ගොඩාක් වෙලාවට කතා කළේ වන සංරක්ෂණය, පිළිකාව වැනි මාතෘකා පිළිබඳවයි. මගේ තාත්තා මට පොත් ගෙනත් දුන්නා. මගේ අම්මා ඒ පොත් මට ඇහෙන්න කියෙව්වා. ඒ හින්දා මට පාසලේ දී කථික තරඟවලදී හැමදාම වගේ පළමුවැනියා වෙන්න පුළුවන් වුණා. මම ඉංග්‍රීසි සාහිත්‍යට බෙහෝ ඇලුම් කළා. මට උසස් අධ්‍යාපනය ලබන්න අන්ධ විද්‍යාලයකින් සාමාන්‍ය පාසැලකට යන්න ලෙහෙසියෙන් ම පුළුවන් වුණා."

දෛවය විසින් පුද්ගලයෙකුට ලබා දෙන ජීවිතය කුමක් වුවත් ඒ ජීවිතයට යහපත් අන්දමින් මුහුණ දී ජීවිතයේ තමන්ට ගමන් කළ හැකි මඟ විවර කර ගැනීම බෙනෝ තම ජීවිතයෙන් ප්‍රායෝගිකව පෙන්වා දී ඇත.කුඩා කළ පටන්ම විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව කුතුහලයෙන් බලා තම බුද්ධිමත්බවින් අලුතින් යමක් සිතීමේ පුරුද්ද ඇය සතුව තිබිණි. ඇය 2013 අවුරුද්දේදී ඇය ශාස්ත්‍රපති උපාධිය ලැබුවාය. ඉන්පසුව ඇය ඉන්දියාවේ ප්‍රකට රජයේ ආයතනයක පරිවාස නිළධාරිනියක් ලෙස සේවය කළා ය.

"මම ඒ රැකියාවෙන් ලබා ගත් මුල්ම පඩියෙන් තාත්තට රත්තරං චේන් එකකුයි. අම්මට රත්තරං කරාබු ජෝඩුවකුයි අරන් දුන්නා. මම පාසලේ එකොළොස් වන ශ්‍රේණි‍යේ ඉගෙන ගන්න කොට හිතුවේ කවදහරි දවසක සිවිල් සේවකයෙකු වීමටයි. ඒ වුණත් මම දහවන ‍ශ්‍රේණි‍යේ ඉන්නකොට හිතුවා කවදහරි දවසක මම නීතීඥවරයෙකු හෝ කථිකාචාර්යවරියක් වෙනවා කියලා. ඒ හින්දා මම දිගින් දිගටම ඉගෙන ගත්තා. "

උපතින්ම අන්ධ වුවත් ඇය කිසි විටක තම ආබාධිත තත්ත්වය හේතුවෙන් අධ්‍යාපනය මඟ හරවා ගත්තේ නැත. සාමාන්‍ය ජීවිත ගත කරන බොහෝමයක් පුද්ගලයින්ට සාපේක්ෂව ඇය නොපසුබස්නා උත්සාහයක් තිබෙන තරුණියක වුවා ය. ඒ හේතුවෙන් ඇයට සමාජයේ ‍ගෞරවය සහ ආදරය නිතැතින් ම හිමි විය. "මම ජලය නාස්ති කරනවට පොඩ්ඩක්වත් කැමති නැහැ. කවුරුහරි ජලය නාස්ති කරනවා නම් ඒක මට ලොකු පීඩනයක් ගෙන දුන්නා. ඒ නිසා මම පැමිණෙන විට ‍මිනිසුන් මට " වතුර එකතු කරන්නා මෙහි පැමිණෙනවා කියලා "ආමන්ත්‍රණය කරනවා.මේ සෑම දෙයක්ම මට සිවිල් සේවකයෙක් කරන්න උනන්දු කරා"

ඇය ගුවන් විදුලිය ශ්‍රවණය කිරීමට සහ පොත්පත් කියවීම රුචිකත්වයක් දක්වන ලද්දේ පාසැල් අවධියේ පටන්ම ය. වර්තමානයේ දී දෑස් හොඳින් පෙනෙන මිනිසුන් පොත්පත් අවම වශයෙන් පරිශීලනය කරද්දී දෑස් නොපෙනෙන ඇය තම ජීවිතය දිනා ගෙන තිබෙන්නේ පොත්පත්වලිනි. ඒ ව‍ාගේ ම මම ජල සංරක්ෂණය,සොබාදහම,වනජීවින්, සමාජ පරිසරය වැනි විෂය ක්ෂේත්‍රවලට දැඩි ඇල්මක් දක්වනවා.

මම රාත්‍රී 9 ට සෑම ගුවන් විදුලි මාධ්‍යකටම සවන් දෙනවා . ඒක මට සිවිල් ‍සේවා විභාගයෙන් ජයගන්න ලොකු අත්වැළක් වුණා. මම අදටත් මම සිවිල් සේවා විභාගය සමත් වු ආකාරය පිළිබඳව මිනිස්සුන්ට ප්‍රකාශ කරනවා. ඒ වාගේම මම කිසිදු බියක් නොවී තමන්ගේ ම උත්සාහයෙන් විභාගය සමත් වන ආකාරය පිළිබඳව මිනිසුන්ට උපදෙස් දෙනවා.

"මම ධනාත්මකව සිතන කෙනෙක්.මට දිගුකාලීන සිහින දැන් නැහැ.මම මගේ සිහින සැබෑ කර ගන්න උපරිමයෙන් උත්සහ කරනවා. ඒ නිසා ම මට උපරිම එල සුදුසු කාලයේ දී ලබා ගන්න පුළුවන් වුණා. මට අවශ්‍ය ඉන්දියානු රජය මිනිසුන්ට හිතකර ලෙස සකස් කරන්න."

සාමාන්‍ය පුද්ගලයින් බොහෝමයක් සිටිය දී ඉහළ ලකුණු සංඛාවක් ලබා ගෙන ඉන්දියාවේ 2013-2014 වසරේ සිවිල් සේවා විභාගයෙන් ජයගත් පළමු සිය දෙනා අතරට පත් ප්‍රථම ඉන්දියානු කාන්තාව වන්නේ බෙනෝ ස්ටෙෆින්ය. ඇය සතු ආත්ම ශක්තිය සහ අධිෂ්ඨානය විසින් ඇය දිරිමත් කර තිබෙන්නේ ආබාධිත බව ජීවිතය දිනන්නට කිසි දිනක ගැටලුවක් වන්නේ නැත .යන්න අප සැමටම අවබෝධ කර දෙමිනි.

 

අන්තර්ජාලය ඇසුරිණි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.