රත්රන් බඩ බැඳගත් යාළුවා | සිළුමිණ

රත්රන් බඩ බැඳගත් යාළුවා

චීනයේ එක්තරා ගමක ජීවත් වුණු සෑම මිනිසකුටම පිහිනීමට හැකියාව තිබුණා. එක කාලයක මේ ගමට එක දිගට වැස්ස ඇද හැළුණා. මේ නිසා මුළු ගමම ගංවතුරට යටවුණා. ඒ නිසා ගමේ හිටපු මිනිස්සු ඔරු පාරුවල නැඟී ආරක්ෂිත උස්බිම් කරා ගමන් කළා.

මේ ගමේ ජීවත්වුණ යහළුවෝ හතර දෙනෙක් ද ඔරුවක නැඟී ගිය අතර වතුර පාරේ සැරට ඔරුව පෙරළී මේ හතර දෙනාම වතුරට වැටුණා. “අනේ ! දැන් මොකද කරන්නේ ?”

මේ හතර දෙනාම පුළුවන් ශක්තිය ධෛර්යය අරගෙන පීනන්නට පටන් ගත්තා. මේ යාළුවෝ හතර දෙනාගෙන් එක් අයෙක් හොඳටම පසු බැස්සා. අනිත් යහළුවෝ අහනවා “ඔයා අපිට වැඩිය පිහිනීමට දක්ෂයි. ඇයි අද හෙමි හෙමින් පීනන්නේ ?” කියා.

“ගෙදර තිබුණු රන්කාසි දාහක්’ පරිස්සම් කරගන්නට උවමනා නිසා රන්කාසි පොට්ටනිය කට බැඳල මම ඉණේ බඳගත්තා. ඒවා හරිම බරයි. මට මහන්සියි” කියලා ඒ යාළුවා කිව්වා. ඔයා ඔය රන්කාසි දාහ විසිකරල අපි ‍වගේ ගොඩට පිහිනන්ට. ඒත් මේ ලෝබ මිනිහා යාහළුවන් කියපු දේ කිසිවක් ගණන් ගත්තේ නෑ.

අන්තිම වතාවටත් යහළුවෝ, “ පණ තිබ්බොත් සල්ලි හම්බ කරගන්න පුළුවන්. ඒ නිසා මේක විසිකරලා පීනන්න කියා පැවසුවා

මේ කිසිවක් නෑසු ලෝබයා ජල පහර සමඟ ‍ෙප‍ාරබැදුවා. වැඩක් වුණේ නෑ. මේ ලෝබ මිනිසා දියේ ගිලී මරණයට පත් වුණා. මේ නිසා රත්රං බඩේ බැඳගත් මිනිහා වගේ යන කියමන චීන ජනයා අතර ප්‍රචලිත කියමනක් වුණා.

මෙය චීන ජනකතාවකි.

එනිදු සුපසන් ප්‍රේමසුන්දර
ශ්‍රේණිය ‘බී’,
කේරි විද්‍යාලය,
කොළඹ - 8

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.