ලාංකේය පාපන්දුවට ඉතිහාසයේ දුර්වලම ස්ථානය | සිළුමිණ

ලාංකේය පාපන්දුවට ඉතිහාසයේ දුර්වලම ස්ථානය

ලෝක පාපන්දු සම්මේලනය (ෆීෆා) විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 200 වැනි ස්ථානයයි. එය මෙරටේ පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව හිමිකර ගත් දුර්වලතම ස්ථානය ලෙසට සැළකෙයි.

මෙම ශ්‍රේණිගත කිරීමට අනුව දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ පාකිස්තානයට පමණි.

ආසියානු කලාපයේ රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ඉරානයයි. ලොව අංක 01 කණ්ඩායම බවට ජර්මනිය පත් වී සිටියි. මෙම ලෝක ශ්‍රේණිගත කිරීමට රටවල් 211 ක් අයත්ය.

 

ලොව හොඳම කණ්ඩායම් 10

 

1. ජර්මනිය ලකුණු 1602

2. බ්‍රසීලය 1483

3. පෘතුගාලය 1358

4. ආර්ජන්ටිනාව 1348

5. බෙල්ජියම 1325

6. ස්පාඤ්ඤය 1231

7. පෝලන්තය 1209

8. ස්විස්ටර්ලන්තය 1190

9. ප්‍රංශය 1183

10. චිලී 1162

 

ආසියාවේ හොඳම කණ්ඩායම්

32. ඉරානය ලකුණු 798

39. ඔස්ට්‍රේලියාව 747

55. ජපානය 623

59. දකුණු කොරියාව 563

60. චීනය 561

63. සවුදි අරාබිය 539

73. එක්සත් අරාබි එමීර් 474

 

දකුණු ආසියාවේ හොඳම කණ්ඩායම්

 

105. ඉන්දියාව ලකුණු 320

147. ඇෆ්ගනිස්තානය 181

157. මාලදිවයින 135

170. නේපාලය 98

185. භූතානය 55

192. බංග්ලාදේශය 38

200. ශ්‍රී ලංකාව 16

201. පාකිස්තානය 15

 

ලොව දුර්වලතම කණ්ඩායම්

202. තර්ක්ස් සහ කයිකොස් දූපත්

කේමන් දූපත්

204. සැන් මැරිනෝ

205. බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්

206. ඇන්ගුයිලා

බහමාස්

එරිට්‍රියා

ජිබ්‍රෝල්ටාර්

සෝමාලියාව

ටොංගා

 

 

 

Comments

මුදලට යටවුනු ලංකාවේ මාද්ධ්‍යායතන,  පාසැල්වල මුල්ගුරුවරු, නූගත් [රටට ගැළැපෙන ක්‍රීඩා මොනවාදැයි නොදත්]දේශපාලකයින් සියළුදෙනාත් මෙම තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිවයුතුයි.  ආසියානුවන්ට කිසිසේත් නොගැළැපෙන,අපේ අස්ල්වැසි කිසිම රටක පිළිගැනීමක් නොමැති, රගර් ක්‍රීඩාවට,ඉහත සඳහන් පුද්ගලයන් විසින් මුල් තැනදීම, අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවත්, පාපන්දු ක්‍රීඩාවත් අද පත්ව ඇති අභාග්‍ය තත්ත්වයට ප්‍රධානම හේතුවයි. 

පිටු