පොල්කුඩුත් තෙල් වෙයි! | සිළුමිණ

පොල්කුඩුත් තෙල් වෙයි!

පොල් කුඩුවලින් හොඳම ප්‍රමිතියෙන් යුත් පොල් තෙල් ලබාගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා වූ නවීන තාක්ෂණය කොරියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන අතර, ඊට අදාළ ගිවිසුම පසුගිය 07 දා අස්සන් කෙරිණ. මේ යටතේ පොල් කුඩුවලින් තෙල් සිඳීමේ නවීන යන්ත්‍ර තුනක් මෙරටට ලැබෙන අතර, එයින් දෙකක් කුලියාපිටියේ ස්ථානගත කෙරේ. එම යන්ත්‍ර කොරියානු බුද්ධිමය දේපළ නියෝජිතායතනයේ (KIPA) යන කොරියානු නවෝත්පාදන ප්‍රවර්ධන සංගමයේ (KIPO) තාක්ෂණික සහයෝගය මත නිර්මාණය කර තිබේ. මෙකී ව්‍යාපෘතිය පිළිබඳව බුද්ධිමය සහ තාක්ෂණ දැනුම හුවමාරු කරගැනීම පිණිස මෙරට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පියවර ගන්නා අතර, මේ නවීන යන්ත්‍ර අනුසාරයෙන් පොල්කුඩුවලින් තෙල් සිඳගැනීමේ තාක්ෂණය සහ උපදෙස් මහජනතාව අතට පත් කරනු ලැබේ. 

Comments