විරහ ගීත රැල්ලෙන් මිදී ගැයුණු ජන­කගේ පළමු ගීතය | සිළුමිණ

විරහ ගීත රැල්ලෙන් මිදී ගැයුණු ජන­කගේ පළමු ගීතය

නිතර ඇසෙන විරහ ගීත රැල්ල තවමත් නිමා වී නොමැත. ඒ අතරින් පතර වෙනස්ම වු ගීත ද අසන්නට ලැබෙයි. 'සත් සමුදුර ඉහළා' ගීතය ද එම කුලකයට වැටෙනා ගීයකි. එය ගායනා කරනු ලබන්නේ චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම රංගන ශිල්පියකු ද වන ජනක ප්‍රියංකරයි. මෑතකදී තිරගත වූ 'පුංචි අපිත් බය නෑ දැන් 'සිනමාපටයේ නිෂ්පාදකවරයා වූ හෙතෙම මෙම ගීය මඟින් මල්පල ගන්වා ඇත්තේ ඔහුගේ සිතේ තිබූ බලාපොරොත්තුවකි. මෙමඟින් ඔහු ගායකයකු වීමට වඩා ඒකාකාරී බවින් මත්වූ සංගීත ලෝලීන්ට නවමු වින්දනයක් ලබාදීම අරමුණු කරගෙන තිබේ.

මෙය ජනනකගේ පළමු ගීතය ද වේ. එහි අන්තර්ගතය මෙසේය.

ගමක සිට තරුණයකු කොළඹ එයි. ඔහුගේ අරමුණ මුදල් උපයා දියුණු වී ගමට යාමය. යහමින් මුදල් උපයන හෙතෙම කොළඹදීම නන්නත්තාර වේ. මුදල් අගය මත තීරණය වූ සමාජයක අතරමං වන මෙම තැනැත්තාට අවසනදී ගමට යන්න සිදු වනුයේ හිස් අතිනි. මෙවන් වූ රසවත් අදහසකට ගීතය ලියා ඇත්තේ කසුන් කංකානම්ගේ විසිනි. සංගීත අධ්‍යක්ෂණය සහ රූප රචනාවේ අධ්‍යක්ෂණය ලස්සන ජයසේකරගෙනි. කොට්ටාව මත්තෙගොඩ අවට දිනක් පුරා රූගත කොට ඇති මේ ගීතයහි රූප රචනය රූගත කරද්දී වැස්සෙන් නම් සිදු වී ඇති බාධාව මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. එම වටාපිටාවක් තුළ දී නිර්මාණශීලිත්වයේ ගුණය රකිමින් නියමිත පැය ගණන ද ඉක්මවා ගොසින් ගීතය රූපගත කරන ලදී. 'සත් සමුදුර ඉහළා' යනුවෙන් ටයිප් කොට youtube හරහා මෙම ගීතය රස විඳිය හැකිය.

ගීතයේ සම්පූර්ණ පදමාලාව:

සත් සමුදුර ඉහළා

වැලි කැට ගොඩ දමලා

අහසේ තරු ගැනලා

එපා වෙලා බං

පෙම් සිතුවම් ඉරලා

හිතත් ගඟේ ගියා

ආතල් කොට උඩ මගේ දැන්

මීන වෘෂභ නෑ

කන්‍යා තුලා නෑ

ගෝචර වූ ග්‍රහයො ඩබල නෑ

සිහින පොකුරු නෑ කිරිත් පැණිත් නෑ

කීරි ගැහෙන කඳුළු කැටත් නෑ

රන් කොළ උඩ නැහැ මෙහෙ රඟන මොනරු නෑ

දූලි පිරුණු රම්‍ය නගරෙ ඉස්තරම්ම නෑ

රංජි ෂේමිලා කොහේ ගියපු තැනක් නෑ

කාසි වාසි නැතුව මචෝ යාළුකමත් නෑ

නිල් කටරොලු සේ හිතේ මිහිරි මතක නෑ

මට වුණ මේ නස්පැත්තිය දෙයියො දන්නෙ නෑ

නැන්සි නිම්මිලා අනේ කෝල වෙන්නෙ නෑ

කාසි වාසි නැතුව මගේ පෙම් හබ මට නෑ 

Comments