හෙළ වෙදකම | සිළුමිණ

හෙළ වෙදකම

අපේකම අමතක කරන බෙහෝ දෙනාට අමතක වූ අප සතු තවත් එක් වටිනා සමිපතක් වන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයයි. දේශීය වෛද්‍ය ක්‍රමය සෑම අතින්ම ස්වාභාවිකය. බටහිර වෛද්‍ය ක්‍රමයේදී රසායනිකව නිපදවන බෙහෙත් ශරීරයට ඇතුළු කරද්දී ආයුර්වේද වෙදකමෙන් රෝගීන්ට නිර්දේශ වනුයේ ශාක මගින් ස්වාභාවිකව නිපද වූ බෙහෙත්ය. ‍ඇතැම් රෝගවලට ප්‍රතිකාර ලෙස බටහිර වෙදකකමේදී ලැබෙන ඖෂධ තවත් රෝග මතු කිරීමට හේතු වන බව අපි අසා ඇත්තෙමු.

බොහෝ දෙනා දේශීය වෙදකම පසෙකලා බටහිර වෙදකමට පෙලඹෙන්නේ ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂාවෙනි. නමුත් ඉක්මන කොටයි යන වදන සාක්ෂාත් කරමින් දේශීය වෙදකම සෙමින් ප්‍රතිඵල ලබා දෙමින් දිගු කාලීන සෞඛ්‍ය රැකවරණය මිනිසුන්ට ලබාදේ.

එරන්දි සෞභාග්‍යා
13 ‍‍‍‍ශ්‍රේණිය 'විද්‍යා',
දේවී බාලිකා විද්‍යාලය, කොළඹ. 

Comments

පිටු