වගාව සරු කරන භූතානයේ පස | සිළුමිණ

වගාව සරු කරන භූතානයේ පස

භූතානයේ රජයේ නිලධාරීන් සහ විද්‍යාත්මක ප්‍රජාව කාබනික ගොවිතැන පිළිබඳ දැනුවත් කිරීමට මට සෑහෙන වෙහෙසක් දැරීමට සිදු වුණා. මම ඉන් පසු 'අඩු වියදම් කෘෂිකර්මය' යන වචන භාවිත කළා. අප කරන ඕනෑම දෙයකින්, නිෂ්පාදන පිරිවැය අඩු කරගත හැකි නම්, ඒ ගැන සොයා බැලිය යුතු බව මා ප්‍රකාශ කළා. ඊට පාර්ශ්වකරුවන්, ඇමතිවරුන්, නිලධාරීන් සහ විද්‍යාත්මක ප්‍රජාව එකු වුණා.

 

ජනගහනය 750,000ක් තරම් වන හිමාලයේ නැ‍ඟෙනහිර ප‍සට වන්නට පිහිටා ඇති කුඩා රට භූතානයයි. ලෝකයේ ප්‍රීතිමත්ම ජාතීන් අතරින් එකක් ලෙසද එරට හැඳින්වෙන අතර, එහි පුරවැසියන්ගේ ආධ්‍යාත්මික, ශාරීරික, සමාජීය සහ පාරිසරික සෞඛ්‍ය තුළින් ඔවුන්ගේ සන්තෝෂය ඉහළ නැංවීම කෙරෙහි එරට රජය වැඩි අවධානයක් යොමු කරයි.

100%ක් කාබනික වීමේ ගමන් මගට වැටී සිටින ලොව පළමු රට වන්නේද භූතානයයි. වර්ග සැතපුම් 14,824ක් පමණ වන භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් කාබනික වීම එතරම් අභියෝගයක් නොවේයැයි කෙනකුට සිතෙන්නට හැකිය. විශේෂයෙන් භූතානයේ ආහාර වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ කුඩා ගොවියන්ගෙනි.

2011 වසරේ ගොවිතැන සඳහා කෘෂි රසායන භාවිතය නැවතීමට භුතානය තීරණය කරන්නේ එරට කෘෂි කර්මාන්තය නඟාසිටුවීමට වැඩි අවධානයක් යොමු කරමිනි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ වසර 2020 වන විට මුළු රටේම කෘෂිකාර්මික පද්ධතිය කාබනික කිරීමයි.

ඒ ඉලක්කය කරා යන ගමනේ කාබනික කෘෂිකර්ම උපදේශකයකු ලෙස ආචාර්ය අප්පචන්දා තිමායියාගේ කාර්යභාරය ආරම්භ වන්නේ 2008 වසරේදීය. 2008 සිට 2013 දක්වා භූතානයේ කාබනික කෘෂි උපදේශක ලෙස සේවය කළ ඔහු මේ වන විට අයොවාහි මහරිෂි කළමනාකරණ විශ්ව විද්‍යාලයේ තිරසර ජීවනය පිළිබඳ සහාය මහාචාර්යවරයා ලෙස කටයුතු කරයි...

"මට ඉන්දියාවේ උපදේශක සමාගමක් තිබෙනවා. ඉන්දියාවේ ජීව විද්‍යාත්මක කෘෂිකර්මයේ ප්‍රථම උපදේශන සමාගම වශයෙන් අප කාබනික ගොවිතැනට සංක්‍රමණය වීමෙන් විශාල කෘෂි කාර්මික ව්‍යාපෘති ආරම්භ කළා. කාබනික ගොවිතැනෙහි සාර්ථක ව්‍යාපෘති දැකීමට භූතාන රජයට අවශ්‍ය වුණා. මා ඔවුන්ට ඉන්දියාවට ආරාධනා කළා; මගේ සමහර ව්‍යාපෘති පෙන්නුවා. ඊට පස්සේ, ඔවුන් සතියකට පුහුණු කිරීම සඳහා ආණ්ඩුවේ නිලධාරීන් 30 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එව්වා. සතියේ පුහුණු වැඩසටහනකින් සෑම අත්දැකීමක්ම ලබා දෙන්නේ නෑ. එවිට ඔවුන් කාබනික ගොවිතැන් වර්ධනය සඳහා උපකාර කිරීමට යමකු සොයමින් සිටි අතර කෘෂිකාර්මික අමාත්‍යාංශයේ උපදේශකයකු ලෙස තෝරාගනු ලැබුවා. එය රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින් අරමුදල් සම්පාදනය කරන ලද අතර, අවසානයේ මගේ කාර්යය වසර දෙකක් වුණා!"

ඔහු මුලින්ම එහි ගිය විට විද්‍යාත්මක ප්‍රජාව වැඩි කැමැත්තක් දක්වා නැත. ඔවුන් වටහාගෙන සිට ඇත්තේ කාබනික යන්න මිල අධික දෙයක් ලෙසය. විශාල පිරිවැයක් දැරිය යුතු දෙයක් ලෙසයි. එය සැබවින්ම එකමුතුකමේ දුෂ්කර ක්‍රියාවක් පමණක් බව ආචාර්ය අප්පචන්දා තිමායියා පවසයි. එයට දුප්පත් පොහොසත් භේදයක් නැත. ඔවුන් සිතූ අයුරින් විශේෂ ආහාරයක්ද නොවේ.

"ඉන් පසු මම 'තිරසර' යන වචනය භාවිත කළා. එහෙත් මුල් මාස හයද ඔවුන්ට අවබෝධ කිරීමට ප්‍රමාණවත් වුණේ නෑ. භූතානයේ රජයේ නිලධාරීන් සහ විද්‍යාත්මක ප්‍රජාව කාබනික ගොවිතැන පිළිබඳ දැනුවත් කිරීමට මට සෑහෙන වෙහෙසක් දැරීමට සිදු වුණා. මම ඉන් පසු 'අඩු වියදම් කෘෂිකර්මය' යන වචන භාවිත කළා. අප කරන ඕනෑම දෙයකින්, නිෂ්පාදන පිරිවැය අඩු කරගත හැකි නම්, ඒ ගැන සොයා බැලිය යුතු බව මා ප්‍රකාශ කළා. ඊට පාර්ශ්වකරුවන්, ඇමතිවරුන්, නිලධාරීන් සහ විද්‍යාත්මක ප්‍රජාව එකු වුණා."

අවසානයේ කාබනික ආහාර පෙහොසතුන්ට පමණක් හෝ වියදම් අධික යන මතය බැහැර කිරීමට හැකි වූ බව ඔහු පවසයි.

"කාබනික ගොවිතැන විශාල කෘෂිකාර්මික ආදේශකයකි. මුලින් පොහොර සහ පළිබෝධනාශක මිල දී ගත් ගොවීන් දැන් එකම කොම්පෝස්ට් සහ ස්වාභාවික යෙදවුම් මිල දී ගන්නවා. සාර්ථක කාබනික ගොවිතැන් කිරීමේ ව්‍යාපෘතියක් ලබා ගැනීම සඳහා, සියලු යෙදවුම් ස්ථානගත කළ යුතුයි. එය ස්වයංපෝෂිතය නිර්මාණය කරන පද්ධතියක් විය යුතු අතර එය සංවෘත පද්ධතියකි. අප සිදු කරන ක්‍රියාකාරකම් ස්වභාව ධර්මයේ සහ පුනර්ජනනීය ද්‍රව්‍යයක් අප විසින් නිපදවනු ලබන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට ලක් කළ යුතුයි. ගොවිපොළක, ආර්ථික වටිනාකමක් නැති වල්පැළෑටි, අවශේෂ සහ ශාක කොටස්වල ශක්‍යතාවක් ඇති ජීවමාලාවක් තිබේ. මේ සියල්ල කොම්පෝස්ට් බවට පරිවර්තනය කළ හැකියි." 

 ක්‍රිසන්ති විතා­රණ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.