ගොවි­යාගේ අත­මිට සරු කරන කාබ­නික වගාව | සිළුමිණ

ගොවි­යාගේ අත­මිට සරු කරන කාබ­නික වගාව

ඝර්ම කලාපීය රටක වාසය කරන මෙරට ගොවිජනතාව පෙර කල සිට සිය ගොවිබිම සකස් කර ගැනීමමේදී චක්‍රීය ගොවිතැන් ක්‍රමය යොදා ගත්තේය. එනම් වල්කොට ගිණිතබා සකස් කරගන්නා ගොවිබිම අස්වනු නෙළීමෙන් අනතුරුව අතහැර වෙනත් බිමක් තෝරා ගැනීමය. මෙහි අපේක්ෂාව වන්නේ නැවත ඒ බිම සශ්‍රීකවීමට ඉඩ හැර නැවත ප්‍රයෝජනයට ගැනීමය. මෙනිසා ගොවියාට සිය වගාවන්ට අවශ්‍ය පොහොර ලබා ගැනීමට විශේෂ අවශ්‍යතාවයක් නොවුණි. එසේ අවශ්‍ය වූයේ නම් ඒ සඳහාද ඔවුන් සතුව විකල්ප ඕනෑ තරම් විය.

නමුත් යටත් විජිත යුගයෙන් පසුව විනාශව ගිය මෙම කෘෂිකාර්මික ජීවන රටාව නැවත සකස් වූයේ බොහෝ අලකලන්චි මැද්දේය. ක්‍රමයෙන් ඔවුන්ගේ තාක්ෂණික උපක්‍රමවලට ගොවියා හුරුකිරීමත් සමඟ එතෙක් ඔවුන් සතුව වූ පාරම්පරික දැනුම අභාවයට ගියේය. නගුල උදැල්ල වෙනුවට මඩට දැමූ රොටරිය හේතුවෙන් සාරවත් පොළව වෙනුවට නිසරු පොළොවක බීජ රෝපණය කෙරිණි. ඒ බීජ වැඩීමට රසායනික පොහෝර හා වෙනත් කෘෂිරසායන බොහොමයක් ඒ සඳහා යොදාගතයුතු විය. ක්‍රමයෙන් මීට හුරු වූ ගොවිජනතාවට අද බීජ හා කෘෂිරසායනික නොමැතිව වගා කිරීමට නොහැකි තත්ත්වයක් පත් වී සිටිති.

පසුගිය කාලයේ ඇති වූ පොහොර හිඟය නිසා යල මහ යන කන්නදෙකේදීම වී අස්වැන්න අහිමිව ගියේය. එය මෙරට ආර්ථිකයට මෙන්ම එදිනෙදා ජන ජීවිතයට කළ බලපෑම සුළුපටු නොවේ. මෙනිසා රජය නැවත කාබනික වගාව ප්‍රචලිත කිරීමට උත්සාහ ගැනීම යෝග්‍යය වේ. එහෙත් එය එක රැයින් සාර්ථක කර ගත නොහැකිය. මීට ගොවිජනතාවගේ දායකත්වය අත්‍යාවශ්‍යය. කාලාන්තරයක් තිස්සේ විෂ යොදා විනාෂ කළ පොළව නැවත සශ්‍රීකත්වයට පත් කිරීමට කිසියම් කාලයක් අවැසි වේ. අප මේ ගෙවමින් සිටින්නේ එම කාල පරිච්ඡේදයයි.

කාබනික ගොවිතැන ලෝකය පුරා මේ වන විට ජනප්‍රිය වෙමින් තිබේ. ඒ දින දින උග්‍රෙවමින් පවතින සෞඛ්‍ය හා පාරිසරික ගැටළු නිසාය. මෙනිසා සෞඛ්‍යාරක්‍ෂිත ආහාර වේලක් ලබා ගැනීමටත්, පිරිසිදු ජලය හා වාතය ලබා ගැනීමටත් මෙය අවශ්‍යතාවයක්ව පවතී. ස්ථීර සාරවත් පසක් නිමවා ගැනීමට නම් පාරම්පරික වගා ක්‍රම සමඟ නූතන තාක්ෂණය සාර්ථක ලෙස සම්මිශ්‍රණය කර ගැනීමේ අවශ්‍යවේ.

මේ වන විට කාබනික නිපැයුම්වලට ඉහළ මිලක් තීරණය වී තිබීමද සාධනීය ලක්ෂණයකි. මේ හේතුව නිසා ගොවියා මේ සඳහා පෙළඹවීමට පහසු වී තිබේ. අනෙක් අතට කාබනික ගොවිතැන ගෝලීයව ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබෙන නිසා ලෝක වෙළෙඳ පොළේද කාබනික බෝග සඳහා හොඳ ඉල්ලුමක් පවතී. මේ නිසා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් කාබනික බෝග වගාව ඉහළ නැංවීමට ගන්නා උත්සාහය අගේ කළ යුතුය.

රසික කොටුදුරගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.