ලෝකය සමඟ එක­මුතු වන විය­ට්නාම තාක්ෂ­ණය | සිළුමිණ

ලෝකය සමඟ එක­මුතු වන විය­ට්නාම තාක්ෂ­ණය

තාක්ෂණය සහ බද්ධව කටයුතු කිරීමට වියට්නාමය මේ වනවිට තීරණය කර තිබේ. එමඟින් උසස් තාක්ෂණයෙන් යුත් කෘෂිකර්මාන්තයක් ගොවියාට හඳුන්වා දීමට වියට්නාමය කටයුතු කර තිබේ. අන්තර්ජාතික වෙළෙඳපොළට පිවිසීමට නම් තාක්ෂණය සමඟ බද්ධ වූ වැඩපිළිවෙලක් අවශ්‍ය බව මේ වනවිට වියට්නාම රජය ප්‍රායෝගිකව ඔප්පු කර තිබේ. මේ අනුව කෘෂිකාර්මික නිෂ්පාදන විද‍්‍යාත්මක හා තාක්ෂණ යෙදවුම් මඟින් නිෂ්පාදනය කිරීමට වියට්නාම රජය මේ වන විට උත්සුක වී තිබේ. මේ සඳහා රාජ්‍ය සහ විද්‍යාත්මක පර්යේෂණ සංවිධාන පමණක් නොව ගොවීන් සහ කෘෂි ව්‍යාපාරවල ද සහභාගීත්වය අවශ්‍ය බව වියට්නාමයේ කෘෂිකර්ම සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සහ උපාය මාර්ග ආයතනයේ අධ්‍යක්ෂ ග්‍යුන් ඩු අන්හ් ටු ආන් මහතා පවසයි.

මේ ඉලක්ක‍යන්ගේ අරමුණ වන්නේ, විවිධාංගීකරණය වූ පාරිභෝගික ඉල්ලුමේ ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා උසස් තාක්ෂණික කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම බව ඔහු අවධාරණය කරයි.

කෘෂි කර්මාන්තයේ ව්‍යාපාරික කටයුතු සඳහා කෘෂි නිෂ්පාදන සඳහා ප්‍රාග්ධන සහ නිෂ්පාදන වෙළෙඳපොළේ ගැටලු නිරාකරණය කර ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

වියට්නාමයේ උසස් තාක්ෂණික ගොවිතැන (හයිටෙක් ඇග්‍රිකල්චර්) සඳහා ආයෝජන දිරිගැන්වීම් රැසක් හඳුන්වා දී ඇත්තේ මෙම න්‍යාය මත පදනම්වය. 2020 වන විට උසස් තාක්ෂණික ගොවිතැන සංවර්ධනය කිරීමට මෙහි අරමුණ වී ඇත. 2010 දී එරට අග්‍රාමාත්‍ය වරයා විසින් අනුමත කරන ලද ව්‍යාපෘති කීපයකි. එමඟින් උසස් තාක්ෂණික ක්‍රමවේද මඟින් කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම, සේවකයින් පුහුණු කිරීම සහ උසස් තාක්ෂණයෙන් යුත් කෘෂි ව්‍යාපාර සංවර්ධනය කිරීම ප්‍රමුඛ ස්ථානය ගන්නා ලදී. මෙහිදී පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා විශාල දිරිගැන්වීමක් ලබා දී ඇත. ජාතියක් වශයෙන් දිරි දීමනා ලබාදීම කටයුත කළ අතර බොහෝ නගර සහ පළාත් සඳහා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා කටයුතු යොදා ඇත. එමෙන්ම පරිපාලන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා විශේෂිත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව හෝ චි මින්හ්, ලැම් ඩොන්ග්, වින්හ් ෆුක් සහ ක්වැන්ග් නින්හ් නගර සහ පළාත් ගණනාවකට ඉහළ තාක්ෂණයෙන් යුත් කෘෂි ව්‍යාපාර මධ්‍යස්ථාන බවට පත් වී තිබේ.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පස් අවුරුදු ප්‍රතිව්‍යුහගතකිරීමේ සැලැස්ම ආලෝකමත් කරමින් 2030 දී දැක්මකින්, විද්‍යාව හා තාක්ෂණය සංවර්ධනයේ පෙරළියක් නිර්මාණය කිරීමට අවශ්‍ය පදනම සකස් කරනු ඇති බව ක්වැන්ග් නින්හ් මහජන කමිටුවේ ඩැන්ග් හ්‍යු හෝ පවසයි. මෙම ව්‍යාපෘතියේ මූලික අභිප්‍රාය විදෙස් රටවලින් කාබනික වගාව සඳහා තාක්ෂණය ලබා ගැනීම මුළුමනින්ම නවතා දැමීමමයි.

 ක්‍රිසන්ති විතාරණ

Comments