කව­රයේ කතාව | සිළුමිණ

කව­රයේ කතාව

ඵෙතිහාසික සෙංකඩගල පුරවරයේ උපන් අසිත අත්තනායක රටක් හඳුනාගන්නේ රංගන ශිල්පියකු ලෙසටය. තාරුණ්‍යයේ කඩවසම් පෙනුමකට උරුමකම් කියන නවපරපුරේ නිරූපණ ශිල්පියකු ලෙසද කටයුතු කරන ඔහු, නිරූපණ ශිල්පිනියක වන සෙව්වන්දි සමඟ මෙවර රසඳුන කවරය හැඩගන්වන්නේය.

වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන අසිත මෝස්තර නිර්මාණ හා සම්බන්ධ ඇඟලුම් කර්මාන්ත ශාලාවක හිමිකරුවෙකි. එසේම ‘පහන් වැට‘ නම් සමාජ සේවා සංවිධානයේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරමින් මේවන විට විවිධ සමාජ සත්කාරක වැඩසටහන් සඳහා ඔහුගේ දායකත්වය ලබා දී තිබේ. පසුගිය අවුරුදු සමයේ දිවයිනේ දුෂ්කර ගම්මානයක්වූ ‘දම්ගොල්ල‘ ප්‍රදේශයේ කුඩා දරුවන් වෙනුවෙන් අවුරුදු උළෙලක් සංවිධානය කිරීමට මූලිකත්වය දැරුවේ ද ඔහුය.

නිරූපණ ශිල්පියකු ලෙස කලාවට අත්පොත් තැබුවද රංගන ශිල්පියකු ලෙස අසිතගේ රුව සහ නම ප්‍රේක්ෂකයන් හඳුනාගන්නේ සිරස නාළිකාවේ විකාශය වූ ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘ ආදරයේ සුවඳ අරන්‘ ටෙලි සිත්තම හරහාය. ඒ එහි දුලාජ් නම් චරිතයට පණ පොවමිනි.

ඊට අමතරව ස්වාධීන රූපවාහිනියේ විකාශය වු තරුපිරි අහස හි ‘කවිඳුගේ‘ චරිතයද, දෙරණ නාළිකාවේ විකාශය වූ සිහින සිත්තරාවීහි ‘කසුන්ගේ‘ චරිතය තුළින්ද ඔහු සිය රංගන ප්‍රතිභාව පසක් කළේය. එමෙන්ම නුදුරේදී විකාශය විමට නියමිත, හිරුවියන, මහිංසා, තේජා, අඳුරට එළියක් වැනි නිර්මාණ කිහිපයක් හරහාද අසිතගේ රංගන හැකියාව ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකිය.

වෙළෙඳ දැන්වීම් ගණනාවක් තුළින්ද ඔහුගේ රුව ඔබට හුරුපුරුදු ඇති? ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, මර්චන්ට් බෑන්ක්, ඉෂාර ට්‍රේඩර්ස්, ඒ අතර සුවිශේෂය. නවක කලාකරුවකු ලෙස ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යාමට පෙරුම් පුරනා ඔහුට අපගේ සුබ පැතුම්. 

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.