ගෙවී­ගිය වසරේ දේශීය සින­මාවේ මතක සට­හන් | Page 2 | සිළුමිණ

ගෙවී­ගිය වසරේ දේශීය සින­මාවේ මතක සට­හන්

වසරක් ගෙවී නව වසරක් උදාවී තිබේ. ගෙවී ගිය වසරේ අපේ රටේ සිනමාව හා නළු නිළියන් සම්බන්ධව සිදුවුණු විශේෂ සිදුවීම් විමසා බලන්නට අප සිතුවේ එය රසඳුන පාඨක ඔබට වැදගත් වේවි යැයි සිතුණු නිසාවෙනි.

ජනවාරි

ජනවාරි මස 05 වැනිදා අම්බලන්ගොඩ සත්සර සිනමා හල විවෘත කරන ලදි . 13 වැනිදා රංගන ශිල්පි දීපාල් සිල්වා මිය ගියේය. 14 වැනිදා රංගන ශිල්පී හා අධ්‍යක්ෂ එම්. වී. බාලන් මිය ගියේය. 15 වැනිදා රංගන ශිල්පි හා නිෂ්පාදක එච්. එස්. පෙරේරා මිය ගියේය. 15 වැනිදා හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්ගේ රිදී තිරය ඔප කළ තරු ග්‍රන්ථය නිකුත් විය. 20 වැනිදා චත්‍ර වීරමන් හා භාරත ගිහාන් හෙට්ටි ආරච්චිගේ ආලෝකෝ උදපාදි වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 20 වැනිදා නුවන් නයනජිත් කුමාරගේ ඔත පුවත් නුවණ ග්‍රන්ථය නිකුත් විය. 21 වැනිදා ගිවන්ත අර්ථසාද්ගේ සිනමා මායා ග්‍රන්ථය නිකුත්විය. 26 වැනිදා ස්වර්ණාව සිනමාවේ ගැහැණිය ග්‍රන්ථය නිකුත් විය. 29 වැනිදා අජිත් ගලප්පත්තිගේ පනස්හයේ රේඛාව ග්‍රන්ථය නිකුත් විය. 30 වැනිදා බර්නාඩ් ශ්‍රීකාන්තගේ දොළොස්මහේ සිනමාව 2015 ග්‍රන්ථය නිකුත් විය.

පෙබරවාරි

පෙබරවාරි මාස 01 වැනිදා රංගන ශිල්පි හා නිෂ්පාදක බැප්ටිස් ප්‍රනාන්දු මිය ගියේය. 10 වැනිදා රංගන ශිල්පි හා අධ්‍යක්ෂ ආරියදාස පීරිස් මිය ගියේය. 13 වැනිදා ප්‍රථම ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල පවත්වනු ලැබීය. 14 වැනිදා රංගන ශිල්පි බොනිෆස් ප්‍රනාන්දු මිය ගියේය. 16 වැනිදා සුදේශ් වසන්ත පීරිස්ගේ රන් සයුර වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. 16 වැනිදා සිට 21 වැනිදා දක්වා චීන චිත්‍රපට උළෙලක් පවත්වනු ලැබීය. 17 වැනිදා කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශගේ ප්‍රේමය නම් වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 26 වැනිදා විමුත්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ චත්‍රක් බෙංගාලි චිත්‍රපටය රූපවාහිනි විකාශනයක් ලෙස (දෙරණ) ප්‍රදර්ශනය කෙරිණ.

ම‍ාර්තු

මාර්තු මස 09 වැනිදා දිලීප පෙරේරාගේ සොඳුරු සිනමා අදියුරු තිස්ස ලියනසුරිය ග්‍රන්ථය නිකුත් විය. 13 වැනිදා ජීවන්ත දයානන්දගේ ටෝනි දොස්තර සරත් ලෙස ග්‍රන්ථය නිකුත් විය. 15 වැනිදා සිට 19 වැනිදා දක්වා ප්‍රංශ චිත්‍රපට උළෙලක් පවත්වනු ලැබීය. 16 වැනිදා රංගන ශිල්පිනී පුෂ්පා ජෙනට් මිය ගියාය. 17 වැනිදා විමුත්ති ජයසුන්දරගේ සුළඟ ගිනි අරන් වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 20 වැනිදා රූපසේන සිල්වාගේ සිංහල සිනමාවේ සමාරම්භක සින්දු (ගීත තැටිය සමඟ) ග්‍රන්ථය නිකුත් විය. 26 වැනිදා තිර නාටක රචක හා නිෂ්පාදක ඇන්ටන් අල්විස් මිය ගියේය. 27 වැනිදා එකොළොස්වන ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙල පවත්වනු ලැබීය. 31 වැනිදා ඒ. ඒ. ජුනයිදීන්ගේ කොට උඩ එක්ස්ප්‍රස් වර්ණ චිත්‍රපට ප්‍රදර්ශනය ඇරැඹීය. 31 වැනිදා ජනාධිපති සම්මාන උළෙල (සිනමා) පවත්වනු ලැබීය.

අප්‍රේල්

අප්‍රේල් මස 14 වැනිදා ජගත් විජේනායක මිය ගියේය. 17 වැනිදා උදය කාන්ත වර්ණසුරියගේ බන්ධන කළු සුදු චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 20 වැනිදා නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ නිලංජනා වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. නිෂ්පාදක අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර මිය ගියේත් මෙම මස තුළදීය.

මැයි

මැයි මස 04 වැනිදා ඉසුරු වීරසිංහ මුදලි හා චලින් මධුරංගගේ පැණි මකුළුවෝ වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 15 වැනිදා තිර නාටක රචක ඩී. කීරගල ආරච්චි (රත්නපුරේ ශිවංක හිමි) මිය ගියේය. 18 වැනිදා සුනිල් ආරියරත්නගේ අලි කතාව වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 19 වැනිදා විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නිම්නයක හුදකලාව වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 26 වැනිදා තිසර ඉඹුලානගේ නිනෝ ලයිව් වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 30 වැනිදා සරසවිය හා රසඳුන හිටපු කර්තෘ සුනිල් මිහිඳුකුල මිය ගියේය. රංගන ශිල්පි ඩැනියෙල් මුතුමාල අධ්‍යක්ෂ සිරී ගුණසිංහ මිය ගියේත් මෙම මස තුළදීය.

ජුනි

ජුනි මස 02 වැනිදා ප්‍රසන්න ජයකොඩිගේ 28 වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශන ඇරැඹීය. 05 වැනිදා නිෂ්පාදිකා ඊවා නාලිනී ද සිල්වා මිය ගියාය. 15 වැනිදා තුසිත ජයසුන්දරගේ වසන්ත පිරිත ග්‍රන්ථය නිකුත් විය. 16 වැනිදා රොඩ්නි විදානපතිරණගේ හිම තාරකා වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 20 වැනිදා බම්බලපිටියේ මථුණ සිනෙසිටි ෆිල්ම්ක්ලබ් සිනමා හල විවෘත කරන ලදි. 22 වැනිදා ජී. නන්දසේනගේ දෙවැනි වරම වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 24 වැනිදා දහතුන්වන රයිගම් ටෙලීස් සම්මාන උළෙල පවත්වනු ලැබීය. නිෂ්පාදක අධ්‍යක්ෂ ටී. අර්ජුන මිය ගියේත් මෙම මස තුළදීය.

ජූලි

ජූලි මස 14 වැනිදා චෙයියාර් රවිගේ ධර්ම යුද්ධය වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 18 වැනිදා සංගීත අධ්‍යක්ෂ සෝමපාල රත්නායක මිය ගියේය. 21 වැනිදා ප්‍රියන්ත පතිරගේ අධ්‍යක්ෂණය කළ පුංචි අපිත් බය නෑ වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 21 වැනිදාම නිෂ්පාදක තිලක් අතපත්තු මිය ගියේය. 23 වැනිදා සිට 26 වැනිදා දක්වා අන්චර් සිනමා උළෙල පවත්වනු ලැබීය. සංස්කරණ ශිල්පි රංජිත් නිව්ටන් ප්‍රනාන්දු මිය ගියේත් මෙම මස තුළදීය.

අ‍ගෝස්තු

අගෝස්තු මස 11 වැනිදා රොහාන් පෙරේරාගේ හීන හොයන සමනල්ලු වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 11 වැනිදාම කිරිඳිවැල සී. කේ. සිනමා හල විවෘත කරන ලදි. 16 වැනිදා රංගන ශිල්පිනී කුමාරි මානෙල් මිය ගියාය. රංගන ශිල්පිනි සුමනා වීරසේකර මිය ගියේත් මෙම මස තුළදීය.

සැප්තැම්බර්

සැප්තැම්බර් මස 06 වැනිදා රංගන ශිල්පි සුමිත් බිබිලේ මිය ගියේය. 07 වැනිදා සිට ‍09 වැනිදා දක්වා ‍කොයින්ස් සිනමා උළෙල පවත්වනු ලැබීය. 13 වැනිදා තිස්ස ඩයස්ගේ සෙල්ලම් නැත්නම් ලෙල්ලම් වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 15 වැනිදා සි‍ට 20 වැනිදා දක්වා යාපනය අන්තර් ජාතික සිනමා උළෙල පවත්වනු ලැබීය. 22 වැනිදා ලාල් ප්‍රියදේවගේ අප්පට සිරි පුළුල් තිර වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 29 වැනිදා ධර්මසේන පතිරාජගේ ස්වරූප වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය.

ඔක්තෝබර්

ඔක්තෝබර් මස 12 වැනිදා ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ දේදුනු ආකාසේ වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 12 වැනිදා සිට 17 වැනිදා දහවැනි යු‍රෝපා සිනමා උළෙල පවත්වනු ලැබීය. 13 වැනිදා සිග්නිස් ටෙලි සිනමා උත්තමාචාර සම්මාන උළෙල පවත්වනු ලැබීය. 27 වැනිදා සුජීව ගුණරත්නගේ කාල වර්ණ චිත්‍ර පටය ප්‍රදර්ශනය ඇරැඹීය.

නොවැම්බර්

‍නොවැම්බර් මස 10 වැනිදා නිහාල් බණ්ඩාරගේ සීමා නෑ ආකාසේ වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 11වැනිදා අමිල ලොකුමාන්න රචිත සුජාතා අත්තනායකගේ දිවි සිරිත ග්‍රන්ථය නිකුත් විය. 12 වැනිදා කටුනායක රූ සිනමා නමින් සිනමා හලක් විවෘත්ත කරන ලදි. 17 වැනිදා සිට 20 වැනිදා දක්වා කොරියානු චිත්‍රපට උළෙලක් පවත්වනු ලැබීය. 21 වැනිදා සිට 25 වැනිදා දක්වා හත්වැනි සාර්ක් චිත්‍රපට උළෙල පවත්වනු ලැබීය. 29 වැනිදා රටගිය ඇත්තෝ ටෙලි නාට්‍යයෙන් සකසා ගත් ඩිජිටල් චිත්‍රපටය බොරැල්ලේ පුංචි තියටර්හි පෙන්වීය. 30 වැනිදා චලන සතිපතා සිනමා පත්‍රය නිකුත් විය.

දෙසැම්බර්

දෙසැම්බර් මස 01 වැනිදා ජයප්‍රකාෂ් සිවගුරුනාදන්ගේ 5 සමත් වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 08 වැනිදා රන්ජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන් වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 18 වැනිදා රොහාන් පෙරේරාගේ A ලෙවල් වර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. 

 

Comments