අංකයේ කරුමය කියයි ඔබේ උරුමය | සිළුමිණ

අංකයේ කරුමය කියයි ඔබේ උරුමය

ඔබ කැමති අංකයක් කියන්නැයි කෙනෙකු කී විට අපි කැමති අංකය මේ යැයි කියමු.එමෙන්ම අප අකමැති අංකයන් ද තිබේ.

නිදසුනකට - අංක 7ට කැමති පුද්ගලයෝ අංක 3ට එතරම් ප්‍රිය නොවිය හැකිය. එහෙත් අප කැමැති වුවත් නැතත් උපතින්ම අපගේ දෛවය ගැන කියන ඉරණම් අංකයක් තිබේ.එය කර්ම අංකය යනුවෙන් හඳුන්වමු. මේ ලිපියෙන් ඔබේ කර්ම අංකය හඳුනා ගෙන අනාගතය කෙසේ වන්නේ දැයි බලන්න.

කර්ම අංකය හෙවත් Karmic Number ලබාගන්නේ යම් පුද්ගලයෙකුගේ උපන් දවස පදනම් කර ‍ගෙනය. උපන් දවසට අංක 1 සිට 31 දක්වා අගයන් අයත්ය. එම උපන් දවස තනි අංකයක් වනසේ එකතු කර කර්ම අංකය ලබා ගනී.

කර්ම අංකය තුළින් පුද්ගලයෙකුගේ ගතිගුණ සුබ මෙන්ම අශුභ කාල පරිච්ඡේද, පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය විවාහයට ලැබෙන සහකරුගේ හෝ සහකාරියගේ ස්වභාවය ආදී බොහෝ දේ අනාවරණය කර ගත හැක.

කර්ම අංකය සොයාගන්නා අයුරු ඉගෙන ගනිමු.

• කර්ම අංක 1 හිමි වන්නේ

කිසියම් මාසයක 1, 10, 19, 28 යන දිනයන් හී උපන් ජනමීන්ටය.

• කර්ම අංක 2 හිමි වන්නේ

ඕනෑම මාසයක 2, 11, 20, 29 යන දිනයන් හී උපන් ජන්මීන්යට.

• කර්ම අංක 3 හිමි වන්නේ

ඕනෑම මාසයක 3, 12, 21, 30 යන දිනයන් හී උපන් අයටය.

• කර්ම අංක 4 හිමි වන්නේ

ඕනෑම මාසයක 4, 13, 22, 31 යන දිනයන් හී උපන් පුද්ගලයන්ටය.

• කර්ම අංක 5 හිමි වන්නේ

ඕනෑම මාසයක 5, 14, 23 යන දිනයන් හී උපන් ජන්මීන්යටය.

• කර්ම අංක 6 හිමි වන්නේ

ඕනෑම මාසයක 6, 15, 24 යන දිනයන් හී උපන් ජන්මීන්ටය.

• කර්ම අංක 7 හිමි වන්නේ

ඕනෑම මාසයක 7, 16, 25 යන දිනයන් හී උපන් ජන්මීන්ටය.

• කර්ම අංක 8 හිමි වන්නේ

ඕනෑම මාසයක 8, 17, 26 යන දිනයන් හී උපන් ජන්මීන්ටය.

• කර්ම අංක 9 හිමි වන්නේ

ඕනෑම මාසයක 9, 18, 27 යන දිනයන් හී උපන් ජන්මීන්ටය.

කර්ම අංකය 1 සිට 9 දක්වා වන පුද්ගලයන්ගේ ගතිගුණ වෙන වෙනම විමසා බලමු.

කර්ම අංකය 1 නම් :-

කර්ම අංකය 1 වන පුද්ගලයා ස්ත්‍රියක් වුවද පුරුෂයෙකු වුවද ඔහුට බලපෑම් කරන ග්‍රහයා රවිය. රවිගෙන්ම පාලනය වේ. මෙම අංකය හිමි පුද්ගලයෝ ප්‍රබල පුද්ගලයෝ්ය. මොවුන් දියුණු වීමට මෙන්ම කීර්තිය, ප්‍රශංසාව ලැබීමට ප්‍රබල ආශාවකින් පසු වේ. ජීවිතේ තමාට අවශ්‍ය දේ ළඟා වේ. තනිවම වැඩ කිරීමට කැමැත්ත මෙන්ම මුරණ්ඩු කමද මොවුන් තුළින් දෘශ්‍යමාන වෙයි. එහෙත් බොහෝ නම්‍යශීලී පුද්ගලයන්ය. දුරදක්නා නුවණද පිළිබිබු වේ. දියුණුව වයස අවුරුදු 35න් පසුවය. ප්‍රතිඵල දැකගත හැකිය. ඉගෙනුම ලැබූ ක්ෂේත්‍රයට වඩා පරිබාහිර ක්ෂේත්‍රයකින් දියුණුව ලබයි. විරුද්ධ ලිංගිකයන් අතර බොහෝ ප්‍රචලිත වන අතර උදව් උපකාරද ලබයි. වාසනාවන්ත ජීවිතයකට හිමිකම් කයයි. සුබ දින වන්නේ ඉරිදා සහ සඳුදාය.

කර්ම අංකය 2 නම් :-

මේ පුද්ගලයින්ගේ ජීවිතය පාලනය කරනු ලබන්නේ සඳු ග්‍රහයා විසිනි. සිත ඉතාමත් සංවේදීය. කලාවට ළැදි පුද්ගලයෝ්ය. ශරීර ශක්තියෙන් නොව මානසික ශක්තියෙන් ප්‍රයෝජන ගන්නා අය‍වේ. නමුත් ක්‍රියාකාරීත්වය අඩු බැවින් මොවුන්ගේ සිතේ උපදින බොහෝ වටිනා සිතුවිලි ක්‍රියාවට නැංවීමට නොහැකි‍වේ. තරමක් දඩබ්බරය. සෑම දෙයක් සම්බන්ධවම විශ්වාස කරනුයේ හේතු සාධක ඇත්නම් පමණි. ලේඛන හැකියාවට ‍බොහෝ දස්කම් දක්වයි. සාහිත්‍ය කරණයට මෙන්ම මනෝ විද්‍යාවටද දක්ෂය. නිතර තම ජීවිතය සම්බන්ධව සැකයෙන් හා බියෙන් පසුවේ. මුදල් ජීවිතයම කර නොගනී. අනුන්ට උදව් කිරීමට බොහෝ කැමතිය. මේ අංකය හිමියන්ගේ දවස සඳුදාය. මොවුන් නිදහසේ මෙන්ම සැනසීමේ සිටීමට ද ප්‍රිය කරයි. අවිවේකී බව අප්‍රිය කරයි.

කර්ම අංකය 3 නම් :-

අංක තුන ගුරු ග්‍රහයා මගින් පාලනය වේ. දියුණු වීමට ප්‍රබල ආශාවක් දක්වයි. තරමක් ආත්මාර්ථකාමී චරිතයකි. දැඩි අධිෂ්ඨානශීලීය. ඕනෑම ස්ථානයකදී මුල්තැන මෙන්ම මුල් පුටුව බලාපොරොත්තු වේ. බොහෝ ධෛර්යවන්ත මෙන්ම දැඩි ආත්මවිශ්වාසයක්ද මොවුන් තුළ පවතී. මේ පුද්ගලයන් ජීවිතයේ මුල් යුගයේදී බොහෝ කරදර දුක් පීඩා වලට ගොදුරු වෙයි. සාධාරණය වෙනුවෙන් කතා කරන හෙයින් විරුද්ධවාදීන් බොහෝ ඇති වේ. විරුද්ධ ලිංගිකයන් බොහෝ ප්‍රිය කරයි. තම පවුලේ සියලු දෙනාට අසීමිතව ආදරය කරයි. මොවුන් කිසිවෙකුට බොරු පොරොන්දු ලබා නොදේ. අඟහරුවාදා බ්‍රහස්පතින්දා හා සිකුරාදා මොවුන්ට සුබ දවස් වේ.

කර්ම අංකය 4 නම් :-

මේ අංකය හිමියන් රවි හා යුරේනස් යන ග්‍රහයන්ගෙන් පාලනය වේ. යුරේනස් ගේ පාලනයට හසුවන බැවින් මොවුන් ආවේගශීලි ගත් ලක්ෂණ පෙන්නුම් කරයි. අසම්මත ගති ලක්ෂණ වලින් පිරිපුන් අයවේ. අනුන්ගේ සිත් රිදවන වචන කතා කරයි. එමෙන්ම කෝපයට පත් කරවයි. ඒ නිසාම මොවුන්ට රහසිගත හතුරෝ බිහිවීම අනිවාර්ය වේ. තව කෙනෙකුට යටත් ජීවත් වීම කිසිදිනක සිදු නොවේ. විවාහය සඳහා කෙනෙකු තෝරා ගැනීමේදී බොහෝ සැලකිලිමත් විය යුතුය. මන්ද බොහෝ විට මොවුන්ගේ විවාහය බිද වැටේ. මුදල් වියදම් කිරීමේදී පමණට වඩා ‍වියදම් කරයි. ඒ නිසා ආර්ථික අපහසුතාවලට ලක් වීමට සිදු වේ. සෙනසුරාදා, ඉරිදා හා සඳුදා යන දවස් සුබ වේ.

කර්ම අංකය 5 නම් :-

කර්ම අංක 5 බුධ ග්‍රහයාගෙන් පාලනය වේ. මොවුන් බොහෝ දේ දන්නා බහුශ්‍රැතයන්ය. සිත් ඇද ගන්නා සුළු පෙනුමකින් යුක්තය. කඩිසර, ජව සම්පන්න නොපසුබට වීර්‍යයෙන් යුක්තය. ආවේගශිලී චරිත වේ. උපතින්ම බුද්ධිමත්ය. මානසික නිදහස ප්‍රබල අපේක්ෂා කරන නතර හු‍ෙදකලාව වාසය කිරීමට කැමැත්තෝය. මිතුරන් බො‍හෝ සිටියද මිතුදම් වැඩිකල් රඳවා නොගනී. අනුන්ගේ බස් වලට රැව‍ටේ. දරා ගැනීමේ හැකියාවද ඉතා ප්‍රබලය. කලාවට මෙන්ම කලාත්මක දේටද ඇලුම් කරයි. ප්‍රේමයේදී චපල චරිත වේ. ප්‍රේම කරන්නා සමඟ විවාහ නොවේ. ලේඛන කලාවට මෙන්ම ප්‍රචාරක කටයුතු වලටද දක්ෂතා පෙන්නුම් කරයි. බදාදා, සිකුරාදා යන දවස් මේ කර්ම අංකය හිමි අයට සුබ වේ.

කර්ම අංකය 6 නම් :-

මේ කර්ම අංකය හිමි පුද්ගලයාගේ ජීවිතයට බලපෑම් කරනුයේ සිකුරු ග්‍රහයාය. ආදරණිය මෙන්ම හැඟීම්බර පුද්ගලයන්ය. නිර්මාණශිලීය. සමාජශිලීය. හුදකලාවට ප්‍රිය නොකරන අයවේ. ආදරයට, කරුණාවට මෙන්ම සුහදත්වයටද බොහෝ ඇලුම් කරයි. අවශ්‍ය දේවල්, අන්‍යයන්ගෙන් නොඅඩුව බලාපොරොත්තු වෙයි. මොවුන් චරිතවත්ය. ස්වභාවධර්මයාට ප්‍රිය කරයි. පමණ ඉක්මවා විනෝද වීමට ප්‍රිය කරයි. වයසට යත්ම ආර්ථික අපහසුතා වලට ගොදුරු වේ. ප්‍රේම සම්බන්ධතා බොහෝ ඇතිවේ. සිකුරාදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා යන දවස් කර්ම අංකයට සුබ වේ.

කර්ම අංකය 7 නම් :-

මෙවැන්නෝ පාලනය කරනු ලබන්නේ සඳු හා නැප්චුන් ග්‍රහයා විසිනි. මොවුන් ස්වාධීන පුද්ගලයින් වන අතර නිතර කල්පනා කිරීම සිදු කරයි. කදිම ශක්තිමත්ම මනසක් හා ප්‍රබල පෞරුෂයකින් යුතු මොවුන් සමාජයේ කැපී පෙනේ නමුත් නිතර තමන් පිළිබඳ අවතක්සේරුවෙන් සිතයි. එම කාලය ගැටලු රැසකින් පිරි එකකි. අධ්‍යාපනයද ඒ නිසාම කඩාකප්පල් වේ. ආදරය මූලික කරගෙන ජීවත් වේ. මුඛරිය. නිතර වාද විවාදවල පැටලේ. හදවත කරුණාවන්ත මෙන්ම සංවේදීය. කවි ලිවීමට, ලේඛන කලාවට මෙන්ම ගුප්ත විද්‍යාවටද ප්‍රබල හැකියාවක් ඇත. ජීවිතයේ වයසට වඩා අත්දැකීම් ලබයි. එකාකාරී ජීවිතය අප්‍රිය කරන මොවුන් නිතර විවිධත්වයක් ඇතිව ජීවත් වීමට පෙළඹේ. සොබාව සෞන්දර්යට ඇලුම් කරන මොවුන් නිතර ගමන් බිමන් යෑමට ප්‍රිය කරයි. වයස අවුරුදු 34න් පසුව ජීවිතයේ ප්‍රබල දියුණුවක් ඇති කරයි. කෙසේ හෝ ධනවත් වේ. බොහෝ පරිත්‍යාගශීලී චරිතය. තමන්ගේ අනාගතය සම්බන්ධ නිතර සැතයෙන් හා බයෙන් පසුව සඳුදා හා ඉරිදා කර්ම අංක 7ට සුබ දවස් වේ.

කර්ම අංකය 8 නම් :-

මේ කර්ම අංකය හිමියන්ට බලපෑම් කරනු ලබන ග්‍රහයා ශනිය. මොවුන් ප්‍රඥාවන්තය. ලැබෙන අත්දැකීම් ජීවිතයට යොදා ගනී. වගකීම් දැරීමට ඇති දක්ෂය. තරමක් ලෝභී චරිත වේ. ජීවිතය පිලිබඳව බොහෝ පරෙස්සම්ය. ලැජ්ජාශීලී චරිත වේ. සබකෝලයෙන් යුක්තය මොහුද ජීවිතයේ එකාකාරී බවට අකමැතිය. දක්ෂ ගුරුවරු, දේශපාලකයෝ හා උපදේශකයෝ මේ අංක‍යෙන් බිහි වෙති. විනෝදකාමීය. තම පවුලේ අයට බො‍හෝ ඇලුම් කරයි. ඔවුන් වෙනුවෙන් ජීවිතය වුවද පූජා කිරීමට නොපැකිලේ. අවංක නිදොස් කෙනෙක් සොයයි. පෞද්ගලිකත්වය තදින් අගයයි. නිතර වැරදි වැටහීම් ඇති කර ගනී. මොවුන්ගේ ජීවිතය නිතර වෙනස් වීම් වලට ලක්වන එකකි. ප්‍රබල අහිමි වීම්, අපහාස වීම්, ලැජ්ජා වීම් වැනි දේට මුහුණ දීමට සිදු‍වේ. සෙනසුරාදා දිනය මොවුන්ට සුබ දිනය වේ. සඳුදා හා ඉරිදා දිනයන්ද මොවුන්ට සුබ පල ගෙන දේ.

කර්ම අංකය 9 නම් :-

අංකය පාලනය කරනු ලබන්නේ අඟහරු ග්‍රහයා විසිනි. සටන්කාමී ගති පෙන්නුම් කරයි. ජීවිතයේ මුල් භාගයේ කරදරද, දුක් කම්කටොලු පිරී පවතී. අධිෂ්ඨාන ශක්තිය හා ධෛර්යය ප්‍රබලය. ඉදිරියට යන චරිත වේ. සිතෙන දේ සිතෙන පරිදිම කරයි. බිය නැත. නිතර කෝප වේ. තීරණයක් ගත් විට ආපස්සට හකුලා නොගනී. නායකත්වයට පත්වේ. පවුල් ජීවිතයේ ප්‍රබල ගැටුම් ඇතිවේ. ඉවසීම අඩුකම එයට හේතුවයි. නමුත් අනුන්ගේ දුකේදී සිත උණුවේ. සත්‍ය වෙනුවෙන් මෙන්ම අවංක කම වෙනුවෙන්ද නිතර කතා කරයි. බොරු අහංකාරයෙන් ජීවත් වන චරිතයකි. බොහෝ නම්බුනාම, මිල මුදල්, තනතුරු ලැබුණද ඒවා රැක ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවේ. මොවුන් ප්‍රබල ලේඛකයන්, ගත්කතු‍වරුන් මෙන්ම ප්‍රබල ගුප්ත වේදීන් බවටද පත් වේ. රංගනයටද දක්ෂතා පවතී. අඟහරුවාදා හා සිකුරාදා කර්ම අංක 9ට සුබ දවස් වේ.

Comments