වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි | Page 2 | සිළුමිණ

වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි

පාවුලෝ කොයියෝ

පරිවර්තනය - ගාමිණී වියන්ගොඩ

“මගේ දිහා බලන්න එදුවා. මට දැන් ඉර දිහා බලලා ප්‍රීති වෙන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි, ජීවිතේ නිස්සාරකම මගේ වරදක් මිසක් වෙන කාගෙවත් වරදක් නොවෙයි කියලා මට දැන් තේරෙනවා. මට ආසාවක් තියෙනවා ආයෙමත් යුබ්යානාවේ චතුරශ්‍රය බලන්න. ද්වේෂය, ආදරය, කලකිරීම, නීරස වෙහෙස වගේ හැඟීම් අත්විඳින්න. එදිනෙදා ජීවිතේ කියනදේ හැදිල තියෙන ඔක්කොම දේවල් අත්දකින්න. අපේ පැවැත්මට සතුටක් කියලා දෙයක් අන්න ඒ දේවල්වලින් එදුවා. දවසක මට මෙතනින් යන්න පුළුවන් වුණොත් මං ඉඩ දෙනවා මගේ හිතට පිස්සු වැටෙන්න. මොකද හැම කෙනෙක් ම පිස්සො නිසා. ඇත්තට ම බැලුවොත් වැඩියෙන් ම පිස්සු එකා තමයි නොදන්නේ තමන්ට පිස්සු කියලා. ඉතින් උන් දිගට ම කරන්නේ මොකද්ද? කවුරුහරි කෙනෙක් කියන දෙයක් ජීවිතේ පුරා ම කර කර ඉන්න එකයි.

ඒත් ඒ කිසි දෙයක් ඔයාට බැහැ, තේරෙනවද එදුවා? මුළු දවසම ඔයාට පුළුවන්කමක් නෑ බලාගෙන ඉන්න, රෑ වෙනකල් එක ලෙඩෙක් ඇවිත් පියානෝ ගහයි කියලා. මොකද අද හෙට ම තත්ත්වෙ වෙනස් වෙනවා. මගේ ලෝකෙයි, ඔයාගේ ලෝකෙයි ඉක්මනින් ම කෙළවර වෙනවා.”

Comments