ග්‍රාමීය ආර්ථීකයට පණ පොවන ඔයිල් පාම් ( කටුපොල්) | සිළුමිණ

ග්‍රාමීය ආර්ථීකයට පණ පොවන ඔයිල් පාම් ( කටුපොල්)

 මෙරට වැවිලි ක්ෂේතයට මෑතකදී හඳුන්වාදුන් වැවිලි භෝග අතර ඔයිල් පාම් එසේත් නැතිනම් කටුපොල්වලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ආර්ථීක බෝගයක් ලෙස මේ වන විට විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති ඔයිල් පාම් ආහාර නිෂ්පාදනයේදී මෙන්ම රූපලාවණ්‍ය හා තවත් පාරිභෝගික නිෂ්පාදන රැසක් සඳහා යොදා ගැනේ.

මෙම ඔයිල් පාම් එසේත් නැත්නම් කටුපොල් මෙරට ප්‍රචලිත කිරීමේ ගෞරවය හිමි වන්නේ වැවිලි ක්ෂේත්‍රයේ දශක හතරකට අධික කාලයක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ වැවිලිකරුවකු සහ මෙම ක්ෂේත්‍රයේ ප්‍රමාණික දැනුමකින් හෙබි ආචාර්ය ඩෑන් සීවරත්නම් මහතාටයි. කලාපීය වැවිලි සමාගම්වල සේවය කිරීමෙන් ලද අභ්‍යාසයික දැනුමත් ක්ෂේත්‍රයේ සියලූ තරාතිරම්වල පුද්ගලයින් සමග කටයුතු කිරීමත් නිසා වැවිලි ක්ෂේත්‍රයේදී ජනතාවගේ වැවිලිකරු ලෙසින් ද ඩෑන් සීවරත්නම් මහතා ප්‍රසිද්ධියට පත්ව ඇත.

මේ වන විට මෙරට හෙක්ටයාර 8500 ක ප්‍රමාණයක ඔයිල් පාම් වගා කෙරෙන අතර එය ප්‍රාදේශීය වැවිලි සමාගම් හතරක් විසින් කළමනාකරණය කෙරේ. නොවන වගාවන්ට විකල්පයක් වශයෙනි.

ඔයිල් පාම් වෙළෙඳ පොළට හඳුන්වාදීමෙන් අනතුරුව එහි භාවිතය ඉහළ යාමත් සමඟ ඒ සඳහා ගෝලීය ඉල්ලූම ඉහළ යමින් පවතින අතර 2016 වසරේදී නිෂ්පාදනය කෙරුණු ඔයිල් පාම් ප්‍රමාණය ටොන් මිලියන 64.5 කි. සමස්තයක් වශයෙන් ගත් කළ වසර 2021 වන විට ගෝලීය ඔයිල් පාම් වෙළෙඳපොලේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 65.7 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 92.8 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේග නිෂ්පාදන දෘෂ්ටි කෝණයකින් ගත්කළ ඔයිල් පාම් යනු ලොව වඩාත් කාර්යක්ෂම වගාවක් ලෙසින් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඔයිල් පාම් වගාව සිදුවන ආකාරය පිළිබඳව එය මෙරට ප්‍ර චලිත කිරීමේ ගෞරවය හිමි කර ගත් ආචාර්ය ඩෑන් සීවරත්නම් මහතා මෙසේ අදහස් දැක්වීය. වැවිලිකරුවෙකු වන මා මගේ වෘත්තීය ජීවිතය තුළ ඉතා ආඩම්බරයෙන් සිහිපත් කරන දෑ බොහොමයක් තිබෙනවා. ඒ අතරින් මා වඩාත් සතුටු වන්නේ මා සමඟ වැඩ කළ වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කළ හැකි වූ සේවය ගැනයි. මම අවසන් වශයෙන් සේවය කළේ වටවල සමාගමේ ඒ වන විට එය මෙරට වැඩිම ලාභ ලැබූ වැවිලි සමාගම මා සේවයෙන් විශ්‍රාම ගිය වර්ෂයේදී අපි ජාත්‍යන්තර කලාපීය හා දේශීය සම්මාන 15 කින් පිදුම් ලැබුවා. නමුත් මා වඩාත් ආඩම්බර වන්නේ අප සමඟ වැඩ කළ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අපට කළ හැකි වූ වැඩ කොටස ගැනයි. පැහැදිලිවම අපට ඒ දේ කළ හැකි වුණේ ඔයිල් පාම් වගාව දක්වා අපි වගා කටයුතු විවිධාංගීකරණය කළ නිසයි.

ආචාර්ය සීවරත්නම් මහතා තවදුරටත් මෙම ඔයිල් පාම් වගාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට පෙරමුණ ගෙන කටයුතු කරන අතර එම වගාව ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පැහැදිලි කරමින් ඔහු පෙන්වා දෙන්නේ එය මෙරට සමාජ හා ආර්ථීකමය සංවර්ධනය සඳහා ඉතා වැදගත් බවයි. සීවරත්නම් මහතා පවසන අන්දමට ඔයිල් පාම් වගාව නිසා ශ්‍රී ලංකාවට තුන් ආකාරයකින් ප්‍රතිලාභ සැලසේ. ආහාර පිසීම සඳහා ආනයනය කරනු ලබන තෙල් වෙනුවට ආදේශකයක් වශයෙන් ඔයිල් පාම් භාවිතා කිරීම නිසා මෙරට විදේශ විනිමය ඉතිරි වීම ඉන් පළමු වැන්නයි. එමෙන්ම ඔයිල් පාම් වගාව හරහා වතු සේවකයින්ගේ ජීවනෝපායන් හා ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමට හැකි වීම සහ ඒ හරහා වැඩිවන බදු ආදායම් නිසා රජයේ ආදායම වැඩි වීම අනෙකුත් වාසිදායක කරුණු අතර වේ.

ඔයිල් පාම් වගාව ආරම්භ කිරීමේදී මුහුණ දීමට සිදු වූ අභියෝගයන් පිළිබඳව අදහස් දක්වන ආචාර්ය සීවරත්නම් මහතා පවසන්නේ ඔයිල් පාම් වගාව හා එහි සමාජ හා ආර්ථීක ප්‍රතිලාභ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුවත් භාවයක් නොමැති වීම බොහෝ ගැටලූවලට හේතුව බවයි.

මේ රටේ අලූත් දෙයක් අත්හදා බැලීම අසීරු දෙයක්. ඔයිල් පාම් සම්බන්ධයෙනුත් ඒ තත්ත්වය එසේමයි. මීට හේතුව බෝගයක් වශයෙන් ඔයිල් පාම්වල ඇති යම් යම් ලක්ෂණ සහ තේ රබර් වැනි ප්‍රධාන බෝග කේන්ද්‍ර කරගෙන බිහි වී ඇති වැවිලි සංස්කෘතියේ බලපෑමයි”

ඔයිල් පාම් වගාව ආදේශ කිරීමේදී යම් යම් පිරිස් ඊට අකැමතියි. ඒ ඔවුන්ට ලැබෙන සමහර ප්‍රතිලාභ අහිමි වීම නිසයි. ඒත් ඔයිල් පාම් නිසා කම්කරුවන්ට පමණක් නොවෙයි ඒ ප්‍රදේශයටම ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ජනතාව තේරුම්ගෙන සිටීම වැදගත්. ඔයිල් පාම් වගාව හරහා මුළු පළාතකම ආර්ථීක සමෘද්ධිය ඇති වන ආකාරය පිළිබඳව සරළව ජනතාවට වටහා දුන හොත් ඔවුන් එය පිළිගන්නා බව මම තරයේ විශ්වාස කරනවා

ඔයිල් පාම් වගාවට අවශ්‍ය වෙන ජල සම්පත් සහ පොහොර භාවිතය සම්බන්ධයෙන් විවිධ ආකාරයේ වැරදි අදහස් සමාජය තුළ සංසරණය වනු දැකිය හැකියි. නමුත් ඔයිල් පාම් කියන්නේ ලෝකයේ වඩාත් කාර්යක්ෂම බෝගයක්. ඔයිල් පාම්වලට අවශ්‍ය වන සම්පත් ප්‍රමාණය රබර්වලට වඩා වැඩි වන්නේ ස්වල්ප වශයෙන් පමණයි. නමුත් ඔයිල් පාම් රබර්වලට වඩා විශාල ආදාමක් උපයනවා. නියමිත කෘෂි තාක්ෂණික ක්‍රමවේදයන්වලට අනුකූලව නිවැරදිව කළමනාකරණය කළොත් තිරසාරාත්මකව ඔයිල් පාම් වගා කිරීම කිසිසේත් අපහසු නැහැ”

මැලේසියාවේ ඔයිල් පාම් වගාව ආශ්‍රිත ප්‍රදේශවල සිදුව ඇති සංවර්ධනය උදාහරණ වශයෙන් ගෙන දක්වන ආචාර්ය ඩෑන් සීවරත්නම් මහතා පවසන්නේ ඔයිල් පාම් වගාව නිසා එම ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගොස් ඇති බවයි. එහි අලූතින් ඉදිවන පාසල් වැඩපොළ හා නවීන පහසුකම් මේ සමෘද්ධිමත් බවට සාක්ෂි සපයන බව පෙන්වා දෙන හෙතෙම එම රටවල ඔයිල් පාම් වගාව ආශ්‍රීතව සම්පූර්ණ ක්ෂුද්‍ර ආර්ථීක පද්ධතියක් ගොඩ නැගී ඇති බව ද පවසයි. ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව සිදුවන උඩුගම වැනි ප්‍රදේශ ආශ්‍රීතවද මේ සංවර්ධනයේ මූලික අවධීන් පැහැදිලිවම දැකගත හැකි බවද ආචාර්ය සීවරත්නම් මහතා සදහන් කළේය.

සැකසුම - චන්දිමා එදිරිමාන්න

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.