මෛත්‍රී පාලනය සහ ආර්ථික නිදහස | සිළුමිණ

මෛත්‍රී පාලනය සහ ආර්ථික නිදහස

 “අප අර්ථ ශාස්ත්‍රය ඉගෙන ගත යුත්තේ ආර්ථීක ප්‍රතිපත්ති සැකසිම සඳහා දැනුම ලබා ගැනීමට නොවේ. අර්ථ ශාස්ත්‍රඥයන් යයි කියා ගන්නා පුද්ගලයන්ගෙන් බේරී සිටීමටයි, ”. - කේම්බ්‍රිජ් අර්ථ ශාස්ත්‍රඥ ජෝන් රොබින්සන්

අදුරදර්ශී පාලනයකට සහ ප්‍රචණ්ඩත්වයට හසු වී උකටලිව සිටි දේශයක මිලියන 20 ක ජනතාවකගේ “ආචාර ධාර්මික හෘදය සාක්ෂීය” අවදි කළ ආර්ථීක නිදහස තහවුරු කළ සුවිශේෂී කාල පරිච්ජේදයක් ලෙස “මෛත්‍රී පාලනයේ” ගෙවුණු මෙම තෙවසරක පාලන සමය හඳුන්වා දුනහොත් එය අතිශෝක්තියක් නොවුණු ඇතැයි සිතමි.

දුම්වැටි විරෝධි සටන ඖෂධ මාෆියාවන්ට එරෙහි සටන ආදි ලොව බලගතු බහුජාතික ව්‍යාපාරික මාෆීයාවන්ට එරෙහිව අභීතව සටන් වැද සුවිශාල මානුෂීය ජයග්‍රහණ රට වැසියනට අත් පත් කර දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වකුගඩු මර්දන සටනේද පරිසර සංරක්ෂණ ව්‍යාපරවලද වාරි හා වස විසෙන් තොර කෘෂීආර්ථීක නවෝදයක් ඇති කිරිමේහිලාද පුරෝගාමි මෙහෙවරක් මේ වන විට ඉටු කරමින් සිටි.

මෙම “මෛත්‍රී පාලනයේ” සුවිශේෂතම ගුණාංගය වුයේ චීරාත් කාලයක් ශ්‍රී ලාංකේය සමාජ, ආර්ථීක දේහයේ උඩු දුවා තිබු “පවුල් වාදයේ” හා “ගජ මිතුරු ධනවාදයේ” මහ පිළිලයන් සුන්නත්ධුලි කරමින් සකළ විධ වංචා දුෂණයන්ට එරෙහිව සටන් වදිමින් අත්‍යවශය “රාජ්‍ය මුල්‍ය විනය” ස්ථාපිත කිරිමේහිලා ස්වකිය පක්ෂ විපක්ෂ මිසදුටු බලවේග හමුවේ දිවි පරදුවට තබමින් ලබා දුන් අභීත නායකත්වයයි.

නියම ජනතා නියමුවකු ලෙස තියුණු මනසකින් එකින් එක ගෙන බැගින් ක්‍රමානුකුලව ගෙන කාලයක් තිස්සේ සමාජයේ මුල් බැස ගෙන තිබුණු බලගතු ආර්ථීක, දේශපාලන, හා සමාජ බලවේගවල දුර්මතයන් හා ඒ හා සැබැදි ව්‍යාජත්වයේ ප්‍රතිරූප මේ අනුව නොබියව රට හමුවේ නිරාවරණය කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් වු ‍තෙවසරක කාලයේ දැක් වු සමත්භාවය මෙලෙස සටහන් කිරීම කිසිවෙකුගේ සිත් රිදවිමට ඉවහල් වන කාරණාවක් නොවනු ඇත.

අවංක නිළධාරිතන්ත්‍රය

“මෛත්‍රී පාලනයේ” අවංක ගුණ සුවඳ මෙසේ දසත විහිදි යද්දි ආර්ථීක කළමනාකරණය විෂයෙහි යම් පසුගාමිත්වයක් දැක් වු බව ඇතැම් දෙනා අවලාදද නගයි. දිගු කාලයක් තිස්සේ එකි නෙකා විවේචනය කරමින් බෙදි වෙන් ව සිට් පක්ෂ දෙකක් අත්හදා බැලිමේ පදනමකින් දෝ මෙසේ එකම සම්මුතියකින් යුතුව මුල් වරට කටයුතු කිරිමේදි ප්‍රතිපත්ති හා අදහස් උදහස්වල ඇති පරස්පරයන් විෂමතා නිසා යම් පසුගාමිත්වයක් ආර්ථීක කළමනාකරණය විෂයෙහි ඇති ව තිබු බව සැබෑය.නමුත් පසුගිය ආණ්ඩුවේ විනාශකාරි ආර්ථීක ප්‍රතිපත්තිවල අනිටු බලපැම් සහ මෙම සම්මුති ආණ්ඩුවේ වසර දෙකකට ආසන්න කාලයක් පුරා පැවැති ප්‍රතිපත්ති ව්‍යාකූලතාවයන් පහව ගොස් ඉහළ රාජ්‍ය මූල්‍ය විනයක් ඇතිව අන්තර්ජාතික විශ්වාසයද දිනා ගනිමින් සාර්ව ආර්ථීක නිර්ණායකයන් ක්‍රමයෙන් වැඩි දියුණු වු තත්ත්වයක් ගෙවුණු 2017 වසර පුරාවට ක්‍රියාවට නැගුන IMF ආර්ථීක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සමගාමිව රට මේ වන විට අත් පත් කර ගනිමින් සිටි. මේ වසරේ අය-වැය පදනම්ව රටේ ආර්ථීක ලිබරල් කරණ ක්‍රියාවලියද මේ වන විට “පවුල් වාදයේ”, “ගජ මිතුරු ධනවාදයේ” හා “දේශපාලන ගැති “බවින් තොර පුළුල් ආර්ථීක නිදහසක් ස්ථාපිත කරමින් දැඩි ලෙස සක්‍රීයව ක්‍රියාවට නගා ඇත.

 

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහ පාලන සුචරිතවාදි ගමන් මගට සහාය දෙන සුවිශේෂි ස්වාධින නිර්දේශපාලනික ගමන් මගක යන නිළධාරි කිහිපදෙනෙකුද මෙහිදි වෙසෙසින්ම සඳහන් කළ යුතුය.ඒ අතුරින් මහ බැංකු අධිපති ධුරය සඳහා ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාම් මහතාගේ සම්ප්‍රාප්තිය සම්මුති ආණ්ඩුවේ මෑත කාලින විශිෂ්ටතම පත් කිරීම බව මධ්‍යස්ථ විචාරකයෝ පවසති. මහ බැංකු ආන්දෝලනාත්මක බැඳුම්කර ගනු-දෙනුව හමුවේ බිමට සමතලා වි තිබු මහ බැංකුවේ විශ්වාසනීයත්වය යළි ගොඩ නංවමින් විවිධ පිල්වලට බෙදී සිටි මහ බැංකු නිළධාරිතන්ත්‍රය එක්සේසත් කරමින් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නගිමින් සර්ව ආර්ථීක ස්ථායිතාවය විෂයෙහිලා ගෙවුණු මාස 18 ක කාලය තුළ ඉතා විශාල ස්වාධින මෙහෙවරක් ඔහු ඉටු කරමින් සිටි. ඒ “දේශපාලන සිල් බිඳ ගත් වංක දේශපාලක ප්‍රතිරූප”වල දැඩි විවේචන මැද ශක්තිමත් කශේරුකාවකින් යුතුව අභීතව නැගි සිටිමෙනි.

ඒ හැරෙන්නට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතාද පසුගිය තෙවසර පුරා ඉකුත් කාලයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ අරක් ගෙන සිටි වංචාකාරි ප්‍රයෝගකාරි සකලවිධ තරැවිකාර හා ඒද්දලවාදි ආයෝජක ප්‍රජාවේ අකටයුතුකම්වලට වැට බඳිමින් මෙරට ප්‍රාග්ධන වෙළෙඳ පොළ දිගු කාලින විශ්වාසනීයත්වය වෙනුවෙන් සුවිශාල කාර්යය භාරයක් නව නීති රිතිද ගෙන එමින් ඉටු කරමින් සිටි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ විධායක සභාපති හේමක අමරසුරිය මහතාද දේශපාලන අත පෙවීම් රැසක් මැද ස්වකිය “කශේරුකාව” නොපැකිලිව සෘජුව තබා ගෙන එහි පරිපාලන හා කළමණාකාරිත්වය නිර්දේශපාලනිකරණය කර එය තුළට ඉහළ වෘත්තිකත්වය ගෙන ඒමට විශාල කැප විමක් මේ දිනවල කරමින් සිටි. ඒ හැරෙන්නට ආපදා ආර්ථීකයේ ප්‍රමිති රක්ෂණ බර කරට ගත් ශ්‍රී ලකා ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ සභාපති මංජුල ද සිල්වා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද්‍ර රත්නායක වැනි පුද්ගලික අංශයේ සියලු මහැඟි වරප්‍රසාද අත් හැර රාජ්‍ය අංශයේ ජාතික වගකිම් භාර ගත් වෘත්තිකයින්ද මෙහිදි ඇගැයිය යුතුය.

යළි කරළියට එන “වංක” චින්තනය

අප කවුරුත් දන්නා පරිදි පසුගිය රජය සමයේ බහුතරයකගේ සමාජ ආර්ථීක නිදහස දිගින් දිගටම කප්පාදු වෙමින් තිබියදි එය යුක්ති සහගත කරන්නට ආර්ථීක දුර්මතයන් රාශියක් එවකට සිටි දේශපාලන හා රාජ්‍ය මූල්‍ය බලධාරිහු සමාජ ගත කර තිබිණ. එම මහ දුර්මතවලින් සපිරි සුපිරි “වංක” චින්තනයම යළි ඔසවා තබන්නට මේ දිනවල පුවත්පත් සාකච්ඡා පවත්වමින් පත්තර පිටු පුරා අතිශෝක්තියෙන් යුතු ලිපි පළ කරමින් සමාජ ජාලා වෙබ් අඩවිවල ස්වකිය “ළපටි” අවේගශීලිත්වයන් ගෙන හැර දක්වමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් ලෙස්ලි කබිරාල් හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවාත් අසාර්ථක උත්සාහයක් ගෙන යනු නිරික්ෂණය කළ හැක.

මොවුන් දෙදෙනා ගරු කටයුතු වෘත්තිය වේදින් බව සැබෑය නමුත් මොවුන් දෙදෙනා හිතා මතාම තම ප්‍රකාශවල අමතක කරන කාරණාවක් තිබේ යැයි කෙනෙකුට පහසුවෙන් නොබිඳිය හැකි තර්කයන් ගොනු කළ හැක. ඒ තමන් කොපමණ ඉහළ අධ්‍යාපන සුදුසුකම් හා තම ක්ෂේත්‍රවල අත්දැකිම් සපිරු ගරු කටයුතු වෘත්තිය වේදින් වුවද තමන් පසුගිය ආණ්ඩුවේ ඉහළ නිලතල දරමින් සිටි කාලයේ ජනතා බදු මුදලින් වැටුප් වේතන හා දීමනා ලබමින් (මහ බැංකු අධිපති වැටුප් ලබන්නේ බදු මුදලින් නොව මහ බැංකු බලතල ප්‍රකාරව සල්ලි අච්චුගැසිමෙන් විම වෙනම කතාවකි) කටයුතු කළේ ජනතා අවශ්‍යතා ඉටු කරන ස්වාධින නියාමන කාර්යයක නියැලිම නොව අන්ධානුකරණයෙන් යුතුව දේශපාලන බලාධිකාරියක් පෝෂණය කිරීම යන තර්කයයි. මෙහිදි ඔවුනගේ රාජ-පක්ෂ අසීමිත සුජාත භාවය කෙරෙහි අපට නිගමන 3 කට එළඹිය හැක. එක්කෝ මෙම දෙදෙනාට පැවැති දේශපාලන බලාධිකාරියේ අතපෙවීම්වලට එරෙහිව යාමේ “පිට කොන්දක්” නොතිබිණි. නැතිනම් එම බලාධිකාරිය විසින් ඔවුන් තැති ගන්නවා ඔවුනගේ නීතියෙන් පිට දේශපාලන බලාධිකාරියේ ඕනෑ එපා කම් ඉටු කරවා ගැනිමට ඔවුහු බලහත්කාරයෙන් අවනත කරවා ගෙන තිබිණි. නැතිනම් මෙම දෙදෙනාටද පැවැති දේශපාලන බලාධිකාරිය සමඟ “අත යට “ ගනු-දෙනු තිබිණි. කෙසේ වෙතත්, මෙහි ඇත්ත නැත්ත සියයට සියයක්ම දන්නේ මෙම දෙදෙනාගේ හෘද සාක්ෂිය පමණක්ම විය හැක.

මොවුන් ඇතැම් විටෙක තමන් තනතුරු දැරූ පසුගිය රජයට එරෙහිව අනාගතයේදි සිදු කරන “පාපොච්චාරණයක” අඩංගු විය හැකි දෑ ද මෙසේ කෙනෙකුට සාරාංශ ගත කළ හැක.

-මහ බැංකුව දේශපාලනිකරණය විමට මුළික අත් පොත් තැබුවේ පසුගිය රජය සමයේය. පසුගිය ආණ්ඩුව අති විශාල අය-වැය පරතරයක්ද තබා ගනිමින් ණය මත ණය පටවමින් ගෙන ගිය මහ සමාජ උත්තේජන (ඵලදාවක් නැති) සංවර්ධන ක්‍රියාවලියේ දුර්විපාක වත්මනෙහි විනිමය අනුපාත මත පිඩනයක් ගෙන දෙමින් විශාල ගෙවුම් ශේෂ අර්බුදයක් දක්වා රට මේ මොහොතේ අගාධයකට ඇද දමා ඇත.

පසුගිය රජයේ රක්ෂා උත්පාදනයේ නාමයෙන් ඉහ වහා ගිය මිලියන 1.5 ඉක්මවු මහ රාජ්‍ය අංශයක වැටුප් හා අනාගත විශ්‍රාම වැටුප් බරත් යළි යළිත් රාජ්‍ය අය-වැයට වින කටිමින් ඇත.

පසුගිය රජය සමයේ දැවැන්ත ඒද්දලවාදයකට උඩ ගෙඩි දෙමින් මහ රාජ්‍ය ධන සම්පත් විනාශ කරන අනුවණ වැඩ සටහන්, ව්‍යාපෘති මෙන්ම නිසි නියාමනයකින් තොරව සිදු වු කොටස් වෙළෙඳ පොළ හා සේවක අර්ථසාධක අරමුදලේ අශුද්ධ ගනු-දෙනු මගිනුත් කූප්‍රකට හෙජින් ගනු-දෙනුව, ග්‍රීක බැඳුම්කරවලින් රටට හා රට වැසියාට අත් වු පාඩුද වෙනම අධ්‍යයනය කළ යුතුය. පසුගිය කාලයේ මුදල් සමාගම් බිඳ වැටිමට මහ බැංකුවට වු දේශපාලන අත පෙවිම් ප්‍රධාන හේතුවයි. පසුගිය රජය සමයේ ජාත්‍යන්තර හොඳ හිත පරදුවට තබා අල්පයකට වාසි සැලසෙන සේ සැකසී තිබු වෙළෙඳ බාධකත් (වරාය සේවා කතිප්‍යාධිකාරිත්වය වැනි) එවකට රට ගජ මිතුරු ධනවාදයේ උපරිම තලයකට ගෙන ගියේ කිසිදු “හිරිකිතයක්” නොමැතිව ආණ්ඩුවේ කොටස්වල මෙන්ම නිළධාරි හා ඒද්දලවාදි සියලු දෙනාගේම මනදොල රිසි සේ සපුරාලමිණි.

සතියේ ආර්ථීක විත්ති

ලෝක බැංකුව පසුගිය සතියේ 2018 වසර සඳහා වන ගෝලිය ආර්ථීක පුරෝකතන වාර්තාවක් එළි දක්වමින් සඳහන් කළේ 2013 න් පසු (2013-3.4%) අවම ආර්ථීක වෘධි වේගය ලෙස සියයට 4.1 ක ආර්ථීක වර්ධනයක් 2017 වසරේදි ශ්‍රී ලංකාව අත් පත් කර ගන්නා බවත් ඉන් ඔබ්බට ඉදිරි තෙවසර තුළ සියයට 5.1 ක වර්ධනයක් අපේක්ෂා කරන බවයි. මෙහිදි ගෝලිය ආර්ථීකය මේ වසරේ සියයට 3.1 කින්ද ඉන්දියානු ආර්ථීකය සියයට 7.3 ක රටක් ලෙස ලොව ඉහළම ආර්ථීක වර්ධනය ද මේ වසරේ ළඟා කරනු ඇති බව ද කියා තිබිණි.

සංචාරක ආගමනය සම්බන්ධයෙන්ද ඉකුත් වසරේ සුවිශේෂ වාර්තාවක් තැබිමට ශ්‍රී ලංකාව සමත් වි ඇත. ඒ ඉතිහාසයේ එක් කැලැන්ඩර් වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරක පිරිස වු 2,116,407 වාර්තා වුයේ ඉකුත් වසරේ විම නිසාය.මෙම ප්‍රමාණය 2016 වසරට සාපේක්ෂව සියයට 3.2 ක් හෙවත් සංචාරකයින් 65, 595 ක අගය ඉහළ යාමකි. මේ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ මිලියන 2 ඉක්මවු සංචාරක ප්‍රමාණයක් වාර්තා කළ වසර ලෙස 2017 වසර ලක් ඉතිහාසයට එක්වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

වසරේ මුල් මාස 4 තුළ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ නවීකරණ කටයුතු වෙනුවෙන් තාවකාලිකව වසා දමා තිබිම, වසරේ මැදි කාලයේ ඇති වු ගංවතුර නියං හා ඩෙංගු උවදුරු නිසා ජාත්‍යන්තර වශයෙන් ඇති වු සෘණාත්මක ප්‍රතිචාර නිසා ගිය වසරේ අපේක්ෂිත මට්ටමෙන් සංචාරක ඉලක්ක සපුරා ගැනිමට නොහැකි වු බව ද අධිකාරිය කියයි.

ඉකුත් වසරේ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස අසල්වැසි ඉන්දියාව පෙරමුණට ඇවිත් ඇත්තේ එරට වැසියන් 384, 628 ක් මෙරටට පැමිණෙමිණි. (2016 ට සාපේක්ෂ වර්ධනය7.8%) චීනයෙන් 268, 952 ක්ද (2016 ට සාපේක්ෂ පසුබැම 1%) මහ බ්‍රිතාන්‍යෙයන් 201, 879 (2016 ට සාපේක්ෂ වර්ධනය 7.3%)ක්ද මෙරටට ගිය වසරේ සංචාරකයින් ඇවිත් ඇත.

කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ හරහා සංචාරකයින් 2, 085, 272 ක්ද මත්තල ගුවන්තොට හරහා 5, 491 ක්ද කොළඹ වරාය හරහා 10, 569, ක්ද ගාලු වරාය හරහා 14, 099 ක්ද හා අනිකුත් ස්ථාන හරහා 976 ක්ද සංචාරකයින් පසුගිය වසරේ මෙරටට ළගා වු බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර පසුගිය සතියේ රටේ සංචාරක අංශ උණුසුම් කළ පුවතක් වුයේ උදය නානයක්කාර මහතා ඉවත් කරමින් ප්‍රබල සංචාරක මුල් පුටු යළි අලුත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ගෙන ඇති තීරණයයි.

ප්‍රාථමික ගිණුමේ අතිරික්තය

සතිය ආරම්භ කරමින් ඉකුත් 07දා මුදල් අමාත්‍යාශය නිවේදනය කළේ රජයේ සාර්ථක ආදායම් වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 63කට පමණ පසුව අයවැයේ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 21.9ක අතිරික්තයක් වාර්තා වී ඇති බවයි. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු වරට අයවැය අතිරික්තයක් පෙන්නුම් කළේ 1954 වසරේ දීය. එය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් ලෙසිනි. පසුව 1956 වසරේ දී ද දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2%ක අයවැය අතිරික්තයක් වාර්තා විය. 1950 සිට 1970 දක්වාත්, 1973 සිට 1993 දක්වාත් අයවැය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා විය. එහෙත් 1994 සිට මේ දක්වා අයවැය පරතරය, ජංගම ගිණුමේ පරතරය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ පරතරයේ ද ඍණ අගයක් එම කාලවල අඛණ්ඩව පැවැතිණි.

පොළි අනුපාත

පසුගිය 2015 වසරේ සිට මහ බැංකුව අනුගමනය කළ ප්‍රතිපත්තිමය අනුපාත දැඩි කිරිම්වල ප්‍රතිඵල දැන් ක්‍රමයෙන් රටේ වාණිජ පොළි අනුපාත කෙරෙහි බලපාමින් ඇත. ඒ අනුව මෙම වාණිජ අනුපාත තිරණය කරන ප්‍රධාන නිර්ණායකයක් වන වසරක කාලයකින් කල් පිරෙන ප්‍රාථමික වෙළෙඳ පොළේ බර තැබු භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතය මේ වසරේ මාර්තු සිට මේ දක්වා පදනම් අංක 200කට වැඩි ප්‍රමාණයකින් පමණ පහළ යමින් සියයට 8.8 ක් වි ඇත. මෙයට ප්‍රතිචාරව රටේ අනිකුත් වාණිජ බැංකු ස්ථාවර තැන්පතු හා ණය අනුපාතද පහළ යාමේ ප්‍රවනතාවයක් ඇතිව ඇත. මේ අනුව වාණිජ බැංකු ත්‍රෛමාසික හා වාර්ෂික ස්ථාවර පොළි අනුපාත මේ වන විට සියයට 9-10.5 වැනි අගය ප්‍රකාශයක් දක්වා අඩුව ඇත.

කොටස් වෙළෙඳ පොළ

මේ වසරේ ගත වු සති දෙකක කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ විෂයෙහි සුවිශේෂ ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇතැයි එහි ප්‍රධාන විධායක රජිව බණ්ඩාරණායක මහතා කියයි. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා වන විට රුපියල් බිලියන 2 ඉක්මවා ශුද්ධ විදේශ ආයෝජන ආකර්ශනය කරවා ගැනිමට කොළඹ කොටස් වෙළෙඳ පොළ සමත් වි ඇත.Jetwing Symphony Limited හා LVL Energy Fund Limited යන සමාගම් පසුගිය වසරේ අග භාගයේ සිදු කළ මුලික කොටස් නිකුතු ප්‍රකාරව මේ වසර ආරම්භයත් සමගම කොළඹ කොටස් වෙළෙඳ පොළ ස්වකිය ගනු-දෙනු ආරම්භ කරනු දක්නට විය.

මුදිත ගමගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.