දමිළ ලලනා අගය දනවන තෛපොංගල් | සිළුමිණ

දමිළ ලලනා අගය දනවන තෛපොංගල්

ඩේසි ඩයස් බණ්ඩාරනායක ආර්යාව

තෛපොංගල් සංක්‍රාන්තිය සිදුවන්නේ සූර්යා ධනු රාශියේ සිට මකර රාශියට ගමන් කිරීමෙනි. මෙම සංක්‍රාන්තියට පෙර සියලුම හින්දූ කාන්තාවන් ගෙවල් දොරවල් පිරිසිදු කර ගත යුතුය.

ස්වභාව ධර්මයාටත් ලොව ජීව රාශිවලටත් සූර්යාටත් කෘත වේදිත්වයෙන් සැලකීම තෛපොංගල් උත්සවයේ, මුඛ්‍ය පරමාර්ථය වේ. මෙය තෛපොංගල් උත්සවයේ මුඛ්‍ය පරමාර්ථය වුවත් පොංගල් දිනකදී කාන්තාවගෙන් ඉටුවන කාර්යභාරය සුළුපටු නොවේ. එමනිසා තෛපොංගල් උත්සවයෙන් දෙමළ සමාජයෙන් දෙමළ කතට ලැබෙන ස්ථානය විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණයි.

බුදුන් දවස සමස්ත කාන්තාවටම විමුක්තියක් තිබුණේ නැත. ඒ දවස සමස්ත කාන්තා පරපුරම කුඩා කාලයේදී දෙමවුපියන් ඇසුරෙත් තරුණ කාලයේදී සැමියා යටතේත් මහළු කළ වැඩි මහළු පුත්‍රයා යටතේත් ජීවත් විය යුතු බව බ්‍රාහ්මණ ධර්මය උගන්වයි. එම ධර්මයේ කාන්තාව කළ යුතු කාර්ය භාරයද මෙසේ සඳහන් ‍කොට ඇත. සැමියාගේ කුදුමහත් කටයුතු කිරීම, දරුවන් ඉපැද්දවීම, ඔවුන්ගේ කුදුමහත් කටයුතු කිරීම සහ ඔවුන් හදාවඩා ගැනීම යන කරුණු ඒ අතර වේ.

මීට අමතරව ඇය කොපමණ ‍කොන්කර තිබුණද කිවහොත් ඇයට ධර්ම ශෝත්‍ර ගායනා කිරීම, ශ්‍රවණය කිරීම, යාගයෝම වලට සහභාගි වීම ආදි කටයුතු ද බ්‍රාහ්මණයන් විසින් තහනම් කර තිබිණ. මෙවැනි වාතාවරණයක පසුවන හින්දු කත තෛපොංගල් උත්සවයේදී ඇයගෙන් ඉටුවන කාර්ය භාරය සොයා බැලීම යුක්ති යුක්තය.

ඉහතින් සඳහන් කළ පරිසරය බුදුන් දවස ඉන්දියාවේ පැවති පරිසරය බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම පරිසරය තුළ බුදුරාජණන් වහන්සේ කාන්තා විමුක්තිය ළඟා කරදුන් ප්‍රථම ශාස්තෘවරයාණන් වහන්සේය. ඒ බව කොසොල් මහ රජතුමාට කළ මේ දේශනාවෙන් සනාථ වේ.

නසේසු ඨබ්බේසු ඨාතේසු
පුරිසො හොන්ති පංඩිතෝ
ඉතිපි පණ්ඩිතෝ හෝතු
තත්ව තත්ව විචක්කනං

මෙහි තේරුම වන්නේ සෑම විටම පුරුෂයන් පණ්ඩිතයෝ නොවන බවත් කාන්තාව ද පණ්ඩිතයන් වන බවත් ඉන් අදහස් වේ. මෙය සනාථ කිරීමට උන්වහන්සේ ගේ ශාසනයෙන් ම ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය. එනම් කෝසල මල්ලිකාදේවිය, විශාඛාව, රජ්ජුමාලා, ඛේමා, උප්පලවන්නා වැනි චරිත මේ සඳහා උදාහරණ වේ.

බුදුන් වහන්සේ බ්‍රාහ්මණයන්ගේ ධර්මය ඛණ්ඩනය කිරීම තුළින් දෙමළ හින්දු කාන්තාවටද කෝවිල් යාමට ඒවායේ ආගම ධර්මය ඇදහීම සමාජයේ ඉහළ රැකියාවල වැජබීමට අවස්ථාව උදාවිය.

තෛපොංගල් දිනයේදී දෙමළ හින්දු කතකගේ කාර්ය භාරය ඉතා සුවිශේෂි එකකි. එනම් තෛපොංගල් ආරම්භ වන්නේ ‘තෛ තිංගල්’ නැමති උපවාසයෙනි. මෙම තෛ තිංගල් උත්සවයේදී කාන්තාවගේ සුවිශේෂි කාර්ය භාරයක් ඉටු වේ.

උදුවප් මාසය නොහොත් දෙමළ ක්‍රමයට මාර්කලි මාසයේ මාස පෝය දිනයේ සිට දුරුතු මාසයේ නොහොත් තෛ මාසයේ පළමු දින තෙක් දෙමළ හින්දු කත උපවාසයක යෙදෙයි. මෙම උපවාසයට ‘පාවෛ නෝනිබු” යැයි කියනු ලැබේ. මෙම උපවාසයේ කාන්තාව ස්වභාව ධර්මයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. “කලට වැසිඵල ලැබී, සූර්යාගේ ශක්තියද නිසි පරිදි ලැබී ගස්කොළන්වල මල් ගෙඩි ඵල හටගෙන අස්වැන්න සරුවීම සිදුවිය යුතුයැයි එසේ කරන ඉල්ලීම වේ. මේ උපවාස සමයේදී තම සැමියා කාන්තාවගෙන් වෙන්වී සිටිය යුතුය. එම කාලයේදී සැමියන් නිවසින් බැහැරව වෙසෙති. දෙමළ හින්දු කත මෙසේ කැපවීමෙන් ස්වභාව ධර්මයෙන් ඉල්ලීම් කරන්නේ රට, ගම, පවුල සරුවන්නටය. තෛපොංගල් ආරම්භය සනිටුහන් වන්නේ මෙසේ වුවත් මෙම උපවාසය තෛපොංගල් උදාවත් සමඟ අවසන් වේ. එනම් තෛපොංගල් උත්සවය උදාවන්නේ තෛ මාසයේ පළමුවැනිදාය.

නමුත් තෛ මාසය උදාවීමට පෙර ‘මාර්කලි’ මාසයේ අවසාන දවස (සිංහල ක්‍රමයට උදුවප් මාසයේ අවසන දිනය) දෙමළ හින්දුන් හඳුන්වන්නේ පෝහි පණ්ඩිතෙහි යන නාමයෙනි. මෙම දිනයට මූලිකත්වය දෙන්නේ දෙමළ හින්දු කාන්තාවය. එනම් නිවසෙහි ඇති පැරණි දෑ ඉවත් කොට අලුත් දේ එක් කිරීම, ගේ දොර සුද්ධ පවිත්‍ර කිරීම ආදි කටයුතු සිදුකරනු ලබන්නේ හින්දු කාන්තාවය. දෙමළ හින්දුන්ගේ ගෙවල් පිරිසිදු කරනවා පමණක් නොව සුදු පිරියම් කිරීම ගොම මැටි පිරියම් වැනි දෑද සිදු කරනු ලබන්නේ එම කත විසිනි.

තෛපොංගල් සංක්‍රාන්තිය සිදුවන්නේ සූර්යා ධනු රාශියේ සිට මකර රාශියට ගමන් කිරීමෙනි. මෙම සංක්‍රාන්තිය සිදුවීමට පෙර සියලුම දෙමළ හින්දූන් ගෙවල් දොරවල් පිරිසිදු කර ගත යුතුය.

තෛපොංගල් දිනයේදි සූර්ය දිව්‍ය රාජයාණන් උදෙසා සිදුකරනු ලබන කිරි ඉතිරවීම කිරිබත් පිසීම ආදි කටයුතු ද ඒ සඳහා අවශ්‍ය කැවිලි පෙවිලි සෑදීම සිදු කරනු ලබන්නේ ද කාන්තාව විසිනි.

මෙම කිරි ඉතිරවීමේ මංගල්‍යට නිවෙසහි ගෘහමූලිකයා ද කාන්තාව විසින් එක්කර ගැනීමද වැදගත් වේ. මේ කිරි බත පිසීම සඳහා සහල් හැලියට දමනු ලබන්නේ දෙදෙනා විසිනි. මෙම දිනයේදී දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමට මූලිකත්වය ගන්නේ ද කාන්තාවයි. එම නිසා හින්දු කතට මෙම දිනය විශේෂත්වයක් ගනී,

තෙවන දිනය වන පට්ටිපොංගල් දිනය ද දෙමළ හින්දු කත කරන සුවිශේෂි කාර්ය භාරයක් ඇත.

පට්ටිපොංගල් යනු ගොවිතැනට උදව් උපකාර කරනු ලබන සතාසිවුපාවන්ට කෘතවේදීත්වය දක්වන දිනයය. මෙම දිනයේදී කාන්තාව පේවී එම සතුන් උදෙසා කිරි බතක් උයා ඒවා සැමියා සමඟ එක්වී එම සතුන්ට කැවීම එම සතුන් පිරිසිදු කිරීම ඔවුන්ගේ පට්ටි පිරිසිදු කිරීම වැනි සුවිශේෂි කාරණා ගණනාවක් දෙමළ හින්දු කත අතින් සිදුවේ.

තෛපොංගල් දිනයේ හතරවන දිනය වන කානුම් පණ්ඩිහෛ වඳී. දෙමළ හින්දු කත පවුල තුළ සමගිය ඇති කිරීමට සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකරයි.

මේ සඳහා ඇය ‘කානුම් පොඩි’ නැමති ‘බත් පිණ්ඩ’ සෑදීම කරන් ලබන්නීය. මේවා සෑදීම පමණක් කර ඒවා කපුටන් රැළකට දමා පවුලේ සමගිය ප්‍රාර්ථනා කරන්නීය. එම ප්‍රාර්ථනාව මෙසේය.

කානුම් පොඩි වෛත්තේන්
කාක්කා පොඩි වෛත්තෙන්
උන් කූඩම් කලෛන්දාලුම්
එන් කූඩම් කලෛයාදු

එහි සිංහල තේරුම මෙසේය.

කපුටන්හට බත් පිඩක්
කානුම් පොඩි බත් පිඩක්
නුඹේ කූඩුව විසිර ගියත්
මගේ කූඩුව විසිර නොයත්

මෙසේ පවුලේ දියුණුව සමගිය ප්‍රාර්ථනා කරන දෙමළ හින්දු කත කෙතරම් සුවිශේෂ කතක්ද යන්න අප කාටත් ආදර්ශයකි. මැය පවුලට පමණක් නොව මුළු මහත් සමාජයට ම ආදර්ශයකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.