බත සරි කළ චන්දන පොකු­ණට යළි ජීවය | සිළුමිණ

බත සරි කළ චන්දන පොකු­ණට යළි ජීවය

මේ වැව පුරාණ රජ දවසේ සිට පැවැතෙන අතර වගා බිම් අක්කර දහස් ගණනකට ජලය සපයන ලද අතර චන්දන පොකුණට අත් වූ මේ ශෝචනීය ඉරණම වළක්වාලීම පිණිස කිසිවකු පසුගිය කාලවකවානුවේදී කටයුතු කෙළේ නැත. අක්කර 42.2 ක

වපසරියකින් යුක්ත වූ මේ වැව පත්ව ඇති අවාසනාවන්ත ඉරණමට විසඳුමක් ලබා දෙන ලෙස වැවෙන් යැපුණු ජනතාවෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ඒ චන්දන පොකුණ පිහිටි මින්නේරිය, හිඟුරක්ගොඩ  ප්‍රදේශවාසින් විසිනි. චන්දන කුණ මගින් ප්‍රදේශයේ පවුල් 325 ක 2000කට අධික පිරිසක් තම ජල අවශ්‍යතාවයන් සහ සනීපාරක්ෂක කටයුතු ඉටු කර ගත්තේ මේ වැව මඟිනි. 

 

රටේ බත සරි කරලන්නටට ඉවහල් වන‘චන්දන පොකුණ’ වැව පිරිසිදු කිරීම හා අලුත්වැඩියා කටයුතු ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියට සමගාමීව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් සමඟ යුද්ධ හමුදා සමාජිකයන් 250කට අධික පිරිසක් විසින් සිදු කරන ලදී. මෙම වැව පිරිසිදු කිරීමෙන් හා අලුත්වැඩියා කටයුතු නිම කිරීමෙන් පසු වැවේ පරිමාණය තවදුරටත් විශාල වන අතර එමගින් වැසි ජලය එකතු කිරීමෙන් ඕනෑම නියං සමයකදී වුවද වගා බිම් අක්කර දහස් ගණනක ප්‍රමාණයක් සඳහා ජලය සැපයීමට හැකියාව සැලසෙනු ඇත.

'

වැව් බැඳි රජරට පුරයේ අතීතයේ සිට මෙරට ජනතාවගේ බත සරිකරන්නට සමත් විය. ඒ සඳහා රජ දරුවන් විසින් ඉඳි කර දුන් වාරි කර්මාන්ත විශාල පිටිවහලක් විය. මේ ඇතැම් වාරි කර්මාන්ත ක්‍රමයෙන් ජනතාවගෙන් ඈත් වන්නට වූයේ සතුරු ආක්‍රමණ නිසා ජනතාව ඈත් වීමත්, පසු කලෙක අගනුවර මාරු වී යාමත් නිසාය.

එහෙත් පසුගිය දශක කිහිපයක සිට මේ වාරි කර්මාන්තයන්ට කණකොකා හැඬීම සිදුවුණේ කුඩම්මාගේ සැලකිල්ල නිසාය. අපට බත සරිකරන ගොවියා දෙවියා වූ යුගය ක්‍රමයෙන් අභාවයට ගියේ ජාතියේම අවාසනාවටය. මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑමට පොළොන්නරු පුරවරයේ ‘චන්දන පොකුණ’ට සිදු විය.

අක්කර දහස් ගණකට ජලය

මේ වැව පුරාණ රජ දවසේ සිට පැවැතෙන අතර වගා බිම් අක්කර දහස් ගණනකට ජලය සපයන ලද අතර චන්දන පොකුණට අත් වූ මේ ශෝචනීය ඉරණම වළක්වාලීම පිණිස කිසිවකු පසුගිය කාලවකවානුවේදී කටයුතු කෙළේ නැත.

අක්කර 42.2 ක වපසරියකින් යුක්ත වූ මේ වැව පත්ව ඇති අවාසනාවන්ත ඉරණමට විසඳුමක් ලබා දෙන ලෙස වැවෙන් යැපුණු ජනතාවෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ඒ චන්දන පොකුණ පිහිටි මින්නේරිය, හිඟුරක්ගොඩ ප්‍රදේශවාසින් විසිනි.

චන්දන පොකුණ මඟින් ප්‍රදේශයේ පවුල් 325 ක 2000කට අධික පිරිසක් තම ජල අවශ්‍යතාවයන් සහ සනීපාරක්ෂක කටයුතු ඉටු කර ගන්නා ලදී. එවන් සේවාවන් සලසන ලද චන්දන පොකුණ කෙරෙහි වසර 20 ක පමණ කාලයක් තිස්සේ බලධාරින්ගේ අවධානයට යොමු නොවීම හේතුවෙන් විවිධ පාසි සහ ජලජ පැළෑටිවලින් එය ග්‍රහණය වන්නට පටන් ගත්තේය.

අක්කර 42.2 ක වපසරියකින් යුත් මෙම වැවෙන් 90%ක් පමණ ජලජ පැළෑටිවලින් ගහන වී තිබුණි.

ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධව අවධානය යොමු කර යුද හමුදාපතිවරයාට ඒ සම්බන්ධව කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.

හමුදා දායකත්වය

යුද්ධ හමුදාවෙන් 1/3 ක පිරිසක් ජාතිය ගොඩනැඟීමේ මෙහෙවරෙහි නිරතව හැකි උපරිම අයුරින් සිවිල් පරිපාලනයට සහයෝගය ලබාදිය යුතු බවට වූ යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයට සමගාමීව නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වලගේ උපදෙස් පරිදි මෙම වැවෙහි පිරිසිදු කිරීම් හා අලුත්වැඩියා කටයුතු සඳහා යුද්ධ හමුදා භට පිරිස් යොමුකරවන ලදි.

ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත ‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දරගේ අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් සහ යුද්ධ හමුදා භට පිරිස් විසින් පසුගියදා පාසි සහ ජලජ පැළෑටිවලින් ග්‍රහනව පැවැති මෙම වැව පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කළ අතර නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වලගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා උපකරණ යන්ත්‍ර සූත්‍ර ද මේ සඳහා යොදා ගන්නා ලදී.

‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතිය

විශේෂයෙන්ම බැකෝ යන්ත්‍ර මෙන්ම එස්කැවේඩර් යන්ත්‍ර රාශියක් යොදවා මේ වැවේ පවිත්‍රතා කටයුතු සිදු කරන ලද අතර වැ‍ව් පතුළේ ඇති රොන් මඩ පවා ඉවත් කරලීමට මේ වන විට කටයුතු කර ඇත.

රටේ බත සරි කරලන්නටට ඉවහල් වන‘චන්දන පොකුණ’ වැව පිරිසුදු කිරීම හා අලුත්වැඩියා කටයුතු ‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතියට සමගාමීව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් සමඟ යුද්ධ හමුදා සමාජිකයන් 250කට අධික පිරිසක් විසින් සිදු කරන ලදී. මේ වැව පිරිසුදු කිරීමෙන් හා අලුත්වැඩියා කටයුතු නිම කිරීමෙන් පසු වැවේ පරිමාණය තවදුරටත් විශාල වන අතර එමගින් වැසි ජලය එකතු කිරීමෙන් ඕනෑම නියං සමයකදී වුවද වගා බිම් අක්කර දහස් ගණනක ප්‍රමාණයක් සඳහා ජලය සැපයීමට හැකියාව සැලසෙනු ඇත.

‍නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල මහතා සිළුමිණට පැවසුවේ වැව පිළිසකර කර දිය හැකි නමුත් සිවිල් ජනතාව විසින් එය තමන්ගේ මෙන් රැගෙගෙන දිගින් දිගටම පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු බවයි. මේ පණිවිඩය තවමත් එම ජනතාවට ලබා දීමට හැකියාව නොලැබුණු බවත් එය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත් ඒ මහතා පවසයි.

වැව ගැන හැඟීමක්

'තමන්ගේ පාසල, තමන්ගේ ක්‍රීඩා පිටිය යන හැඟීම බිහි වන්නේ නම් ඒ අනුවම තමන්ගේ වැව යන සංකල්පයද අනිවාර්යෙන්ම තමන් තුළ ජනිත විය යුතුයි. එසේ නොමැතිව වැවක් දිගින් දිගටම සුරක්ෂිතව පවත්වා ගෙන යන්නට බැහැ. වැව ආදරයෙන් රැක බලාගෙන වැවට අප ද්‍රව්‍ය නොදමා තමන්ගේ මෙන් රැක ගතහොත් යළි වෙනත් අයගේ පිළිසරණ පැතීමක් අවශ්‍ය වන්නේ නැහැ. යුද හමුදාවට ‍එහෙමත් නැත්නම් වෙනත් ආයතනයකට වැවේ යම් විශාල ප්‍රතිසංස්කරණයක් සිදු කර දීම ගැටලුවක් වන්නේ නැහැ. ඒ වුණත් වැව ආරක්ෂා කර ගැනීිමට සිවිල් ජනතාව සිවිල් සංවිධාන කටයුතු කළ යුතු වනවා'

ඒ නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයාගේ අදහසයි.

රටේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථීක තත්ත්වය හා ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම මගින් ග්‍රාමීය අංශයේ සමෘද්ධිය හා සංවර්ධනය තුළින් සෞභාග්‍යමත් නව යුගයක ආරම්භය සඳහා ආරක්ෂක හමුදාවන්හි සහයෝගය ජනාධිපති ලේකම් කාර්යාලය බලාපොරොත්තුව සිටින අතර මේ ඒ අපේක්ෂාවේ තවත් එක් අවස්ථාවකි.

‍ෙම් ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පොලොන්නරුව ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිති, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි නිලධාරින්, ග්‍රාමීය නායකයින් සහ ගම් මට්ටමේ අනෙකුත් පාර්ශ්වකරුවන් මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ලදී.

‘රජරට නවෝදය’ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතිය යටතේ යුද්ධ හමුදා ඉංජිනේරුවන්,

 

ඉංජිනේරු සේවා බලකාය සහ ක්ෂේත්‍ර ඉංජිනේරුවන්, නාවික සහ ගුවන් හමුදා භට පිරිස් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ක පාසල්, ආගමික ස්ථාන, රජයේ වෛද්‍ය ආයතනයන්, ඓතිහාසික සිද්ධස්ථාන, ප්‍රජා ශාලා, ක්‍රීඩා සංකීර්ණ, වැව් ප්‍රතිසංස්කරණ වැනි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සිදුකරන අතර චීන රජයේ ආධාර ඇතිව සිදුකරනු ලබන විශේෂිත ව්‍යාපෘතින් සඳහා ද දායකත්වය දක්වයි.

අපේ බත සරිකරලන්නට දරන ලද තවත් උත්සාහයක ප්‍රතිඵල මැනවින් ලද අවස්ථාවක් ලෙස චන්දන පොකුණේ යළි ඉපදීම පෙන්වා දිය හැකිය.

අතීත රජ දරුවන්ගෙන් ආදර්ශ

එමෙන්ම අප මේ අවස්ථාවේදී තවත් කරුණක් සිහි තබා ගත යුතු වේ.

ඒ අතීත රජ දරුවන් වැව් ජලාශ තනා පසෙකට වී බලා නොසිට ඒවා රැක බලා ගන්නටද කටයුතු කළ බවයි. වැව් තාවුල්ලේ ඉදි කිරීම් මෙන්ම වැවට හානිදායක කිසිදු තටයුත්තක් සිදු නොකර වැව අවට තුරු ලතා ආදියෙන් වැවට ලබා දුන් ආරක්ෂාව ගැනද මෙහිදී සිහිපත් කළ යුතුය.

අද වුවද අතීත රජ දරුවන්ගේ ඒ ශ්‍රී විභූතිය අප ආරක්ෂා කර ගත යුත්තේ එම ජලාශ අනාගතයට උරුම කර දෙනවාටත් වඩා අපගේ අද දවස හෙට දවස ගැන හෝ සිතමින්ය. සියලු දෙනාම අද දවස මෙන්ම හෙට දිනය ගැන එලෙස සිතන්නට පුරුදු වුවහොත් අපේ ජලාශ මේ අයුරින් දශක ගණන් වල් බිහිවී භාවිතයට ගැනීමට අපහසු වන්නේ නැත.

අප කළ යුත්තේ අ‍පේ උරුමය රැක ගනිමින් අපේ බඩ කට පුරවා ගැනීමය. එසේ් කළහොත් පමණක් අපට අනාගතයේ අපේ රට සහලින් මෙන්ම අනෙක් භවභෝගවලින්ද ස්වයංපෝෂිත වනු ඇත.

එසේ නොවුවහොත් සහල් මෙන්ම අපේ රටේ ප්‍රධාන අපනයන භෝග අතර තිබූ තේ, රබර්, පොල්වලින් පොල් ආනයනයට සිදු වී ඇතිවාක් මෙන් අ‍පට බොහෝ දේ එතෙරින් ලැබෙන තුර මහ සයුර දෙස බලා සිටින්නට සිදු වනු ඇත.

 

 

තාරක වික්‍රමසේකර 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.