කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

අනුනා සමිඳ බෙල්ල­න්විල විම­ල­රු­වන්

බෙල්ල­න්විල වෙහෙර යති­වර ගුරු කුලය
මල් ගන්ව­මින් බැබ­ළුණු ඔප­ කර හෙළය
දුල්රන් පියුම පර­වුණු පසු මිහි­ත­ලය
නිල්වන් අහස හිරු නැගු­ණත් කරු­ව­ළය

පිරි­වෙන විදු­ල­කර; කැල­ණිය සර­ස­විය
පිරි­පුන් කර වැඩූ නැණ ගුණ නෙක සවිය
දිරි­යෙන් අරු­ත්බර කර­ගත් සිය දිවිය
සිරි­මත් නා ස­මිඳු සසු­නෙහි මුර දෙවිය

දැනු­මෙන් දෙස් විදෙස් සර­සවිවලින් ලද
දිනු­මෙන් නිර­තු­රුව සුවි­යත් ලොවෙන් පුද
පෙනු­මෙන් සොඳුරු කළ සැදැ­හැති ලෙවන් හද
වැනු­මෙන් සුගුණ කෙෙල­සින් නිම කර­න්නද

සසු­නට, රටට, ජන­තා­වට බැඳුණු සිත
මුසු­කොට බුදු මඟට; දෙලො­වට සැදුව සෙත
දසු­නට විම­ල­මිණි වැනි සන­ස­වන නෙත
දෙසු­මට හිමිගෙ නොබැ­ඳුණු සිත් දැයෙහි නැත

සුර­කිනු පිණිස දැය සතු විදු­ස­තර හර
පෙර මඟ එළිය කළ පෙර­ඹර දිනිඳු යුර
සර­සවි කුල­ප­තිඳු ලෙස ජය­ව­ඩන පුර
හර­සර පිදේ සමි­ඳුට මහ ඇදු­රු­වර

රැකු­ණත් නොරැ­කු­ණත් තන­තුරු; වරද පෙනී
අකු­ණක් සේ වැදුණු නර­සිහ උරු­ම­යෙනි
ලොකු­කම් නොපෙන්වූ ලොකු හාමු­දු­රු­වනි
දැකු­මෙන් සමිඳු; පින් කළ බව මෙනෙහි විණි

මෙත් සිත පෑව පිවි­තුරු ලෙස සත් වගට
සෙත් දුන් සමිඳ වැඩ අපෙ හද­වත් ළඟට
තෙත් විය කඳුළු විත් ලක් මව නෙත් අගට
දත් බණ දහම් ඇති; සමි­ඳුට සෙත් මඟට

යෙදුණා දැයට නොප­තන රුදු විපත මෙවන්
දැනුණා ගිනි සෙ මුදු සීතල සුවඳ පවන්
අනුනා සමිඳ බෙල්ල­න්විල විම­ල­රු­වන්
දියනා ගොයුම් සසු­නෙම ලද මැනවි නිවන්

මහා­චාර්ය දර්ශන රත්නා­යක


පින්කෙත නිස­ලයි

උපන් බිමට ණය නැති සඟ­රු­ව­නයි
කිත් පැස­සුම් ලොව දස­තම පැති­රෙයි
බෝමැඩ සෙවණේ බණ පද නිහ­ඬයි
'බෙල්ල­න්විල' පින්කෙත අද නිස­ලයි

රත්න­සිරි පති­රණ


ආද­ර­ණීය ආද­රය

ආද­ර­ණීය ආද­ර­යයි මිහි­රි­තම
ඔබෙ නෙතු වලින් ප්‍රේමය තව විදිමි මම
වය­සට ගියත් ගත­වන තත්ප­රෙන් හැම
වෙන කවු­රුත්ම වෙන්නෑ මම ඔබට සම

පැරදී ආල­යෙන් සිටි­යෙමි එක යුග­යක්
කඳු­ළැලි මතට සින­හව ගෙන දුන් රැජනක්
හද ගිනි දැල් නිවූ ඔබ හොඳ හෙද තුමියක්
මම ආද­රෙයි සද­හට ඔබ මට මැණි­කක්

ආසිරි පැතුම් සම­ඟින් යුග දිවි අරණේ
අප එක් වුණා කුල­සි­රි­තට සුබ සරණේ
සෙනෙ­හෙන් ලියමි පති­දම් සුරැකි ළඳුනේ
අපි තව පුර­වමු ප්‍රේමය ලක් දෙරණේ

යුග දිවි ගමනෙ දස වැනි සැම­රුම සම­රයි
ඔබ දුන් තිළිණේ වටි­නා­කම අසම සමයි
පොඩි පුතු අපෙ ටික ටික මගෙ කුසට ළඟයි
ආදර පුතේ රැක ගනු මෙය ඔබගෙ රටයි

ආසිරි විජේ­සේ­කර


තනි තරුව

සීත මුදු පවන
ගීත ළැම ගයන
නේක තුරු වියන
ගේක සසි­රිය සදා ගෙනෙන

ගුවන් කුස විසි­තුරු
දිරින් හිනහේ අම­යුරු
සහන් පෙත දෙවි­වරු
වඩින් මගෙ ලෝක­යට සුර­තුරු

තනි­කමේ සොඳුරු
අරු­තක් තිබේ ගැඹුරු
නුඹේ හද තඹුරු
සදා පුද­සුන තබමි මියුරු

ගත යහන සුර­තල්
නැත වරම් ලාබ මන­කල්
වත මගේ දුටු­කල්
නෙත ඔබේ ඇයි නුදුටු විරු­කල්

මගෙ ලොවේ පිරුණු
සිහින සිතු­විලි දිලුනු
නිශා යම සරනු
පිය නගා කුස ඈත බලනු

සෂිනි කුමාරි සිරි­ව­ර්ධන


වෙණ තතක මැද

නුඹ
ඉකි
බිඳ
බිඳ
අඬ­න­කොට
රැයක
එමි
එක
හුස්මට
ඉකි බිඳුම්
දෙකක් අත­රට
වැතිර ගමි
නිසො­ල්මන් ලෙස
නුඹ අස
පුර­වමි
එකී
හිස්තැන
මමත්
ඉකි
ගස
ගස

මලිඳු කාවින්ද කුමා­ර­සිංහ


තනි­කම විඳිනහැටි මම...

සෙනෙ­හස සරැලි උපදා
මහ දිය කඳක් විල­සට
පුන් සඳක් පෑයූ හැටි
අමා­වක හුරු දෙනෙ­තට
උදෑ­සන පිනි වැසි මැද
සැඟවී කුරුලු ගීයක
මලක් වී සුපි­පුණි නුඹ
අව­සාන දිය බිඳු­වක
නිදි නැති රැය පුරා
මත­කෙට තුරුලුවී හිඳ
දහ­වල කෙසේ ගෙව­මිද
නන්නා­ඳු­නන විල­සට
රුව දැක­ගන්න පත­මින්
සුන්දර හැඟුම් කැටි­කොට
තනි­කම විඳින හැටි මම
නුඹේ ඇස් දෙක අබි­මුව

නදීරා රෝෂිණී නල්ල­පෙ­රුම


මහා­චාර්ය සුනන්ද මහේ­න්ද්‍ර­යන්ගේ ජන්ම දිනය නිමි­ත්තෙනි.

මහ­ඉඳු ම ය මහැ­දුරු ම ය...
සිති­විලි පෙරා
ඔප­වත් කළ
මහරු සිත්තම
කවිකමය...

විනි­විද දුටු
දර්ශ­න­යකි
ජීවි­තය ම...

පායන රිවි
දැක පූදි­න‍
­සං­වේදී
මල් යායකි...

දිවි­මන් ඔසු
මෙන් ගෙන දෙන
ඔව­දන් ම ය..

හුදු මානව
පීඩිත ළය
හඳු­නා­ගත්
හද මඬල ය...

මේ හිමි කම
උරු­මය ලද
මහ ඉඳු ම ය
මහැදුරු ම ය...

නයනා රාජපක්ෂ


සුමුදු රඹ­පත


ගිරි සිඛර
පෙර­ළ­වන
මහ­පො­ෙළාව
ගුගු­ර­වන
වැසි බිඳුව
උක­ට­ලිව!
ඉරනු නොහැ­කිව
මුදු
සුමුදු
රඹ­පත

දඹේ­ගොඩ ජින­දාස


 එතෙර කවිය


මව­ගෙන් පුතුට
From Mother – to Son


මගේ පුතේ, අහ­ගන්න
මා ලැබූ ජීවි­තය
පළි­ඟු­මිණි හිණි පෙ‍තක් නොම­වීය
ලී පතුරු කැඩී ඇත
ඇණ ගසා සවි කෙරිණි
සෝපාන බිම වැසූ පලස් නැත
රළු - පරළු බිම හිස් ය
නොනැ­වතී නැඟ ගියෙමි
කොනක් ලද විට­කදී වංගු­වෙන්
හැරි හැරී පිය නැඟිමි;
නැව­තු­මක් ලැබෙන තුරු
පහන් සිළු නොමැ­ති­වම,
අඳු­රේම නැඟ ගියෙමි
එපා! පුත, හැරෙ­න්නට පසු­ප­සට
සෝපාන ලී රළුය;
වාඩි විය නොහැක; බිම
දැන් නුඹව වැටේ යයි නොසි­තන්න
නැඟ යන්න; ඉදි­රි­යට
මා තවම ගම­නේය;
ඉඩ - හසර දකින තුරු නැව­තු­මට
ජීවි­තය පළි­ඟු­මිණි
හිණි පෙතක් නොවේ­මැයි

ලැන්ග්ස්ටන් හියුස් (1902 – 1967)

ඔහු කාව්‍ය සංග්‍ර­හ­යන් දහ තුනක් පළ කළ අප්‍රි­කානු - ඇමෙ­රි­කානු කවි­යෙකි. ඔහුගේ ප්‍රබන්ධ අතර නවකතා, නාට්‍ය රචනා, ඉති­හාස කතා සහ ස්වයං චරි­තා­ප­දා­න­යක් ද වෙයි. 1926 සිට දශක හත­රක් පුරා නිව්යෝර්ක් ප්‍රාන්තයේ ‘හාර්ලෙම්හි රාජ­කීය කවියා’ ලෙස සම්භා­ව­නා­වට හා ප්‍රසි­ද්ධි­යට පත්වූයේ මේ පුද්ග­ල­යාය.

බර්නි දස­නා­යක


ඔබ කළ මෙහෙය සුළු නැත

(හිටපු බුදු­ස­රණ ප්‍රධාන කර්තෘ මෙන්ම කවි­යකු සහ ග්‍රන්ථ රච­ක­යකු වූ ‍ආචාර්ය ප්‍රේම­සිරි අබේ­සිංහ මහතා අභා­ව­ප්‍රාප්ත වී තෙම­සක් පිරීම නිමිත්තෙනි.)

සතර දිග් බාගයේ නම් ගෙන බොදු සවන් සිත්කළ­ එළි
පතු­ර­මින් බුදු ගුණ කද­ම්බය සතන් වෙත දී සැන­සිලි
සසර ගොඩ­යන මඟට බොදු පත් තුළින් අන්දා පට­පිළි
ඇදුර ඔබ කළ මෙහෙය සුළු නැත ඒ හෙයිනි මේ කඳු­ළැලී

සර­ස්ව­ති­යගෙ මහා බැල්මක් පැටි­වියේ සිට ලැබුණු හින්දා
උසස් ලෙස හෙළ කව මනා ලෙස හසු­රුවා ඇගෙ පහස වින්දා
වයස්ගත වූ නමුත් වීණා­වි­යගෙ සෙනෙ­හස ලෙහිම රන්දා
දහස් ගණ­නින් බැන්ද පැදි­වැල් දන්න සිත් දුක් ගැහැට සින්දා

හද­ව­තට ළෙන්ගතු කතා­වයි හිනා­වයි දිවි මඟෙහි රැඳුණා
එක් වරක් දුටු අය­කුගේ සිත වුවත් ඔබ වස­ග­යට බැඳුණා
කව­රෙ­කු­ට­වත් වැරැ­ද්දක් නැති අයකු විල­සට ගතිමු හඳුණා
ඒ නිසා­වෙන් හැම දෙනා­ගෙම දෙනෙත් කඳු­ළැලි විලක රැඳුණා

දහම් සුව­ඳින් සුව­ඳ­වත් වූ ‍සිතෙහි දිවි මඟ හැඩ වු‍ණේ
උපන්දා සිට කරපු පින් ඇත සසර මග නැත අස­හනේ
මෙතේ බුදු හිමි දකින නෙතු ලැබ බව ගම­න­තර මතු දිනේ
සදා සැන­සුම් නිවන් පැතු­මය අපේ සිත් තුළ තෙර­පුණේ

කලා­භූ­ෂණ සනත් පි‍යසේන


අප දෙදෙනා ගැයූ කවි

බර්ලින් නැමති ලස්සන නම පපුවෙ ලියා
උවැ­ටැන් කළෙමි රෑ දහ­වල් බැහැර නොයා
අපි දෙදෙ­නාට උප­මා­වක් බලමු ‍ සොයා
මම වෙමි නකුල මාතා ඔබ නකුල පියා

සැපැ­මිණ සැඳෑ නිම්නය වෙත සුවඳ දෙන
බර්ලින් කිවිඳු රස හද­වත් සතපවන
මේකයි මගේ හද­වත තුළ නැගෙන පැන
මත­කද ඔබට යුග දිවි­යට පැමිණි දින

දෙස­වන දි දී මෙත­නදි ඔ‍බෙ කට හඬට
රස විඳ ගනිමි සිත නොයොදා වෙන වැඩට
පෙම් ගීයක් ගය­න්නට තාලෙට හැඩට
ඩිංගක් යමුද සම­නල පාලම උඩට

අප පැතූ පැතුම් සංසා­රයෙ ඉහත සිට
මල් පල ගැනේ පිවි­සෙන තුරු සුගති යට
අව­සන් හුස්ම හෙළ­නට සුලු මොහො­ත­කට
පෙර මා මිය ගියා නම් එය සැන­සු­මකි ම‍ට

ගාල්ලේ ලිලි­යට් ගජ­වී­ර­ආ­රච්චි


ලොවම ජය ­ගනු...

අතැ­ඹු­ලක් ජීවිතේ කර­ගෙන
සුබ පැතුම් දෝතින්ම අර­ගෙන
හදේ ලේ කිරි කරන් හිනැ­හෙන
මගේ පුතු අම­ත­නව සිහි­නෙන..

සොඬින් ගෙනි­යන නෙළුම් මල­කට
සිතින් සැරසී සිඹිමි නුඹ මම
රඟන දෙප­යක සල­කු­ණක හැඩ
ලොවම ජය­ගනු මා පුතේ නුඹ..


නලිනි ජයන්ති


පුතේ ඇවි­දින් යන්න

පුත නුඹ කුඩා කල අම්මා අතැර ගියා
ඒ බර කරට ගෙන ඔබ රැක ගන්න කියා
දහ දුක් දරා­ගෙන ඔබ දැඩි කෙරුව නියා
තාමත් දුකිනි ඉන්නේ අද ඔබගේ පියා

වැඩි දුර ඉගෙන ගන්නට අප­හ­සුයි කියා
දැඩි ලෙස අදි­ට­නෙන් ගෙය උග­ස­කට තියා
බේරා ගන්න බැරි ලෙස එය නැතිව ගියා
වැඩි­හිටි නිවා­ස­ය­කයි අද ඉන්නේ පියා

මගෙ දිවි මගේ කාලය ගෙවෙනා හවස
ගත­ වන පැයක් පැයක් පාසා ගෙව­මින් පහස
මර­ණය ගැන සිත සිතා සිටිනා දවස
මට හොඳ තැනකි ඉන්නා වැඩිහිටි නිවස

සැප පහ­සු­වට තිබු­ණත් මට මෙහි ඉන්න
ලැබු­ණත් අහර ටික හොඳ හැටි­යට කන්න
පුත ඔබ නොදැක දැන්නම් බැහැ ඉව­සන්න
මා මියැ­දෙන්න පෙර මෙහි ඇවි­දින් යන්න

නන්ද­පාල වෙල­ගෙ­දර


ගොවි රජ­කුගේ සමු­ගැ­නීම

රාජාං­ගණ ජලාසේ අඳු­රින් පිරෙන
ගහ කොළ පවා මැලවී සුසු­මන් හෙළන
යකඩ කටින් දුක්බර කවි පද ගැයෙන
වැතිරී සොඳින් සද­හට සර­තැස නිවන

රුදුරු සතුන් අණ­සක ලූ බිම් පෙතට
සතර කෝරළේ අත් හැර දා සුවට
වීරිය සඳුන් හර සේ මොළවා මිටට
නුඹ ආවේය සත­ළිස් වස­කට එපිට

පිට්ටු කකා සුතන’ඹුවන් අත් නෑර
ඔට්ටු වෙලා මහ පොළො­වට නිස්සාර
මට්ටු වූව රට්ටුන් සැනසූ සූර
වෙට්ටු දැමූ දෙටු­වෙකි සෙන­ඟට මාර

මහ වන ගැබ එළි කර ජය දද බැන්ද
අබි­මන් මිනි­සෙක්ය අප­මණ දුක් වින්ද
නුඹ ගිය අඩි පාර දිග රොද බැන්ද
නව පර­පු­රක් පිබි­දෙයි වර­පට සින්ද

කිර­ලුන් සලිත වී නිර­තුරු කෑ ගසන
සැන්දෑ යමේ පුතු­නගෙ උර­හිස් මතින
අව­සන් ගමන් යන පින්සර ගොවි රජුන
සදා නිද­න්නට තෝතැ­න්නකි මෙතැන!


තිස්ස නිහාල් වික්‍රමසිංහ
  

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.