බකිංහැම් මැදුරට යළිත් මංගල සිරි | සිළුමිණ

බකිංහැම් මැදුරට යළිත් මංගල සිරි

බ්‍රිතාන්‍ය රජ පවුලේ චාල්ස්- ඩයනා යුවළගේ වැඩිමහල් පුතු සහ ලේලිය වන විලියම්-කේට් යුවළගේ විවාහ මංගල්‍යයෙන් පසු ඔවුන්ගේ බාල පුත් හැරී කුමරු සහ ඇමරිකානු සිනමා නිළි මේගන් මාකල්ගේ විවාහ උත්සවය මුළු ලෝකයේම අවධානය දිනා ගෙන තිබේ. මුළු ලෝකයම ඇස් දල්වා බලා සිටින්නේ හැරී -මේගන් මාකල් යන දෙපළ තම විවාහ උත්සවය දිනය සැළසුම් කර තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව ය.ඒ පිළිබඳව ලෝකයේ ප්‍රසිද්ධ පුවත් වෙබ් අඩවි විවිධ ඉඟි පළ කර තිබේ.

 දේව මෙහෙය ශාන්ත ජෝර්ජ් චැපල් දේවස්ථානයේ

හැරී- මේගන් මාකල්ගේ විවාහ උත්සවය දෙදහස් දහඅට වර්ෂයේ මැයි මාසයේ දහනම වන දින පවත්වන බව කෙන්සිංටන් මාළිගය විසින් වාර්තා කර තිබේ. එදින රාජකීය මංගල්‍යයේ දේව මෙහෙය වින්ඩ්සර් මැදුර ආසන්නයේ පිහිටි ශාන්ත ජෝර්ජ් චැපල් දේවස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ. මෙම රාජකීය මංගල්‍යයේ විශේෂත්වය වන්නේ විවාහ දිනයේදීම බ්‍රිතාන්‍යය පාපන්දු සම්මේලන අවසන් මහා තරඟය පැවැත්වීම ය. සාමාන්‍යයෙන් රාජකීයන්ගේ විවාහ උත්සව පවත්වන්නේ සතියේ දිනයකදී ය. එහෙත් මෙම විවාහ උත්සවය පවත්වන්නේ සෙනසුරා දිනයකදී ය. එම නිසා මෙම විවාහ උත්සවය බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලෙහි පවතින සම්ප්‍රදායන්ගෙන් වෙනස් වුවක් ලෙස මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 මල් කුමර කුමරියන්

මෙය රාජකීය පවුලේ විවාහ උත්සවයක් වීම හේතුවෙන් පවුලේ දරුවන්ට සුවිශේෂී ස්ථානයක් දී තිබේ. එම නිසා හැරී කුමරුගේ වැඩිමහල් සොහොයුරා වන විලියම්-කේට් යුවළගේ දරු දෙදෙනා වන චාලට් කුමරිය සහ ජෝර්ජ් කුමරා මෙම විවාහ උත්සවයේ මල් කුමරිය සහ මල් කුමරා ලෙස තෝරා ගෙන සිටී.එමෙන් ම ඇමරිකානු නිළි මේගන් මාකල්ගේ පාර්ශවයෙන් මල් කුමරිය ලෙස ඇගේ හොඳම යෙහෙළියක වන ජෙසිකා මල්රෝනිගේ සිව් හැවිරිදි දියණිය වන ඊවියා මල්රෝනි පෙනී සිටීමට නියමිත ය. මේගන් මාකල් මේ දිනවල කැනඩාවේ ජීවත්වන සිය මිතුරිය වන ජෙසිකා සමඟ තම විවාහ උත්සවයේ වැඩකටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ජා කරමින් සීටී.

 

 මංගල ඇඳුම

බ්‍රිතාන්‍යයේ කෙන්සිංටන් මාළිගයේ මාධ්‍ය වාර්තාකරුවකු වන ස්කෝබි ඒ.බී.සී මාධ්‍යයට ප්‍රකාශ කරන ලද්දේ මේගන් මාකල් තම මංගල දිනයේ ඇඳුම තවමත් නිසි පරිදි තෝරා ගෙන නොමැති බව ය. ඇය ඇමරිකාවේ සුප්‍රසිද්ධ නිළියක වීමත්, නුදුරු අනාගතයේ දී බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමරියක වීමට නියමිත වීම නිසාවෙනුත් මේගන් මාකල්ගේ මංගල දින ඇඳුම මින් පෙර නොදුටු සුවිශේෂී රාජකීය ඇඳුමක් වේය යන්න ජනතාව අපේක්ෂා කරති.

මේගන් මාකල්ගේ සමීපතම මිතුරියක වන මනාලියන්ගේ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක වන ජෙසිකා මුල්රෝනිගෙන් උපදෙස් ලබා ගැනීමට පෙළඹී ඇත.පසුගිය දිනක මේගන් මාකල් සිය විවාහ දින ඇඳුම් තෝරා ගැනීම සඳහා ජෙසිකා සමඟ එක්ව කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ සිට ලන්ඩනය දක්වා සංචාරයක නියැළී තිබේ. ජෙසිකා සිය මිතුරිය වන මේගන්හට ඇගේ මුළු විවාහ උත්සවයම සිදු කරන ආකාරය පිළිබඳව සහය වෙමින් සීටී. මීට දින කිහිපයකට ඉහතදී මේගන් තම විවාහය සැළසුම් කර ගන්නා ආකාරය පිළිබඳව උපදෙස් ලබා ගැනීම සඳහා කෙන්සිංටන් මාළිඟයට ආරාධනය කර තිබේ. ඒ.බී. සී මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ මේගන් මාකල් සිය විවාහ දිනයේ දී චාම්බව, සරළත්වය සමඟ මිශ්‍ර වුණු ආකර්ෂණීය විවාහ ඇඳුමකට කැමැත්ත පළ කර ඇති බව ය. තව ද මේගන් පසුගිය දිනවලදී සිදු කරන ලද සංචාර හේතුවෙන් තම මංගල දින ඇඳුම ඇමරිකානු සම්ප්‍රදායට හෝ කැනේඩියානු සම්ප්‍රදායට නිර්මාණය කිරීමට තම කැමැත්ත පළ කරයි ද යන්න පිළිබඳව සැක සහිත බව මාධ්‍ය තව දුරටත් වාර්තා කර තිබේ.

 

 චීස් හා කෙසෙල් කේක්

පසුගිය දින කිහිපය පුරා මේගන් මාකල් සහ හැරී දෙදෙනා විවිධ රසයන්ට අනුගතව සකස් කරන ලද කේක් ආකෘතීන් කිහිපයක්ම දැක බලා ගන්නට ගොස් ඇත. ලෝකයේ ප්‍රකට සුපවේදීන් විසින් සකස් කරන ලද කෙක් වර්ග මෙන් ම ලෝ ප්‍රකට කේක් සමාගම් විසින් සකස් කරන ලද කේක් වර්ග එකිනෙක රස බලා පරීක්ෂා කිරීමට මොවුන් දෙදෙනා ඒ අවස්ථාවන්වලදී අමතක කළේ නැත.

බ්‍රිතාන්‍ය රාජකීය සුපවේදියකු වන ඩැරන් මැග්රඩි ප්‍රකාශ කරන අන්දමට හැරී කුමරු කෙසෙල්වලින් සකස් කරන ලද ඕනෑම ආහාර වර්ගයකට දැඩි කැමැත්තක් දක්වයි. විශේෂයෙන්ම කෙසෙල් අයිස් ක්‍රීම් ආහාරයට ගැනීමට හැරී කුමරු දැඩි ඇල්මක් දක්වන බව ඩැරන් ප්‍රකාශ කර සිටී.

ලෝ ප්‍රකට ස්නෝඩෝනියා චීස් සමාගමේ අධ්‍යක්ෂක වන සීමන් මර්කර් ප්‍රකාශ කරන්නේ සිය සමාගම විසින් තට්ටු කිහිපයකින් යුතු චීස් කේක් එකක් හැරී මේගන් යුවළගේ විවාහ දිනයේ දී සුදානම් කිරීමට සැළසුම් කරන බව ය. විශේෂයෙන්ම එම සුවිශේෂී කේක් නිර්මාණය මෙම දෙපළට සුභ පැතීම අරමුණු කර ගෙන නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍ය වාර්තා කරනු ලබයි. ඒ කෙසේ වුවත් හැරී- මේගන් යුවළ තම විවාහ දිනයට තෝරා ගැනීමට සිටින්නේ චීස් හෝ කෙසෙල් අන්තර්ගත කර සාදන ලද කේක් නිර්මාණයක් ද එසේත් නැතිනම් වෙනත් කේක් එකක් ද යන්න පිළිබඳව ද මුළු ලෝකයම අවධානයෙන් සිටියි.

 

 ආරාධිත අමුත්තන්

හැරී-මේගන් මාකල් දෙදෙනා මෙම වසරේ මාර්තු 19 දින පැවැත්වීමට නියමිත තම විවාහ උත්සවය සඳහා ආරාධනය කිරීමට බලාපොරොත්තු වන පුද්ගල ලැයිස්තුව තවමත් සම්පුර්ණ කර නොමැත. ඒ කෙසේ වුවත් ඔවුන් තම විවාහයට ආරාධනය කරන්නන්ගේ නම් ලැයිස්තුව දෙවතාවක් පරීක්ෂා කරන බව බ්‍රිතාන්‍ය රාජකීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමරිකාවේ ප්‍රකට නිළියක වශයෙන් වෘත්තීයෙහි නියැළුණු මේගන් මාකල් තම ක්ෂේත්‍රයේ නළු නිළියන්, (හොලිවුඩ් සහ බොලිවුඩ් ) මෝස්තර නිරූපිකාවන් , ඇඳුම් නිර්මාණ ශිල්පීන් යනාදීන්ට ආරාධනා කිරීමට සැළසුම් කර තිබේ.

මහා බ්‍රිතාන්‍ය රජ පවුලේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙක් වන හැරී කුමරු ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා, වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාගෙන් එක් පුද්ගලයකුට හෝ දෙදෙනාටම තමන්ගේ විවාහයට ආරාධනා කිරීමට සුදානමින් සිටින බව මාධ්‍ය අනාවරණය කර තිබේ. එමෙන්ම

බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ ප්‍රකට දේශපාලන චරිත කිහිපයකටත් හැරී කුමරු ආරාධනා කිරීමට බලාපොරොත්තුවෙන් සීටී.

හැරී-මේගන් යුවළගේ විවාහ උත්සවය දින කෙලෙස කුමක් සිදුවේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත වශයෙන් තීරණය කර නොමැත. එසේ වුවත් හැරී-මේගන් තම තමන්ගේ රුචිකත්වයන් අනුව විවාහ උත්සවය උත්සවයත්ශ්‍රීයෙන් පැවැත්වීමට සියල්ල සුදානම් කරමින් සීටී. සැබවින්ම ඔවුන් දෙදෙනා එදිනට මුළු ලෝකයම පුදුමයට පත් කර ලීමට සිටින බව නම් අනිවාර්යයෙන් ම කිව යුතු ය. කෙසේ වුවත් හැරී- මේගන් යුවළගේ රුචි අරුචිකම් සියල්ලක්ම ඔවුන්ගේ විවාහ දිනයේ දී වෙනස් වීමට මෙන්ම වෙනස් නොවීමටත් පුළුවන.

 

අන්තර්ජාලය ඇසුරිණි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.