කොළඹ මහා නගර සභාවෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවෙන් අලුත් වාර්තා දෙකක් | සිළුමිණ

කොළඹ මහා නගර සභාවෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවෙන් අලුත් වාර්තා දෙකක්

නිහාල් පී. අබේසිංහ

මෙවර පළාත් පාලන මැතිවරණයෙහි එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවෙන් ම වැඩිම වැඩි ඡන්ද ලබාගෙන ඇත්තේ කොළඹ මහා නගර සභාවෙන්ය. ඒ වැඩි ඡන්ද ප්‍රමාණය 70000 කට අධිකය.

මෙවර පළාත් පාලන ඡන්දයෙන් පොදුජන පෙරමුණ ලංකාවෙන් ම වැඩිම වැඩි ඡන්ද ලබානෙ ඇත්තේ හෝමාගම ප්‍රාදේශීය සභාවෙනි. ඒ වැඩි ඡන්ද ප්‍රමාණය 50000 කට අධිකය. මේ වැඩි ඡන්ද ප්‍රමාණයන් මෙරට පළාත්පාලන ඉතිහාසයේ අලුත් වාර්තාවක් බව විචාරකයෝ පවසති. කොළඹ මහා නගර සභාවේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 131353 ක් ලබාගත් අතර පොදුජන පෙරමුණට ලබාගත හැකි ව‍ූයේ 60087 ක් පමණි. ඒ අනුව රෝසි සේනානායක මහත්මිය කොළඹ ප්‍රථම පුරපතිනිය ලෙස වැඩි ඡන්ද 71266 ක් ලබා පත්වී තිබේ.

හෝමාගම ප්‍රාදේශීය සභාවෙන් පොදුජන පෙරමුණට ඡන්ද 80904 ක් ලැබී ඇති අතර එජාපයට ලබා ගත හැකිව ඇත්තේ 30587 කි‍. මේ අනුව පොදුජන පෙරමුණට වැඩිඡන්ද 50317 ක් පමණ ලැබී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරයි.

Comments