පොල් කැඩීමටත් මැෂිමක් | සිළුමිණ

පොල් කැඩීමටත් මැෂිමක්

රූපාන්ති බුලත්සිංහල

පොල් අස්වනු නෙළීමේදී වගාකරුවන් මුහුණ පාන අසීරුතාව මඟහරවා ගැනීම සඳහා පොල් අස්වනු නෙළීමේ යන්ත්‍ර ඉන්දියාවෙන් ගෙන්වීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන ඇති බව එහි සභාපති කපිල යකන්දාවල මහතා පවසයි. පොල් කැඩීමේදී ඇතිව ඇති කම්කරු හිඟය ද පොල් කර්මාන්තයට බලපා ඇති බව පවසන සභාපතිවරයා මේ ප්‍රශ්නයට විසඳුම් ලෙස පොල් නෙළීමේ යන්ත්‍ර ගෙන්වීමට පියවර ගත් බව ද පැවැසීය.

ඉන්දියාවේ පොල් අස්වනු නෙළීමේදී ඇතිව ඇති කම්කරු හිඟය ජයගෙන ඇත්තේ ඊට සුදුසු යන්ත්‍රයක් සකස් කිරීමෙන් බව පැවැසූ පොල් වගා කිරීමේ සභාපතිවරයා, ලංකාව ද ඊට අනුගත වන්නේ නම් පොල් කර්මාන්තයට බලපා ඇති අතුරු ප්‍රශ්නයක් වන කම්කරු හිඟයට ඉක්මන් විසඳුම් ලැබෙන බවද පැවැසුවේය. මේ නිසා පොල් ඵලදාව නෙළීමේ යන්ත්‍රය පසුගිය දා බෝපිටිය ආදර්ශ පොල් උයනේදී වගාකරුවන්ට හඳුන්වා දෙන ලදී. මේ යන්ත්‍රය පොල් ගසට නැඟීමට උපකාර වන අතර පහසුවෙන්ම ඕනෑම කෙනකුට පරිහරණය කළ හැකිය. පොල් වගා කිරීමේ මණ්ඩලය ඉන්දියාවෙන් ගෙන්වනු ලබන මේ යන්ත්‍රය පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් ඕනෑම වගාකරුවකුට ඇණවුම් කළ හැකිය. 

Comments