SLTC 2018 නව උපාධි පාඨමාලා සඳහා වාර්තාගත ශිෂ්‍ය සංඛ්‍යාවක් | සිළුමිණ

SLTC 2018 නව උපාධි පාඨමාලා සඳහා වාර්තාගත ශිෂ්‍ය සංඛ්‍යාවක්

 ශ්‍රී ලංකාවේ වාණිජ ආයතනයක් විසින් සවිය සපයන මෙරට එකම ඉංජිනේරු හා තාක්ෂණික විශ්වවිද්‍යාලය වන්නේ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය (Sri Lanka Technological Campus - SLTC) යි. එම විහව විද්‍යාලය මගින් මේ වන විට විවිධ පාඨමාලා හඳූන්වාදෙන ලද අතර නවතම විද්‍යාවේදී ගෞරව (B.ScHons)හා තාක්ෂණවේදී (B.TechHons)උපාධි පාඨමාලා සඳහා 2018 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් ඉහළ ශිෂ්‍ය ලියාපදිංචියක් ඇති බව අනාවරණය විය. ඉංජිනේරු හා තාක්ෂණ විෂයධාරාවන්හි ඉහළ ඉල්ලූමක් ඇති ක්ෂේත්‍ර හයක් ආවරණය කරමින් උපාධි පාඨමාලා හඳුන්වාදීමට ද ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය මේ වන විට පියවරගෙන තිබේ. විද්‍යාවේ දී ඉංජිනේරු ගෞරව උපාධි පාඨමාලාව යටතේ මෙකැට්‍රොනික්ස්, සිවිල් ඉංජිනේරු, ප්‍රමාණ සමීක්ෂණ, ජෛව පද්ධති යන පාඨමාලාද තාක්ෂණවේදී ගෞරව උපාධි පාඨමාලාව යටතේ කෘෂි තාක්ෂණය, පාරිසරික තාක්ෂණය හා මූල්‍ය තාක්ෂණය යන පාඨමාලා ද එසේ හඳුන්වාදී තිබේ.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය ආරම්භ කෙරෙන්නේ ශ්‍රී ලාංකික තාරුණ්‍ය වෙනුවෙන් ඉහළ ප්‍රමිතියකින් යුත් උසස් අධ්‍යාපනයක් සඳහා ඇති ඉල්ලූම සපුරාලීමට ගත් පියවරක් වශයෙනි. ඒ අනුව ලොව පිළිගත් විශ්වවිද්‍යාල හා සහයෝගීතාවයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය වෙතින් පිරිනැමේ. වර්තමානයේදී එක්සත්රාජධානියේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයත් ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයත් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය සමග අධ්‍යයන සහයෝගීතාවකට එළඹ සිටී.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය රාජ්‍ය අනුමැතිය ලත් ඉංජිනේරු හා තාක්ෂණ උපාධි පාඨමාලා පිරිනමන මෙරට එකම නේවාසික විශ්වවිද්‍යාලය වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය ආරම්භ කෙරෙන්නේ ශ්‍රී ලාංකික තාරුණ්‍යය වෙනුවෙන් ඉහළ ප්‍රමිතියකින් යුත් උසස් අධ්‍යාපනයක් සඳහා ඇති ඉල්ලූම සපුරාලීමට ගත් පියවරයක් වශයෙනි. ඒ අනුව ලොව පිළිගත් විශ්වවිද්‍යාල හා සහයෝගීතාව යෙන් ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය වෙතින් පිරිනැමේ. වර්තමානයේදී එක්සත් රාජධානියේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයත් ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයත් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය සමඟ අධ්‍යයන සහයෝගීතාවකට එළඹ සිටී. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක්වන ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය රාජ්‍ය අනුමැතිය ලත් ඉංජිනේරු හා තාක්ෂණ උපාධි පාඨමාලා පිරිනමන මෙරට එකම නේවාසික විශ්වවිද්‍යාලයවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය ආරම්භ වූයේ ඉංජිනේරු සහ තාක්ෂණ විෂය ධාරාවන්හි ගුණාත්මක උසස් අධ්‍යාපනයකට ඇති හිඩැස පිරවීමේ අරමුණ ඇතිවයි. රටේ සංවර්ධනයත් සමඟ එම රැකියා ක්ෂේත්‍ර සඳහා නිසි වෘත්තීය සුදුසුකම් සපිරූ පුද්ගලයන් සඳහා ඇති ඉල්ලූම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මෙතෙක් පැවැති උපාධි පාඨමාලාවන් සේ නව උපාධි පාඨමාලා හරහාත් ඉංජිනේරු හා තාක්ෂණක් ෂේත්‍රයන්හි මූලිකාංග මෙන්ම නිසි න්‍යායාත්මක, ප්‍රායෝගික හා විශ්ලේෂණාත්මක දැනුමක් අපි සිසුන්ට පිරිනමන්නේ ඒ නිසායි ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ආරම්භක සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් රූබසිංහ මහතා පැවසීය.

අපොස උසස්පෙළ ප්‍රතිඵල අනුව පූර්ණ ශිෂ්‍යත්ව මෙන්ම අර්ධ ශිෂ්‍යත්ව ලබාගැනීමේ අවස්ථාව සිසුන්ට පවතී. එනම් උසස්පෙළ විභාගයේදී A සාමාර්ථ 03ක් ලබාගන්නා සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්වයක් හිමි වන අතර සෙසු ශිෂ්‍යයින්ට එක් A සාමාර්ථයක් වෙනුවෙන් 30% ගාස්තු සහනයක් ද එක් B සාමාර්ථයක් වෙනුවෙන් 20% ක් හා එක් C‍ සාමාර්ථයක් වෙනුවෙන් 10% ක් බැගින් ද ගාස්තු සහන හිමිවේ.

පර්යේෂණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, සිසුන් කේන්ද්‍ර කරගත් සහ ප්‍රතිඵල මූලික කරගත් ඉගෙනුම් ක්‍රමවේද භාවිතා කරන මෙරට ප්‍රථම අධ්‍යාපන ආයතනය මෙම විශ්වවිද්‍යාලය වීම ද තවත් විශේෂත්වයකි. එමනිසා මෙම පාඨමාලා සම්පූර්ණ කරන සිසු සිසුවියන් හට උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉක්මනින්ම රැකියා ලබාගැනීමේ වැඩි අවස්ථාවක් ද උදාවේ. සිසුන්ගේ පෞද්ගලික හා බුද්ධිමය වර්ධනය වෙනුවෙන් කැප වී ක්‍රියාකරන ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය ඔවුන්ගේ පුළුල් පරිකල්පනයත්, විශ්ලේෂණාත්මක චින්තනයත්, කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ හැකියාවත් දියුණු කරගැනීමට උචිත වටපිටාවක් ද නිර්මාණය කරදී තිබේ.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකා ටෙලිකොම් චන්ද්‍රිකා පෘථීවි මධ්‍යස්ථාන පරිශ්‍රයේ ය. අක්කර35 ක් පුරා පැතිරුණු විශ්වවිද්‍යාලය කරා කොළඹ සිට පහසුවෙන් ළඟාවිය හැකි අතරම ඒ වෙනුවෙන්ම ප්‍රවාහන පහසුකම්ද විශ්වවිද්‍යාලය විසින් සපයා ඇත. ඉතාමත් සුවපහසු වටපිටාවක නේවාසික පහසුකම්,විද්‍යාගාර, දේශනශාලා, ශ්‍රවණාගාර, පුස්තකාල වැනි අත්‍යවශ්‍ය පහසුකම් සියල්ලක්ම පාහේ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේදී සිසුන්ට හිමිවේ.

චන්දිමා එදිරිමාන්න

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.