මාර්තු 03ට පෙර ලැයිස්තු ඕනැලු | සිළුමිණ

මාර්තු 03ට පෙර ලැයිස්තු ඕනැලු

පසුගියදා පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වුණු සභිකයන් 8689 දෙනාගේ නාම ලේඛනය මාර්තු තුන් වැනිදා ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි. සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් තේරුණු සභිකයන්ගේ නාමලේඛන මාර්තු මස 3 වැනිදාට පෙර එවන මෙන් මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.

එම කටයුතු මාර්තු 3 වැනිදා පසු වුවහොත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම තවදුරටත් කල් යනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මෙවර පළාත් පාලන ආයතන සඳහා කාන්තාවන් 535 ක් තේරී පත්ව තිබේ. එය ඉදිරිපත් වූ සමස්ත අපේක්ෂක සංඛ්‍යාවෙන් 10% ක් වුවත් ඉතිරි 15% අතිරේක ලැයිස්තුවලින් තෝරා ගනු ඇතැයි ද කොමසාරිස්වරයා කීය. ඒ අනුව කාන්තා සභිකයින් 1,500 ක් ලැයිස්තුවලින් පත් කෙරේ. එලෙස තෝරා ගැනීම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් සිදු කළ යුතු බව ද හෙතෙම පැවසීය.

Comments