CIC සමූහ ව්‍යාපාරය කෘෂිකාර්මික පර්යේෂණ කටයුතු වෙනුවෙන් CARP ජාතික සම්මාන දිනයි | සිළුමිණ

CIC සමූහ ව්‍යාපාරය කෘෂිකාර්මික පර්යේෂණ කටයුතු වෙනුවෙන් CARP ජාතික සම්මාන දිනයි

 ශ්‍රී ලංකාව තුළ සිදුකරන ලද නිර්මාණශීලී කෘෂිකාර්මික පර්යේෂණ සඳහා වන ජාතික සම්මානයෙන් පිදුම් ලැබීමට CIC සමූහ ව්‍යාපාරය (CIC Holdings PLC) පසුගියදා සමත් විය. ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (CARP)විසින් මෑතකදී කොළඹ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේදී පවත්වන ලද විශේෂ උත්සවයකදී CIC සමාගම වෙත මෙම සම්මානය පිරිනැමිණි. කෘෂිකර්ම පර්යේෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සහ ආයතන සම්බන්ධ කරගෙන පවත්වන ලද දීප ව්‍යාප්ත තරගයකින් අනතුරුව එහි ජයග්‍රාහකයන් වෙත මෙම සම්මාන පිරිනැමීම සිදුවිය.

රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික සමාගම්, පර්යේෂණ ආයතන, රජයේ දෙපාර්තමේන්තු සහ විශ්ව විද්‍යාල ඇතුළු පාර්ශ්ව රාශියක් මෙම තරගයට එක්වී සිටියහ. වැවිලි කර්මාන්ත කෘෂිකර්මය වැවිලි කර්මාන්ත නොවන කෘෂිකර්මය, පශු සම්පත් හා ධීවර කර්මාන්ත යන කාණ්ඩ යටතේ මෙම තරගය පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ කටයුතු අධීක්ෂණ ආයතනය වන ශ්‍රි ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින්, පසුගිය වසර 3 ඇතුළත ශ්‍රී ලංකාව තුළ සිදුකරන ලද කෘෂිකාර්මික පර්යේෂණ සම්බන්ධයෙන් අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව විද්වත් මණ්ඩලයක් මගින් සම්මාන සඳහා සුදුස්ස්සන් තෝරාගන්නා ලදි. මෙහිදී වැවිලි කර්මාන්ත නොවන කෘෂිකර්ම කාණ්ඩයට අදාළ සම්මානය සහ රු 200,000 ක මුදල් ත්‍යාගය දිනාගැනීමට CIC සමූහ ව්‍යාපාරය සමත් විය.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධ අංශ කිහිපයක් වෙත ව්‍යාප්ත වී ඇති ක‍ෂක‍ සමූහ ව්‍යාපාරය 2006 වසරේ සිට කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල නිරත වී සිටින අතර දේශීය හා විදේශීය වෙළඳපොළවල් සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රැසකින් නිර්මාණය කිරීමට සමත් වී ඇත. සමාගම විසින් නිපදවා වෙළඳපොළට හඳුන්වා දී ඇති Fragrant Red Basmati, CIC White Basmati සහ CIC Purple Mix යන ගුණාත්මක සහල් වර්ග සඳහා මෙම සම්මානය හිමි විය. ප්‍රසන්න සුවඳකින් යුතු මෙම සහල් අඩු ග්ලයිසිමික් දර්ශක (GI) අගයකින් යුක්ත වන නිසා සෞඛ්‍යයට ඉතා හිතකර වේ. සහල් සම්බන්ධ මෙම පර්යේෂණ කටයුතු මෙහෙයවනු ලබන්නේ සමාගමේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ උපදේශක ආචාර්ය සුමිත් අබේසිරිවර්ධන මහතා විසිනි. මේ වනවිට CIC සමගම එළවලූ සම්බන්ධ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහාද තම අවධානය යොමුකර ඇති අතර නුදුරු අනාගතයේදී දෙමුහුම් එළවලූ ප්‍රභේද කිහිපයක් වෙළඳපොළට හඳුන්වා දීමට සූදානමින් සිටී.

මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් හිමි ඉහළම තලයේ සමූහ ව්‍යාපරයක් වන CIC‍, කෘෂි නිෂ්පාදන, මහජන සෞඛ්‍ය, පශු සම්පත් ඇතුළු ක්ෂේත්‍ර රැසක් වෙත තම සේවා හා භාණ්ඩ සැපයීම සිදූකරනු ලබයි.

චන්දිමා එදිරිමාන්න

Comments