ජනතාවගේ ප්‍රශ්නවලට එජාපයෙන් විසඳුම් ලැබුණේ නැහැ | සිළුමිණ

ජනතාවගේ ප්‍රශ්නවලට එජාපයෙන් විසඳුම් ලැබුණේ නැහැ

මම පොළොන්නරු දිස්ත්‍රිකයෙන් තරග කළේ. එජාප පාක්ෂි‍කයෙක් ලෙස මම තරග කරලා ජයග්‍රහණය කළා. මම විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළා. එහිදී මට ජනතාව වෙනුවෙන් කරන්න කිසිදු දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා ජනතාව මගෙන් ඇහුවා ඔබ මොනවද අපි වෙනුවෙන් කළේ කියලා. එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට ජ්‍යෙෂ්ඨයන්ට මම මේ තත්ත්වය කිව්වා. නමුත් ඉන් පලක් වුණේ නැහැ. අඩුම තරමින් ඒ ප්‍රශ්නවලට ඇහුම්කන් දුන්නේවත් නැහැ.

මම ගොඩක් අසරණ වුණා. අපි බලාපොරොත්තු වූ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලැබුණේ නැහැ. පක්ෂයේ වෙනස් කම් වෙන්න ඕනෑ ජනතාව ඉල්ලන නායකයා දෙන්න ඕනෑ නමුත් එජාපයේ මේ තත්ත්වය නිසා පක්ෂය අද ‍තිබෙන තත්ත්වය ගැන දුකයි. වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය මීට වඩා ශක්තිමත් විය යුතුයි. යහපාලන ආණ්ඩුව ගැන කිව්වොත් ලංකා‍වේ බිහිවු මුසලම රජය. පස් දෙනෙක් පස් පැත්තකට අදිනවා, කිසිදු දියුණුවක් නැහැ. මම ඇමැතිකම් හා මුදල් නිසා ආණ්ඩුවට එක් වුණේ නැහැ. මට මුදල් අවශ්‍ය නැහැ. නමුත් අමාත්‍යාංශයක් අවශ්‍යයි, ජනතාවට සේවය කළ හැකි. ඒ නිසයි මම මේ තීරණය ගත්තේ.

මේ වෙලාවේ රට ගැන හිතලා දේශපාලනය පැත්තකට දාලා නියම දෙනාට එකතු වෙනව නම් හොඳයි. ඒක තමයි මගේ අදහස වෙන්නේ.

අගමැතිතුමා පත්වීම නීති විරෝධි කියලා ඇතැම් අය කිව්වත් මම එය ප්‍රතික්ෂේප කරනවා. මොකද මෙය නීති විරෝධී නැහැ.

අදහස්