පුලතිසි පුරවරයෙන් හා ගිරුවාපත්තුවෙන් ආ රට සුරකින සුසංයෝගය | සිළුමිණ

පුලතිසි පුරවරයෙන් හා ගිරුවාපත්තුවෙන් ආ රට සුරකින සුසංයෝගය

ආර්ථික ලෙස හා සාමාජික ලෙස ආගාධයට වැටී තිබෙන රට ඉදිරියට සමෘද්ධිමත් රටක් බවට පත්කිරීමට හැකි රටට ආගමට ආදරේ කරන අපේ සාරධර්ම ගරු කරන ලොව පිළිගත් නායක දෙපළක් දැන් මේ රටේ ඉදිරි මඟ ශක්තිමත් කිරීම අරඹා ඇත.

අප මෙසේ කියන්නේ 2005 සිට 2015 දක්වා පුරා ව සර 10 ක් මේ නායක දෙපළ අපේ රටට රජ සමයෙන් පසු විශාල සංවර්ධනයක් ඇති කිරීම ද ස්මරණය කරමිනි.

පුලතිසි පුරවරයෙන් ඉපිද වෙල් ඉපනැල්ලේ හැදී වැඩී පාර්ලිමේන්තු ආ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් ගිරුවාපත්තුවේ ඉපිද කුරහන් සුවඳත් රතු කැකුළු බත් සුවඳත් සමඟ පාර්ලිමේන්තුවට සපැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් දැන් රට ඉදිරියට ගෙන යන සුසංයෝගයක් වී අත.

මේ රාජ බල ඇති මේ නායකයන් රට ඉදිරියට ගෙන යාමට එක්ව කටයුතු කළේ අද ඊයේ නොවේ. 2005 වසරේ පොදු පෙරමුණු රජය බිහිවූ පසු වත්මන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මුලින් ම කළේ කොටි වෙඩි ‍බෝම්බ පුපුරන මනම්පිටියට අලුත් පාලමක් ඉදි කිරීමය.

ඊට පසු 2007 ජනවාරි 25 වැනිදා මේ නායක දෙපළ මොරගහකන්ද බහු කාර්ය යෝජනා ක්‍රමයට මුල්ගල තැබුවෝය. අද එය රටේ පළාත් 5 ක් වෙලාගත් යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. රටට මෙගා වොට් 35 ක් ජල විදුලිය සපයන ඒ ව්‍යාපෘතිය මඟින් මධ්‍යම පළාතට, උතුරු මැදට, වයඹට හා නැගෙනහිරට පිරිසුදු පානීය හා වාරිජලය ඇති තරම් සපයනු ලැබේ. පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාල මොරගහකන්ද ජලාශයත් පරාක්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් විශාල මාතලේ කළුගඟ ජලාශයත් ‍ෙම් යටතේ දැන් ඉදිවී ඇත.

මීට අමතරව මේ නායක දෙපළ 2009 වන විට මේ රටේ වසර 30 ක් දිගින් දිගට දික් ගැසෙමින් තිබූ කුරිරු යුද්ධය නිමා කිරීමට කටයුතු කළහ. එවක හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යුද්ධය අවසන් කිරීමට පූර්ණ උදව් දුන්නෝය. මේ නිසාම වත්මන් ජනාධිපති තුමාට තුන් වරක් එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාර එල්ල වුවත් ජාතියේ හා එතුමාගේ වාසනාවට එතුමාට ලොකු අනතුරක් වූයේ නැත. අප ද සහභාගි වූ බණ්ඩාරගම ප්‍රදේශයේ පැවැති වප් මඟුල් උත්සවය අවසන් වී කොළඹ එද්දි බොරලැස්ගමුවේදි එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් වත්මන් ජනාධිපතිතුමා නූලෙන් බේරුණත් එතුමාගේ ලේකම්වරයෙක් බරතළ තුවාල ලැබීය.

2009 මැයි මාසයේ දෙවැනි සතියේ හිටපු ජනාධිපති සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා සුවිශේෂ කටයුත්තකට විදේශ ගත විය. ඒ බැරෑරුම් අවස්ථාවේ රට භාරදී ගියේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාටය. ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෙරටට එන විට යුද්ධය පැවැතියේ අවසන් අදියරේය. එදා මෛත්‍රිපාල මැතිතුමා කටුනායකදි මෙරටට පැමිණි මහින්ද මැතිතුමාව වැලඳ ගත්තේ රට වැනසූ වසර 30 ක පිළිකාව අවසන් බව සපථ කරමින් සතුටු කඳළු වගුරමිනි. ‍

මේ අයුරින් අපේ ආගමට සංස්කෘතියට රටේ සාරධර්ම වලට ආදරේ කරන රටේ සම්පත් පිට රැටියනට රිසිසේ දෙන්නේ නැති ශක්තිමත් නායක දෙපළක් දැන් අපට සිටීම අපේකම අගය කරන සියලු ශ්‍රී ලාංකිකයනට සතුටට කරුණකි.

2005 සිට 2015 දක්වා අපේ රට නොසිතූ විරූ සංවර්ධනයකට ලක්විය. ඒ අනුව අලුත් අධිවේගි මාර්ග 4 ක්, අලුත් විදුලිබලාගාර 6 ක් අලුත් වරාය 3 ක් පානීය ජල ව්‍යාපෘති 52 ක් හා මහින්දෝදය විද්‍යාගාර 1000 ක් ඉදිවිය. ඊට අමතරව ‍මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පෞද්ගලික උනන්දුව මත මොරගහකන්ද, රඹකැන් ඔය, දැදුරු ඔය, වෙහෙරගල වැනි අලුත් බහු කාර්ය වාරිමාර්ග යෝජනා ව්‍යාපෘති 10 ක් ද ගුවන් පාලම් 5 ක් සමඟ අලුත් උද්භිද උද්‍යාන 10 ක් ඉදිකිරීමට මූලික අඩිතාලම දැම්මේය.

ජනාධිපතිතුමා පසුගියදා ජාතිය අමතමින් පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපය සුපිරි පැළැන්තිය අපේ කමට අපේ ආයෝජනවලට වඩා විදේශීය බලවේගවලට විදේශීය ආයෝජනවලට උනන්දු වන බවය. රටේ ඉඩම් සියල්ල විදේශිකයනට දෙන නීති හැදූ බවත් ඒ අනුව ඒ පාලන ක්‍රමය අවසන් කර අපේ කම සුරකින නව පාලනයක් දැන් ස්ථාපිත කර ඇති බවත් එතුමා පැවසීය. අද සියලු දෙනා කළ යුත්තේ ඊට සහය දීමය.

රටේ ඉදිරි ගමනට දැන් නායකත්වය දෙන මේ නායක දෙපළ අභීත වාග් විලාශයක් ඇති මහා පෞරුෂයකින් ද හෙබි රෙද්ද බැනියම අඳින, ශ්‍රී ලාංකිකයන්ට ආදරේ කරන නියම මහත්වරු දෙපළකි.

මහා සංඝරත්නය, රණවිරුවන් සුරැකීමට උනන්දු වන මේ නායකයෝ මුල්තැන දී ඇත්තේ රට වෙනුවෙනි. ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජාත්‍යන්තර අධිකරණ වලට අපේ රණවිරුවන් රැගෙන යාමට ඉඩ නොදෙන බව අවධාරණයකර තිබේ. අගමැති මහින්ද මැතිතුමාත් හැමදාම මහා සංඝරත්නයට රණ විරුවනට ඉතා හිතැතිය.

අපේ රටේ ජනතාවගේ ජීවන බර අඩුකරන්නට, බදු බර අඩුකරන්නට මේ නායකයන් දැනටම පියවර ගෙන තිබීම රටේ හැමටම සතුටකි.

අදහස්