රට ගැන හිතලයි ආණ්ඩුවට ආවේ | සිළුමිණ

රට ගැන හිතලයි ආණ්ඩුවට ආවේ

එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එකතු වෙලා ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවේ යහපාලනය කියන තේමාව අරමුණු කරගෙනයි. ඒත් බැඳුම්කර වංචාව නිසා අපිට මහජනතාවට මුහුණ දෙන්න බැරි වුණා. 2015 අගෝස්තු වන විට මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ආසන ගණන 105 දක්වා අඩු වුණේ ඒ නිසයි. බැඳුම්කර වංචාව රටේ නායකයාට නොසලකා ඉන්න බැහැ. ඒ නිසා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කළා. එහි දී උසස් නිලතල දරපු අය එයට අහුවුණා. මේ සම්බන්ධයෙන් අපි පක්ෂය ඇතුළේ ඉඳගෙන සටන් කළා.

හම්බන්තොට වරාය 99 අවුරුද්දට බදු දුන්නේ වරාය ඉදි කළ සමාගම අවුරුදු 35 කට බදු ගන්න කැමති වෙලා තියෙද්දි. මෙය අපේ රටේ ආරක්ෂාවට අනතුරක්. ඇමෙරිකාවේ උප ජනාධිපති පවා අනතුරු අඟවා තිබුණා. මෙහි හමුදා කඳවුරක් ඇති වීමෙන් ජාත්‍යන්තරයට බලපෑම් ඇති විය හැකි බව. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනයට කතා කරපුවාම දන්නේ රනිල් වික්‍රමසිංහ එය ඉන්දියාවට දෙන්න පොරොන්දු වී තිබෙන බව. ඒ ගැන ජනාධිපතිතුමාවත් දැනගෙන හිටියේ නැහැ. මේ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ලොකු සටනක් කළා. අපේ පළමු බැඳීම රට. දෙවනුවයි පක්ෂය ගැන හිතන්නේ. පක්ෂ දේශපාලනය කරන්න කලින් අපිට රටක් ති‍බෙන්න ඕනෑ. ඒ නිසයි මම මේ තීරණය ගත්තේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඇමති මණ්ඩලය ඉවත් වූ විට අගමැති තනතුර අහෝසි වෙනවා. ඊට පසුව බහුතරයක් විශ්වාසය දිනා ගත හැකි තැනැත්තා අගමැති කිරීමේ බලය රටේ ජනාධිපතිවරයා සතුයි. ඒ අනුවයි ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුරට පත් කළේ. මෙය නීත්‍යනුකූල ආකාරයට සිද්ධ කළ දෙයක්.

විශ්වාසය තියෙනවා කියලා යෝජනා ගෙනෙන්න බැහැ. දැන් පාර්ලිමේන්තුවේ ප්‍රමුඛතම කාර්යය වෙන්නේ අය - වැය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවට අවුරුදු 4 ½ ක් යන තුරු විසුරුවන්න ජනාධිපතිට බලයක් නැහැ. ඒත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රින් බහුතරයක් ඉල්ලා සිටිනවා නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. ඒ හැර අතුරු අය - වැය පරාද ක‍ෙළාත් ආණ්ඩුව විසුරුවන්න ජනාධිපතිට නෛසර්ගික බලයක් තිබෙනවා. මම මේ තීරණය ගත්තේ ජනතාවට සේවය කරන්න. මට පක්ෂ දේශපාලනයක් නෙමෙයි ප්‍රතිපත්තිමය දේශපාලනයක් තිබෙන්නේ.

 

 

අදහස්