කවි මඩල | සිළුමිණ

කවි මඩල

අරළු

රූමත් ලඳකි ඇය අස­නී­පව උන්න
දොස්තර වෙත ගියේ වෙද­කම් අර ගන්න
ඇය දූස­නය කර කුටි­යක් වෙත ඇන්න
දිවි තොර­කළා පෙර තොර­තුරු හෙළි වන්න
සිසු දැරි­වි­යකි කර­ගෙන ගිය ඉගෙ නීම
මුල් ගුරු­තුමා කිසි­වෙ­කු­ටත් නොදැ නීම
ඇය හා කලක් සැප විඳි ­හැටි ඇසු වාම
දොර­ගුළු අපායේ ඇරුණේ නැහැ තාම
අම්මා රට ගිහින් යළි එන විට මෙතෙර
දිය­ණිය මවක් වී හිටියා ගෙයි වැතිර
විමසා බලන විට වී ඇති දේ ගෙදර
පිය සෙනෙ­හ­සට වැදුණා දිග­ටම කතිර
දිය දම අනුව බැඳි සෙනෙ­හස් උරුම යට
බල්ලොත් පැටව් අර­ගෙන යයි හෙවණකට
මන­සින් උසස් මිනිසා ගැන සිතන කොට
මහ මඟ දමා යයි දරු­වන් ලැබෙන විට
බල­යට මැර­ක­මට මුද­ලට ගැති වීලා
සාධා­ර­ණය යුක්තිය ඇත පිටු පාලා
විප­තේදී ඉදි­රි­යෙන් සිටි කර උර දීලා
තිස්තුන් කෝටි­යක් දෙවි­වරු රා බීලා

කිඩ­පොළ ඒක­නා­යක
 


වැන්දඹු අහ­සක අන­ත්දරු සිහින....

තරු උදුළු ගාන්න
වලා බිම් කොටන්න
දේදුන්න රහින්න
අහස මොක­ටද සුසුම් පිහින්න
ග්‍රහ­ලෝක නෑදෑ පිරි­වර
ඉර­ණම් සක­ස්කඩ හඳ­හන
හපොයි මේ ලියැදි මැද
තිත්ත­යන්ගේ කුණු­ගඳ
පෘථිවි ෆුට්බෝඩ් එක
ඇළ­දොළේ වහල උඩ
ජීවිතේ ලේ උරන රජ­ද­හන
සති දෙකෙන් ආත්මයෙ වල් නසන
ග්‍රැමො­ක්සෝන්
පෙම් පරා­දී­සය.....
ගහක එතු­නම වැලක්
වැලට ගහ හව්හ­ර­ණක්
ජීවිතේ අකල් වියො­වක්
මර­ණ­යක උල්කා­පා­ත­යක්
දරා­ගැ­නීම වෙහෙ­ස­කර අයි­ති­යක්
බදා­ගැ­නීම පපුව සතු කාරි­යක්
හැඬී­මත් තනි­ක­මට බල නහ­ර­යක්
කන­වැන්දුං කිය­න්නෙම ප්‍රේම­යක්

ශ්‍යාමා දේවිකා දම­යන්ති


දුක් ගැන­විලි ලියූ සකි සඳ

දුක් ගැන­විලි
ගොඩ වැසෙන
මේස අත­රින්
හිස වදන් ගලා යයි
තුටු ගඟෙහි
ගිලුණු කල
කාලයේ කණ කොක්කු
ගග උඩින් ඉගිළ යති
හුළං පෙති සුළ­ඟට
ලිපි ගොනු අතර
සිර වුණු
දුක් ගැන­විලි
වේද­නා­වෙන් සැලෙයි
හදි­සියේ අත යැවෙන
ලිපි ගොනුවෙ
නුඹේ දුක් සුසුම් පිරි
ලිය­ම­නකි
වේදනා අතැඟිලි ලියූ
අකුරු පෙළකි
අපැ­හැ­දිලි ලිය­ම­නට ඔර­වලා
හී තුඩක ඇමි­ණිලා
පිළි­තු­රක් ලැබෙනු ඇත
යථා කාලයේ දී
එතෙක් නුඹ පැමි­ණෙන්න
හති වැටෙන තුරු
කන්තෝරු එළි­පත්ත
මත හිදින
නුඹට නොපෙ­නෙන
දෙයක් වේ
අහි­ත­කර ලිපි ගිලින
කුණු බඳුන
කට ඇරුණු ගම­න්මය

සු.ප්‍රි. සම­ර­සිංහ


පිංගු­ත්තර වලප

දුගී බවේ රැහැන් පටින්
පෙම් හද­වත වෙළා තරව
තක්ස­ලාව හැරදා යමි
සොඳු­රිය පසු­පස එනු කිම
සිප්ගිර පෙළ­හර ප‍ෑවෙමි
ලැබුණ පඬුර නුඹම වුණිය
එය මිණි පඬු­රක් සැබැ­වැයි
අන්ධ­යාට ඉන් පල කිම
මාගේ මවු මැහැලි තොමෝ
හිඳි­න්නීය ඉඳ­කඩ ළඟ
නුඹ කැඳවා දුගී පැලට
කේසේ දුක් දෙවන්නේ ද
පර­ම්පරා යස ඉසු­රට
මුළු ලොව ලොබ බැඳ දිව­යයි
නුඹ කිරු­ළක් දැරූ ලොවට
දූවි­ල්ලක් වුව මැන­වැයි
රජ සිරි­ය­හ­නෙහි සැත­පෙන
උදු­ම්බ­රා­විය මන­කල
කප් කෙළ­වර තෙක් පැති­රෙයි
වියෝ දුක් සුසුම් පෙළ­හර

අජිත් ලිය­නගේ


විය­පත් යකඩ අශ්වයා

තිස් හත් වසක් ගම­නට ඔබෙ සහය වුණ
ඇස් දෙක වගේ රැක­ගෙන ඔබ යන ගමන
දිව රෑ දෙකම ඔබ සම­ගින් වෙහෙස වුණ
අද මම සිටිමි විය­පත් අසකු විලසින
රජෙක් වගේ නෝනත් පිටු­පස හිඳුවා
පළ­වෙනි ගමන මාතර ගම රට දක්වා
පද­ව­න්නට ඔබට ලැයි­සොම වත් නැතුවා
ගිය හැටි පුදුම හිතෙ­නව බිය සැක සඟවා
ටැංකිය උඩ පුතා දුව නෝනා පිටූ­පස්සේ
මාකට් ගියේ පවු­ලම ඉරු දින දවසේ
අතින් කටින් අර­ගෙන බඩු මළු එකසේ
මත­කද ආව දහ­සක් වාහන අස්සේ
රැකි­යා­වට යන්න කොටු­වට වෙලා­වට
ළමයි ඇර­ලන්න සම­හ­රදා පාස­ලට
තව කොතෙ­කුත් ගමන් තිබු­ණද ඔබ­ලාට
හැකි විය සහය වී ඔබෙ සිත සන­සන්ට
මහලුයි මමත් ඔබ වාගේ අද දවසේ
සතු­ටයි දිවිය ගත­වෙන ඔබ ළඟ පෙරසේ
සල­කයි ගුණය රැක­ගෙන මම අද නි‍ෙවසේ
මේ කයි පළමු පාඩම එන බුදු සිරිතේ

ජය­සේන කොඩි­තු­වක්කු


ඉර මඳක් නව­තින්න

ඉර මඳක් නව­තින්න
තවත් හෝරා ටිකක්
නිදි ඇසට ඉඩ දෙන්න.
කෙළ­ව­රක් නැතිව යයි
ත්‍රී විලර් බයි­සි­කල්
කාර් බස් රථ පෙළක්.
සින­හ­වක් නැති මුහුණු
දයා­වක් නැති දෑස්
වෙනත් ලොව­කට පලා යනු වැනි.
නිශ්ශබ්ද ලෝක­යට
නලා හඬ හඬ­ව­මින්
ඉඩ පතයි
මඟ සොයයි.
දහ­සක් බුදුන් බුදු­වන
සහ­සක් කුසුම් පිබි­දෙන
ලොව­කට එළිය සප­යන
ඉර ඉතිං නව­තිනු
සිහි­න­යට තව ඉඩ දී.
ගිල දා යමක් හදි­සියෙ
ඇඟලා ඇඳුම් නොරි­සියෙ
රේස් කරනා රථ­යක
දසුන ද උදය උරු­මය.
ඉර මඳක් නව­තින්න
තවත් ‍හෝරා ටිකක්
නින්ද­කට ඉඩ ඩදන්න.

තිලක් ඒක­නා­යක


විහ­ඟුන්

උසැති තරු මුදු­න්වල
කුසු­ම්වල ඇති අරු­මය
මඩ වැකුණු මහ­මුල්
නුදුටු බව පෙන් වු
කුරු­ල්ලෝ රෑනකි
ඒ මුදුන් මුල්වල කඳු­ළින්
මහ පොළොව ගන්නා හුස්ම
ගීත­යන් කොට ගැයු රෑ යාම­වල
තරු පවා කළු වලා­කු­ළු­වල
සැඟව නිදි නොලැබූ
සඳ­දිය පවා සිඳි ගිය
සල්ලාල දිගු ගිම්හා­න­වල
හුස්ම බිඳු­වක් හද­ව­තින් ගෙන
සහෝ­දර පියා­පත් මත තැවරු
ඒ මතක සිත්තම් වේළි නැත
අහස මත තම කතා ලියු­මට
පියා­පත් දී තම බිලිඳු පැට­වුන්ට
ගය­න්නට එක් ස්වර­යෙන් මහී ගීතය
සමව පිය­ඹන්න වස­න්තය තෙක්
තරු ගණින වැඩි­හිටි විහ­ඟුණි..!
නපුරු සිහි­න­යන් රැසක් අව­සන
උදා විය යුතු ය දිප්ති­මත් උදෑ­සන
පිනි කැට සතු සකල ජීවය
පොවා ඇත ඔබ අපේ ස්වර­යට
එතෙක්;
නතර නොව අප සහෘ­දය ස්පන්දන..!

අයු ප්‍රනාන්දු

අදහස්