සංසාර චක්‍රය | සිළුමිණ

සංසාර චක්‍රය

 

සීය මැරුණෙ ගාථාවක් කිය කියා. ඒකෙ තේරුම මේකයි. ‘දෙවියනේ, ඔබ මට දුන්න ජීවිතය ස්තුති පූර්වකව මම ඔබට ආපහු දෙනව’ ඒත් ඔහු ජීවත් වෙලා හිටිය කිසි දවසක දෙවියො කියල කෙනකු විශ්වාස කෙරුවෙ නෑ. මොකද ජෛනාගම්කාරයො දෙවියන් කෙරෙහි විශ්වාසයක් නොතබන නිසා. සීයා කිව්වෙ හින්දු සූත්‍රයක කොටසක්. ඉන්දියාවෙ ආගමික විශ්වාස විශේෂයෙන් ම හොඳ දේවල් පැටලිලයි තියෙන්නෙ.

මිය යන්ඩ කලින් සීයා එක්තරා ඉල්ලීමක් නැවත නැවතත් කළා. ඒ තමයි ‘රථ රෝදෙ නවත්තන්ඩ! රථ රෝදෙ නවත්තන්ඩ!’ කියන එක. අපි ඒ වෙලාවෙ යමින් හිටියෙ ගොන් කරත්තෙ හින්ද මං හිතුවෙ උන්දැ කරත්තෙ නවත්තන්ඩ කියනව කියලයි. රථ රෝදෙ ඒ කියන්නෙ කරත්ත රෝදෙ කැරකෙන එක නැවැත්තුවොත් අපි කොහොමද ඉස්පිරිතාලෙට යන්නෙ? සීයා ආයෙ ආයෙත් ඒ ඉල්ලීම කරනකොට මං ආච්චි දිහෑ බලල ‘මොළේ අවුල්වෙලාද?’ කියල ඇහුවා. ආච්චි හිනා වුණා.

සීය මැරෙන්ඩයි යන්නෙ කියන එක පුංචි මට තේරිලා තිබුණනං ආච්චිට ඒක නොතේරෙන්ඩ විදිහක් නෑනෙ. ඒත් උන්දැ හයියෙං හිනා වුණා.

උන්දැගෙ ඒ හිනාව මට දැනුත් ඇහෙනව වගේ. ඒ වෙනකොට උන්දැගෙ වයස හතළිස්පහක් විතර ඇති. ඒ වයස තමයි ගැහැනියකගෙ ලස්සනම වයස.

පිරිමියකුගෙ ලස්සනම වයස එළඹෙන්නෙ තිස්පහේදි. ගැහැනියකට අවුරුදු දහයක් වැඩිපුර ලැබිල තියෙන්නෙ දරුවන් බිහිකරද්දි විඳින දුක්වේදනාවලට හිලව් වෙන්න පුළුවනි. ඒක අසාධාරණ නෑ.

ඒ අවස්ථාව මට අමතක වෙන්නෙ නෑ. සීයා රථරෝදෙ නවත්තන්ඩ කියල ඉල්ලනව. ආච්චි හිනාවෙනවා. මේ සද්දෙ කරත්තෙට පිටින් ඉඳගෙන කරත්තෙ දක්කමින් හිටපු බූරට ඇහිල එයා ආච්චි ගෙන් ඇහුව‘මොකක්ද ඔතන වෙන්නෙ? ඇයි ඔය හිනාවෙන්නෙ?’ කියල.

මෙතන රථ රෝදෙ කිව්වෙ කරත්ත රෝදෙට නෙමෙයි. සංසාර චක්‍රයට. ඒක අපිට පේන දේකුත් නෙමෙයි. ඒ තමයි සීයාගෙ විඥානය. ඒක අපිට නවත්තන්ඩ කියන්නෙ තමන්ට නවත්ත ගන්ඩ බැරි නිසයි.

සීයා නැවත නැවතත් ඒ ආයාචනාව කරද්දී අපි ගො`ඵවො බීරො වාගෙ හිටිය. ‘අපිට ඔයා කියන එක ඇහෙනව. අපිට ඒක තේරෙනව. කරුණාකරල සන්සුන් වෙන්ඩ ’ අපි කිව්ව.

ගොන් කරත්තෙ ඒ වෙලාවෙ ගියේ රළු අපිරිසිදු පාරක; ඒක ගැස්සුණා; පැද්දුණා. පාරක් කිව්වට ඒක පාරක් නෙමේ. රෝද පාරවල්වලට හෑරිච්ච වළගොඩැලි තියන එකක්. ‘රථ රෝදෙ නවත්තන්ඩ! රථ රෝදෙ නවත්තන්ඩ!’ සීයා දිගින් දිගට ම කිව්ව. ‘සීයෙ ඔයා කියන ද් තේරෙනවා.ඔයාට ඇරුණුකොට රථ රෝදෙ නවත්තන්ඩ කාටවත් බෑ. ඒකට මං උදව් කරන්නන්’ මං කිව්ව.

එතකොට ආච්චි මං දිහෑ බැලුවෙ ‘උඹ කොහොමද එහෙම කරන්නෙ ’ කියන්න වගෙ පුදුම වෙලා.

‘පුදුමෙන් වගේ බලන්ඩ එපා! මට එකපාරට ම මගෙ පෙර ජන්මයක් මතකෙට ආව. මේ මරණෙ දැකල මට මගෙ පෙර ජාතියකදි මැරුණු හැටි සිහිපත් වුණා’ මං ආච්චිට කිව්ව.

එ‘ ඉපදීමයි මිය යෑමයි සිද්ධ වුණේ ටිබැට් රටේදි. ඒක තමයි සංසාර චක්‍රය නවත්තන්ඩ පුළුවන් විදිහ දන්න එකම රට. ඒ එක්කම මම යමක් සජ්ඣායනා කරන්ඩ පටන් ගත්තා. ඒක අච්චිටවත්, මරණ මංචකේ හිටපු සීයටවත් තේරුණේ නෑ. ඒ තියා ඒක සජ්ඣායනා කරපු මටවත් තේරුණේ නෑ. අඩුම තරමෙ මට ඒකෙ එක වචනයක්වත් තේරුණේ නෑ. මම ඒකෙ තේරුම

දැනගත්තෙ අවුරුදු දොළහකට දහතුනකට විතර පස්සෙ. ඒක අවබෝධ කරගන්ඩ එච්චර කාලයක් ගත වුණා. ඒ තමයි ටිබැට් රටේ බර්ඩෝ ථෝඩාල් කියන මන්ත්‍රය.

ටිබැට් රටේ කෙනෙක් මැරෙනකොට මැරෙන කෙනා ළඟ ඉන්න අය මේ මන්ත්‍රය කියනව. නැවත නැවත කියනව. බාර්ඩෝ කියන්නෙ මන්ත්‍රයෙ නම. ඒකෙන් කියවෙන්නෙ මේකයි. ‘සන්සුන් වෙන්ඩ! නිශ්ශබ්ද වෙන්ඩ.

ඔබේ කේන්ද්‍රයට යන්ඩ. එතනම ඉන්ඩ, ශරීරයට මොක වුණත් ඒ ස්ථානයෙන් පිට යන්ඩ එපා, සිද්ධ වෙන දේ දෙස බලා සිටින්ඩ. එයට ඉඩ දෙන්ඩ. එයට මැදිහත් වෙන්ඩ එපා.

ඔබ නරඹන්නෙක් පමණක් බව හොඳින් හිතට ගන්ඩ. ඒ තමයි ඔබේ සැබෑ ස්වරූපය. චක්‍රය නැවතුණ බව සිහියේ තබාගෙනම ඔබට මියගිය හැකියි’

මරණ මංචකේ හිටපු සීයා ළඟ ඉඳගෙන මම මේ මත්‍රය නැවත නැවතත් සජ්ඣායනය කරන්ඩ පටන් ගත්ත. සිද්ධ වෙච්චදේ හරි පුදුමයි. සීය නිසොල්මනේ ඒක අහගෙන හිටිය.

එකත් එකටම සීයට මන්ත්‍රය අහගෙන ඉන්ඩත් ආස හිතෙන්ඩ ඇති. සීයා මීට කලින් ටිබැට් භාෂාවෙ එක වචනයක්වත් අහල තිබුණෙ නැතිවෙන්ඩ පුඵවන්. ටිබැටය කියල රටක් තියනවද කියලවත් සමහරවිට උන්දැ නොදැන ඉන්ඩත් ඉඩ තිබුණ.

සීයට වචන නොතේරුණත් බාර්ඩෝ මන්ත්‍රය වැඩ කළා. සමහරවිට ඔබට නොතේරෙන දේවල් වැඩකරන්ඩ පුළුවනි. ඒව වැඩකරන්නෙ ඔබට නොතේරෙන නිසාමයි. ඉතින් සීයා අර සාවධානෙන් ම අර නිශ්ශබ්දතාවෙන්ම මිය ගියා.

නිහඬ ව ජීවත් වීම සුන්දර දෙයක්. නිහඬ ව මිය යෑම වඩාත් සුන්දර දෙයක්. මරණය කියන්නෙ හිමාල කන්ද වගේ දෙයක්.

කවුරුවත් මට ඉගැන්නුවෙ නැතුවට මං සීයගෙ ඒ අවස්ථාවෙ නිහඬතාවෙන් හුඟක් දේවල් ඉගෙන ගත්ත. එක මාව නව තැන්නකට, නව දිශානතියකට තල්ලුකරල ඇරිය. මම අලුත් සෙවිල්ලක්, වන්දනාවක් ඇරඹුව.

ලබන සතියට 

අදහස්