රට අස්ථාවර කරන්න ඉඩ දෙන්නේ නැහැ | Page 3 | සිළුමිණ

රට අස්ථාවර කරන්න ඉඩ දෙන්නේ නැහැ

කිසිසේත්ම රටේ සාමය කඩවීමක් හෝ අස්ථාවරභාවයක් ඇති කිරීමට ඉඩ නොතබන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

එසේම රාජ්‍ය ආයතන තුළට බලහත්කාරයෙන් ඇතුළුවන ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කෙළේය. එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට අධිකරණයට ඉදිරිපත් කර වරදකරුවකු වුවහොත් අවම වශයෙන් තුන් මසක දඬුවමකට යටත් වීමට සිදුවන බව ද ඒ මහතා කීය. එහිදී එම දඬුවම බරපතළ වැඩ සහිතව හෝ ලබාදීමට අධිකරණයට බලය ඇති බවත් සාපරාධී ලෙස ඇතුළු වී මිනිස් ඝාතනයට උත්සාහ කළහොත් වසර 10 ක් දක්වා සිරදඬුවම් නියම කිරීමට හැකි වන බව ද ඒ මහතා කීය. මේ වන විට පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ද අවලංගු කර ඇති බව පැවසූ පොලිස්පතිවරයා අත්‍යාවශ්‍ය කරුණකදී වුවද නිවාඩු ලබා ගත හැක්කේ පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අවසරය පරිදි පමණක් බවද කීය.

කිසිදු පුද්ගලයකුට කිසිදු ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වීමට හැකියාවක් නොමැති බවත් විශේෂයෙන් රාජ්‍ය ආයතනවලට එවැනි ආකාරයට ඇතුළුවීම රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණයට සමාන වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

Comments