කලා­ක­රු­වන් වන අපිට ශක්ති­යක් නව පර­පුරේ රංගන ශිල්පී - ඉසුරු ලොකු­හෙ­ට්ටි­ආ­රච්චි | සිළුමිණ

කලා­ක­රු­වන් වන අපිට ශක්ති­යක් නව පර­පුරේ රංගන ශිල්පී - ඉසුරු ලොකු­හෙ­ට්ටි­ආ­රච්චි

පත්තර කලාවේ මහගෙදර තිළිණයක් ලෙසයි අපි සිළුමිණ පුවත්පතේ කලා අතිරේකය වන රසඳුන පුවත්පත දකින්නේ. රසඳුන පුවත්පත කලාකරුවන් වන අපිට ශක්තියක්. නැගී එන කලාකරුවන් ලෙස අපි කලාවට අවතීර්ණවන සමයේ රසිකයන් අතරට අපිව ගෙන ගිය මුද්‍රිත මාධ්‍යක් ලෙස රසඳුන විශාල කාර්යභාරයක් සිදු කළා.

ඒ වගේම වරක් මම රෝගාතුරව සිටින අවස්ථාවකදී මිතුරකු මෙන් මගේ තතු සොයාබලා මගේ රසිකයන් වෙත ඒ තොරතුරු ගෙන ගිය අයුරු මට මතකයි. ඒ නිසයි මම හැම වෙලේම රසඳුන අතිරේකය මගේ යහළුවෙක් ලෙස දකින්නේ. වසර විසි දෙකක් සපිරෙන මගේ මිතු‍රාට තවත් වසර සිය ගණනක් ඉදිරියට යන්නට සුබ පතනවා.

අදහස්