සිනා කතා | සිළුමිණ

සිනා කතා

අමුතුවෙන් මේකප් මොකටද?

“මේ සීන් එකෙන් පස්සේ අපිට තියෙන්නේ අම්මා ගෙදරට ඇවිත් දුවට හොඳටම දොස් කියන සීන් එක ෂූට් කරන්න. මේ සීන් එක තව පැය භාගයක් යන්ඩ කලින් ඉවර කරගන්ඩ පුළුවන්. හරියටම 11.00 වෙද්දී සඳාට මේකප් දාගෙන සූදානම් වෙලා ඉන්ඩ කියලා කියන්න” උදය තම සහාය අධ්‍යක්ෂ ඩොනල් හට අත් ඔරලෝසුව දෙස බලා කීවේ තම නව චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ය.

“සඳා අද හා හා පුරා කියල මේ ෆිල්ම් එකේ ෂූටිං වලට උදේ ආවේ මාර මේ කප් එකක් දාගෙන නෙ. අයෙ ඉතින් අමුතුවෙන් මේකප් කරන්ඩ ඕනෙද?” ඩොනල්ඩ් සාවඥ සිනාවක් පාමින් ඇසීය.

කිව්වොත් නරකද?

“විජේසිරිගේ අලුත් පොත් පෙළ දොරට වැඩි දවසේ තිබුණු උත්සවයට සහභාගී වුණායින් පස්සේ මට හොඳ අදහසක් පහළ වුණා. මම එදාම තීරණයකට ආවා මගෙ ඊළඟ පොතේදී අපේ සිනමාවේ ප්‍රධාන නිළියෝ ගැන ලියන්ඩ” චන්ද්‍රසිරි කමල් සමඟ කීවේ වාර්ෂික පොත් ප්‍රදර්ශනය නරඹන්නට ගොස් සිටියදී ය.

“විජේසිරිගෙ අලුත් පොත් වලින් එතන තියෙන්නෙත් සිනමාතරු ගැන නෙ. අනික තමන්ට හුරු විෂය ධාර‍ාවෙන් බැහැර වෙලා මොකද?” ඔයාට මේ හදිස්සීයෙම ආගන්තුක විෂයකට අත ගහන්ඩ හිතුණේ?” කමල් ඇසු‍වේ තරමක කුතුහලයකිනි.

“කමල්, එදා ඔයා ඒ පොත් දොරට වැඩුමට ආවා නං ඔය ප්‍රශ්නෙ මගෙන් අහන එකක් නැහැ. එදා පොත් පිළිගන්ඩ වේදිකාවට ආව හැම නිළියක් ම විජයට සුබ පැතුවේ ඌව බදාගෙන ඉබලනෙ.” චන්ද්‍රසිරි කීවේය.

“ඇත්තටම ඒක මොන උලළෙද?

“ගෙදරින් පිට වෙද්දි ඔයා මට කිව්වේ අපි මේ බලන්ඩ යන්නේ වාර්ෂික සාහිත්‍ය උත්සවය කියල නෙ. ඒ වුණාට අද මෙතැන තිබුණේ වාර්ෂික නර්තන උත්සවය නේද? අපිට තැන වැරැදුණාවත්ද?” බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති රාජ්‍ය උලෙළක් අවසානයේ ආපසු යමින් සිටියදී ශාන්ති තම සැමිය‍ාගේ කණට කර කීවාය.

“පිස්සුද හාමිනේ. මේක සාහිත්‍ය උත්සවය තමයි. මේකෙදි අර සම්මාන දුන්නෙ ලේඛකයන්ට නෙ.” චන්ද්‍රසිරි උපහාසයෙන් තම බිරිය දෙස බලමින් කීවේය.

“ඒ වුණාට අනේ, ඒකෙ කතාවලට අමතරව නර්තන අංග 8 ක් විතර තිබුණානෙ.” ශාන්ති කීවේ නෝක්කාඩුවක ස්වරයෙනි.

ඒක උද්ඝෝෂණයක් නෙමෙයි

“බුලර්ස් පාරේ වාහනවලට එහාට යන්ඩත් බැහැ. මෙහාට යන්නෙත් නැහැ. හැබෑට අනේ විශ්ව විද්‍යාල කොල්ලෝ, කෙල්ලෝ ඒ සැරේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වට ලලාවත්ද?” ඉදිරියට ඇදෙනු නොහැකිව අඩ හෝරාවකට ආසන්න කාලයක් පෞද්ගලික බස් රථයක සෙනඟ මැද දාඩියෙන් පෙඟුණු සිරුරට පිඹිමින් හේවගේ තම මිතුරු විජේසිංහ දෙස බලා විමසී ය.

“උඹට පිස්සුද බං සම්මන්ත්‍රණ ශාලා‍වේ ගේට්ටුව ළඟ ඉඳලා පිරිලා ඉන්නේ උද්ඝෝෂකයෝ නෙමෙයි. වාර්ෂික පොත් ප්‍රදර්ශනයට ආපු සෙනඟ” විජේසිංහ සිනාසෙමින් කීවේය.

කරනවා ඇත්තෙ ඒකයි

“ලේ බැංකුවෙත් දොස්තරලා හිඟයි කියලා මේ පත්තරේ තියෙන්නෙ අනේ.” සති අන්ත පුවත්පත් කියවමින් සිටි අනෝමා නිහාල් දෙස බලා කීවා ය.

“ඔය දොස්තරලා ‍උදේ හවස ප්‍රයිවට් ප්‍රැක්ටිස්වලට ගිහින් ලෙඩ්ඩුන්ගෙ ලේ උරා බීලා බැංකුවට ඕනෑ කරන ලේ එකතු කරනවද කියල කවුද දන්නෙ හාමිනේ!” නිහාල් කීවේය. 

අදහස්