HIRU Golden Film Award 2018 සම්මාන උලෙ­ළින්... | සිළුමිණ

HIRU Golden Film Award 2018 සම්මාන උලෙ­ළින්...

සිංහල සිනමා නිර්මාණ වලට සම්මාන පිරිනැමීම සඳහා සංවිධානය කළ Hiru Golden Film Award 2018 සම්මාන උලෙළ පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වුණා.

මෙහිදී වසරේ ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්න සහ ජනප්‍රිය නිළිය ලෙස පූජා උමාශංකර් රන් සම්මානයෙන් පිදුම් ලැබුවා. ජනප්‍රියම චිත්‍රපටය පත්තිනි, ජනප්‍රියම චිත්‍රපට ගීතය එඩි බින්දා (ආලෝකෝ උදපාදි) , සහ ජනප්‍රියම ළමා නිළිය විනුම් වින්සදී (ධර්ම යුද්ධය) සම්මානයට පාත්‍ර වුණා.

හොඳම චිත්‍රපටය - ඇගේ ඇස අග (අශෝක හඳගම), හොඳම ගායකයා - අමරසිරි පීරිස් (පත්තිනි), හොඳම ගායිකාව - උරේෂා රවිහාරි (සරිගම), හොඳම නළුවා - දසුන් පතිරණ (සයපෙති කුසුම) , හොඳම නිළිය - ස්වර්ණා මල්ලවාරච්චි (ඇගේ ඇස අග), හොඳම සහාය නිළිය - උමාලි තිලකරත්න (ඒ ලෙවල්) , හොඳම සහාය නළුවා - කුමාර තිරිමාදුර (ධර්ම යුද්ධය) , හොඳම ගී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න, හොඳම ගී තනු නිර්මාණය - අජිත් කුමාරසිරි (මෝටර් බයිසිකල්), හොඳම සටන් අධ්‍යක්ෂ - සඳුන් ප්‍රනාන්දු (ආලෝකෝ උදපාදි) සම්මාන ලැබුවා.

එසේම මෙහිදී මාලනී ෆොන්සේකා හිරු ජීවන ප්‍රයාම රන් සම්මානයෙන්ද, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ ආචාර්ය ධර්මසේන පතිරාජ දෙදෙනා හිරු උත්තමාචාර රන් සම්මානයෙන්ද පිදුම් ලැබුවා.

හොඳම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා - මහේන්ද්‍ර පෙරේරා, හොඳම ප්‍රතිවීර චරිතය රඟපෑ නළුවා - සිරිල් වික්‍රමගේ (බන්ධනය), හොඳම අධ්‍යක්ෂණය - ප්‍රසන්න ජයකොඩි (28 ) සම්මාන ලැබූ අතර ආසියානු චිත්‍රපට ක්ෂේත්‍රයට කළ මෙහෙය වෙනුවෙන් ඉන්දීය නළු ගෝවින්දා අහුජා රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

අදහස්