LOLC හරිත වැඩසටහන පාසලට | සිළුමිණ

LOLC හරිත වැඩසටහන පාසලට

පාසල් දරුවන් අතර ගස් සිටුවීමේ යහ පුරුද්ද ප්‍රවර්ධනය කිරීම මෙන්ම වන විනාශය සහ ශ්‍රී ලංකාවට බලපාන එහි ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් LOLC හරිත, දීප ව්‍යාප්ත පාසල් රුක්රෝපණ ව්‍යාපෘතිය පසුගියදා ඇරැඹිණි. එම වැඩසටහන LOLC සමූහයේ තිරසර කමිටුව වන LOLC හරිත මගින් ක්‍රියාත්මක කරන පුළුල් තිරසර මෙහෙයුමේ තවත් එක කොටසකි.

එහි ආරම්භක අදියර බණ්ඩාරවෙල ලියන්ගහවෙල මහා විද්‍යාලයේ දී ක්‍රියාත්මක විණි. මුල් අදියර යටතේ දිසා 25 ම ආවරණය වන පරිදි තෝරාගත් පාසල් 300ක ගස් 3000ක් සිටුවීමට සැලසුම් කෙරේ. පළමු මාස 4 තුළ එම පැළ 3000 රෝපණය කරනු ඇත. LOLC සමූහයේ දිවයින පුරා විසිරුණු 245 ක වූ ශාඛා සහ සේවා මධ්‍යස්ථාන ජාලය එම වැඩසටහන සාර්ථක ලෙස දියත් කිරීමට උපකාරී වෙයි.

ආරම්භයේ දී LOLC ෆිනෑන්ස් සහ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ශාඛා වලට කිලෝමීටර් 5ක වට ප්‍රමාණයේ පාසල් 300 ක් හඳුනාගෙන තිබේ.

LOLC හරිත පාසල් රුක්රෝපණ වැඩසටහනේ ව්‍යාපෘති ප්‍රධානී LOLC සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී මොහාන් තිලකවර්ධන මහතා “සමස්ථ ඉලක්කය වන්නේ ශ්‍රී ලාංකීය ජනතාවගේ සෞඛ්‍යය ආරක්‍ෂිත දිවි පැවැත්ම තහවුරු කරමින් හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමයි.

එමඟින් පරිසරය රැකගැනීමේ වැදගත්කම පිළිබඳව අනාගත පරපුර දැනුවත් කළ හැකි අතර ගස් වැල් රැකබලාගැනීම පිළිබඳ නිත්‍ය වගකීමක් ඔවුන් වෙත ලබාදිය හැකිය.

එමඟින් ඔවුන්ට ව්‍යාපෘතිෙය් හිමිකාරිත්වය පිළිබඳ හැඟීමක් ලබාදිය හැකි අතර පාසල් සීමාවෙන් ඔබ්බට ගොස් රක්රෝපණය සඳහා ඔවුන් දිරිගැන්වීමට හැකි වනු ඇත“

අදහස්