රස­ඳුන ගැන අපිට තියෙන්නේ ලොකු විශ්වා­ස­යක් ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණී තෙන්න­කෝන් | සිළුමිණ

රස­ඳුන ගැන අපිට තියෙන්නේ ලොකු විශ්වා­ස­යක් ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණී තෙන්න­කෝන්

සිළුමිණ පුවත්පතේ කලා අතිරේකය වන 'රසඳුන' කලාකරුවන්ට විශාල ශක්තියක් වන පුවත්පතක්. මම හැමදාමත් රසඳුනට ආදරය කෙළේ අපි කියන දේ ඇත්ත ඇති සැටියෙන් වාර්තා කරන නිසයි.

එනිසාවෙන් රසඳුන පුවත්පත ගැන අපිට තියෙන්නේ ලොකු විශ්වාසයක්. වරක් මම දුව සමග කළ විශේෂාංගයකට විශාල රසික ප්‍රතිචාරයක් ලැබුණා.

අපි ගැන සමාජයේ කතාබහට ලක්වුණා. කලාව වෙනුවෙන් විශාල සේවයක් කරන රසඳුනට මගේ සුබ පැතුම් පිරිනමනවා. ගෙවුණු වසර විසි දෙකට වඩා ඉදිරිකාලයේදි තව තවත් හොඳ විශේෂාංග කරමින් කලාකරුවන්ට ශක්තියක් වෙමින් ඉදිරියටම යන්න ලැබේවා කියා සුබ පතනවා.

අදහස්