අමෙරිකාවේ මැතිවරණ උණුසුම | සිළුමිණ

අමෙරිකාවේ මැතිවරණ උණුසුම

ක්‍රිසන්ති විතාරණ

අමෙරිකාවේ පැවැත්වෙන මධ්‍ය කාලීන මැතිවරණයේ අවසන් අදියරට පැමිණ ඇති අතර ජනාධිපතිවරණයක් තරමටම  එරට ජනතාව ගේ අවධානය ඒ සඳහා යොමු වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මේ තාක් පැවැති මධ්‍ය කාලීන මැතිවරණ අතරින් මෙතරම් උනන්දුවක් දක්නට ලැබුණේ මෙම මැතිවරණයේ දී බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මධ්‍ය කාලීන මැතිවරණය පැවැත්වෙන්නේ ජනාධිපතිවරයාගේ වසර හතරක නිල කාලයෙන් වසර දෙකක් ගෙවී යන විට වන අතර අමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් සහ සෙනෙට් සභාවේ ආසන 100ක් අතුරින් ආසන 35 මෙන්ම ප්‍රාන්ත 36ක ආණ්ඩුකාරවරුන් පත් කර ගැනීම වෙනුවෙන් මෙම මැතිවරණය පැවැත්වේ. ඒ අනුව එහි පාලනය හිමි කර ගැනීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉදිරි වසර 2හි පාලනයට අතිශය වැදගත් වනු ඇත.

 

Comments