අඳුරු වූ පෙමක සොඳුරු සටහනක් | සිළුමිණ

අඳුරු වූ පෙමක සොඳුරු සටහනක්

සිනමා නළුවකු මෙන් ම ‍ගායකයකු ද වන ජස්ටින් ටිම්බර්ලේක් තම ජීවිතයේ වැදගත් සිදුවීම් එක් කර ග්‍රන්ථයක් ලියා ප්‍රකාශයට පත් කර තිබෙනවා. Hindsight: And All the things I can’t see in Front of me’ යනුවෙනුයි. එම ග්‍රන්ථය නම් කර තිබෙන්නේ.

ටිම්බර්ලේක් එහි සඳහන් කරන්නේ ඔහු විසින් ලියන ලද සුපිරි ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් ගැයූ ‘Cry me a River’ ගීතය තම ජීවිතයේ අමතක නොවන නිර්මාණයක් බවයි. ඔහුගේ මතකයෙන් එය බැහැර නොයන්නේ එම ගීතය ඔහු ලියා ඇත්තේ බ්‍රිට්නිගේ ඇසුරෙන් වෙන් වී පැය දෙකකින් පසුව නිසයි. ටිම්බර්ලේක් - බ්‍රිට්නිගේ ආදරය ඇරැඹී ඇත්තේ 1998 දීයි. 2002 දී දෙදෙනා වෙන් වුණා.

මෙම ගීතය 2002 දී අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. විශේෂයෙන් ම ඒ ජනප්‍රියත්වයට බලපෑවේ ටිම්බර්ලේක්, බ්‍රිට්නිගෙන් වෙන්වීමේ සිද්ධියයි. ටිම්බර්ලේක් ලියූ මේ ග්‍රන්ථය නිකුත් වුණේ පසුගිය 30 දායි. මෙහි, ටිම්බර්ලේක් සහ ඔහුගේ බිරිය (ජනප්‍රිය නිළි ජෙසිකා බිල්) ගේ පෙම් කතාව සහ ඔවුන් දෙදෙනාගේ විවාහ දිවිය ගැන තොරතුරු ඇතුළත් වෙනවා.

ටිම්බර්ලේක් - ජෙසිකා යුග දිවි ගමන් ඇරැඹුවේ 2012 ඔක්තෝබර් මාසයේදීයි. දැන් ඔවුන් දෙදෙනාට තුන් හැවිරිදි පුත්‍ර‍යකු සිටිනවා.

 

Comments