සොනාලි බෙන්ඩ්‍රේට නීරෝගි සුවය පතයි | සිළුමිණ

සොනාලි බෙන්ඩ්‍රේට නීරෝගි සුවය පතයි

රසික රසිකාවියන්ගේ ආදරය නොඅඩුව හිමිකරගත් ජනප්‍රිය නිළි සොනාලි බෙන්ඩ්‍රේ මේ වනවිට පසුවන්නේ රෝගී තත්ත්වයකින් බව කවුරුත් දන්නවා. ඇය පීඩා විඳින්නේ පිළිකා රෝගයෙන්. ඇගේ සැමියා වන චිත්‍රපට නිෂ්පාදක ගෝල්ඩී හෙල් සහ පුංචි පුතු රන්වීර් සමඟ වරින්වර ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණෙනවා. ඒ, සොනාලිට වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු නිසා.

සොනාලි, නිව්යෝක් නුවරට පැමිණි බොහෝ අවස්ථාවලදී බොලිවුඩ්පුරයේ හිතවතුන්, හිතවතියන් කිහිප දෙනකුම ඇගේ සුව දුක් විමසා බලන්න පැමිණියා. මේ හිතවත් පිරිස නිවාඩු ගත කිරීමට හෝ වෙනත් කටයුතුවලට නිව්යෝක් නුවරට පැමිණි විටදීයි සොනාලිව හමුවුණේ. ප්‍රියංකා චොප්රා, නීතුසිං, රිෂි කපූර්, සුසේන් ඛාන්, අනුපම් ඛෙයර් වැනි නළු නිළියන් ඒ අයුරින් සොනාලිගේ රෝගී තත්ත්වය විමසා ඇයට නිරෝගී සුවය පැතුවා.

පසුගියදා සොනාලිව බලන්න පැමිණ සිටියේ තවත් ජනප්‍රිය නිළියක වන ශිරෝද්කාර්, සොනාලිගේ සෞඛ්‍ය තත්ත්වය ඇය සමඟ කතා කළ පැවසුවේ දැඩි ආත්ම ශක්තියකින් යුතු සොනාලිට ඉක්මන් සුවය ලැබෙනු ඇති බවයි. නිව්යෝක් පැමිණ සිටියේ ඇගේ සැමියා, මහේෂ් බාබු සහ ගෞතම්, සිතාරා යන දූ දරුවන් ද සමඟ නිවාඩුවක් ගත කරන්නයි‍. “අපි සොනාලිත් එක්ක හරිම සතුටෙන් පැය කීපයක් ගත කළා. සොනාලිට හොඳ ශක්තියක් තියෙනවා. එයා ඉක්මණින් ම සනීප වේවි. නිව්යෝක්වලින් යන්න කලින් අපි ආයෙමත් සොනාලිව බලන්න එනවා” සිය මිතුරියව මුණ ගැසීමෙන් පසුව පැවසුවා.

 

Comments