හුන්ඩායි Grand i10 රථයේ මෙරට අලෙවිය 500 ඉක්මවයි | සිළුමිණ

හුන්ඩායි Grand i10 රථයේ මෙරට අලෙවිය 500 ඉක්මවයි

4 speed tiptronic transmission සහ torque converter සහිත මෙම කාණ්ඩයේ එකම රථය හුන්ඩායි Grand i10 රථයයි

honestjohn.co.uk වෙබ් අඩවිය මගින් එක්සත් රාජධානියේ ජනප්‍රියම මෝටර් රථය ලෙස ද නම්කර ඇත.

යුරෝපීය ප්‍රමිතීන්ට ගැළපෙන ආකාරයට නිෂ්පාදනය කර ඇති, අතිනවීන තාක්ෂණයෙන් යුත් රථයක් වන හුන්ඩායි Grand i10 රථ 500 ක් දැනටමත් මෙරට තුළ අලෙවි වී තිබේ. හුන්ඩායි රථවාහන සඳහා මෙරට නිල නියෝජිතයන් වන හුන්ඩායි ලංකා (පුද්) සමාගම මෑතක දී එම සන්ධිස්ථානය සැමරීමට කටයුතු කළේ ය.

වේග හතරේ ටිප්ට්‍රොනික් ගියර පද්ධතිය සහිත, දොර 5 හැච්බැක් වර්ගයේ රථයක් වන හුන්ඩායි Grand i10 හි ඇති 1 litre Kappa එන්ජිම ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවක් සමගින් ඉහළම ක්‍රියාකාරීත්වයක් ලබාදීමට සමත් එන්ජිමකි. 5 දෙනෙකුට පහසුවෙන් අසුන්ගත හැකි Grand i10 හි බඳ, ආරක්ෂාව සහතික වන පරිදි ශක්තිමත් ලෙස නිමවා තිබේ. පසුපස මගීන් සඳහා වායුසමීකරණ කවුළු මෙන්ම Anti-lock Braking System (ABS&), Dual airbags, 4-speaker surround sound system iy iPhone and Android connectivity ඇතුළු විශේෂාංග රාශියක්ද මෙහි ඇතුළත් ය.

Comments